පිටිපස්සේ කට්ටියගේ සද්දයක් නැති තැන මම බැලුවේ කට්ටිය මොකද කියලා.
හනාව එයාගෙ පපුවට තුරුල් කරගෙන ටේ නිදි. ඒ දෙන්නා හරිම perfect. මම දකින ලස්සනම ආදරනීයම වගේම වාසනාවන්තම කපල් එක ❤️
සෙනා ඔන්නි... ඔන්නි ජිමිනිගේ උරහිසට ඔලුව තියාගෙන නිදි. ජිමින් ඔන්නගේ ඔලුවට ඔලුව තියාගෙන නිදි.. ලස්සනයි. මට දුකක් දැනුනා. ඒත් මට සතුටුයි. ගොඩක්.. ලගදිම ඒ දෙන්නා එකිනෙකාට ආදරේ කරයි ටේ හනා වගේ.. ❤️
එයාලා කොච්චර වාසනාවන්තයිද.. තමන් ආදරේ කරන අයගේ ලගට වෙලා ඒ උනුහුමට තුරුල් වෙලා ඉන්න තරම්.. ඒත් මම.. හැමදාම වගේ තනියම.. අද මගේ ලග ඉන්නේ ජුන්කුක් විතරයි. එයා යාලුවා විදිහට මගේ අතින් අල්ලන් ඉන්න එක මට මෙච්චර වටිනවා නම් ජීවිතේ එක පාරක් ජිමින්ගේ උනුහුම ලබන්න තිබුන නම් මට ඒක මගේ මුලු ජීවිත කාලෙම මතක් කරලා සතුටු වෙන්න පුලුවන් වෙයි..
මම පිටිපස්සට හැරිලා එයාලා දිහා බලාගෙන ගොඩක් දේවල් කල්පනා කරා. ජුන්කුක් එයාගේ අතේ උනුහුමට ගුලි වෙලා තිබුන මගේ අත ටිකක් තද කරාම මම ඉස්සරහට හැරුනා. මුකුත් නොකිය මම හිනාවකින්ම ඉස්සරහ බලාගත්තා.
මිනූ - එයාලා හරි ශෝයි නේද ජුන්කුක් 🙂
ජුන්කුක් - හ්ම්
මිනූ - මමත් ඉස්සරහ ආසාවෙන් හිටියා මම ආදරේ කරන මට ආදරේ කරන කෙනා එක්ක ඔහොම ඉන්න 🙂❤️
ජුන්කුක් - ඔයාට එයාගෙන් එහාට කෙනෙක් ගැන හිතන්න පුලුවන් වෙයි මිනූ.. එතකන් ඉන්න
මිනූ - ඔයා එහෙම හිතනවද 🙂
ජුන්කුක් - අනිවාරෙන්ම 😌
මිනූ - ඒත් ජු...
මම කියන්න ගිය එක නැවතුනේ ජුන්කුක් කතා කරපු නිසා..
ජුන්කුක් - ෂ් දැන් මේ කතාව ඇති හොදද.. නැත්තන් ඔයා ආය මූන එල්ලගන්නවා
මිනූ - අනේ මම එහෙම නෑ අනේ 🤧
ජුන්කුක් - නැත්තේ මොකද මුලු දවසම බලන් ඉන්න ඕනි මූන එල්ලන් ඉද්දි මම කොහොමද සතුටින් ඉන්නේ 🙄
මොකක්ද එයා ඒ කිව්වේ...😶
මිනූ - ඔයා ඇයි දවසම මගේ දිහා බලන් ඉන්නේ 😶
YOU ARE READING
Love Me Too || JJK
Fanfictionආදරය... තුන් කොන් ආදරයක්.. මම ඔහුට ආදරය කල නමුත් ඔහු ඇයට ආදරය කරනවා... මේ හැමදේම මැදින් කෙනෙක් මට ආදරේ කරනවා... ඒ ආදරේ වෙනස්... හිත් රිදීම් පසු තැවීම් මැද්දෙ උනත් ආදරේ කරද්දි ඒ ආදරේ ලස්සනයි... . . . . . G × B lv story