ජුන්කුක් මම එයාට උත්තරයක් දෙනකන් බලන් ඉන්න නිසා මම කතා කරා
මිනූ - ඔයා දන්නවනේ ජුන්කුක් මම ජිමින්ගෙන් එහාට කෙනෙක් ගැන හිතන් නෑ කියලා 🙂
ජුන්කුක් - මම දන්නවා මිනූ. මට තේරෙනවා. මොකද මටත් තියෙන්නේ ඔයාගේ වගේ ආදරයක්.
මිනූ - හ්ම්.. අපි දිගටම ඉමු. යාලුවෝ විදිහට
ජුන්කුක් - ඔව් දැනට.. ඒත් ඔයා මේ ගැන පස්සෙ හිතන්න.
මිනූ - හ්ම්...
මම දැනන් හිටියා ජුන්කුක් මට කැමතී කියලා. එයාට නොතේරුනාට ඒ ඇස්වල තිබ්බ බැල්මෙන් මට තේරුම් ගන්න පුලුවන් උනා ඒක යාලුකමට එහා දෙයක් කියලා. මට එයාව යාලුවෙක් විතරයි. නොලැබුනා උනත් ජිමින්ට දුන්න ආදරේ මට එතනින් එහාට කෙනෙක්ට දෙන්න බෑ.
ජුන්කුක් - ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ
මිනූ - ආහ් ඒක.. ඒක මම පස්සේ කියන්නම්
මම ඔහේ බලාගෙන ගොඩක් දේ කල්පනා කරා. මේ ජීවිතේ වෙලාවකට හරිම විකාරයි. අහිමි බව දැන දැනත් අසීමාන්තිකව ආදරේ කරනවා. ඒ ඒකපාර්ශවික බැදීම නිසා දැනෙන වේදනාව මට වචන කරන්න තේරෙන් නෑ.
"මොකද දෙන්නා මෙතන කරන්නේ?"
මම ගැස්සුනේ ඒ කටහඩට. ජිමින් ඇවිල්ලා. එයාව දකින එයා මට ලන් වෙන හැමවෙලේම මගේ පපුව කියාගන්න බැරි තරම් වේගෙකින් ගැහෙද්දි මම ඒ හිතට දැනෙන කලබල ගතිය නැති කරගන්න ගොඩක් උත්සාහ කරනවා. සමහරවිට ජිමින් මගේ උනා නම් ඒ හදවතේ ගැස්ම මීට වඩා අඩු වෙන්න පුලුවන්. ජුන්කුක් මගේ අත තවත් තද කරලා අල්ලගත්තේ කලබල වෙන්න එපා කියලද නැත්තන් මං එයාගේ කියලා අයිතිවාසිකම් කියන්නද කියලා මට තේරුන් නෑ..
ජුන්කුක් - මුකුත් නෑ බන්. පොඩ්ඩක් කතා කර කර හිටියා
ජිමින් - මිනූ..
මට තේරුනා ජිමින් මගේ දිහා බලනවා කියලා. මම බිම බලාගත්තේ හැගීම් දාහක් එක්ක පොරබදින මගේ හිතට ඒ බැල්ම තවත් වදකාරී වෙන නිසා.
ඒත් උනේ මම නොහිතපු දෙයක්. ජිමින් මගේ නිකටෙන් අල්ලලා මගේ මූන එයාගේ දිහාවට හරවගත්තා.
YOU ARE READING
Love Me Too || JJK
Fanfictionආදරය... තුන් කොන් ආදරයක්.. මම ඔහුට ආදරය කල නමුත් ඔහු ඇයට ආදරය කරනවා... මේ හැමදේම මැදින් කෙනෙක් මට ආදරේ කරනවා... ඒ ආදරේ වෙනස්... හිත් රිදීම් පසු තැවීම් මැද්දෙ උනත් ආදරේ කරද්දි ඒ ආදරේ ලස්සනයි... . . . . . G × B lv story