#20220207

174 36 6
                                    

මැරෙන්න බයයි ද?

මම බයයි..

ඒත් මම බය නෑ..

______________

දන්නවද මම දැන් ඉන්නෙත් මළ ගෙදරක. අවුරුදු 90 ක් සීයා කෙනෙක්ගේ මළ ගෙදරක.

ඒ සීයා ගොඩක් පොහොසත්. මාළිගාවක් වගේ ගෙදරක මැරෙනකම් ම රජ සැප වින්ද කෙනෙක්. ඒත්...

එයා අරන් ගියේ එයාව ඔතපු සුදු රෙදි කඩක් විතරයි....

ඒ ඇයි දන්නවද?

මිනිස්සු සල්ලි පස්සේ පන්නන කොට ජීවිතය මග හැරෙනවා.

අන්තිමට සල්ලි හොයාගෙන ඉවර වෙනකොට ජීවිතයේ හොදම කාලේ ඉවර වෙනවා..

අපි මොකක්ද කරන්න ඕන?

ඒ ගමන් මාර්ගය තුළ මිනිස්සු හම්බ කළොත් අඩුම තරමින් මේ ලෝකෙන් යද්දී අපි ගැන හොයලා බලන්න කවුරුහරි ඉදී...

සීයා නැති වෙනකොටත් මම එයාලගේ ගෙදර හිටියේ. කොච්චර පොහොසත් උනත් අන්තිම මොහොතේ එයා සතුටින් හිටියා. තමන්ගේ ළමයි වට කරගෙන මුනුබුරු මිණිබිරියෝ ළග තියාගෙන එයා නැති උනේ.

මරණය ආරංචි උනාම දන්නෙවත් නැති ගොඩක් අය එයාව බලන්න ආවා.. එයා ගැන හොද කිව්වා.

ඒ වගේ ම දුක් විදින්නේ නැතුව මැරුණ එකට අවංකව සතුටු උනා.

මට තාම තේරෙන්නේ නෑ..

මිනිස්සු ඇයි මේ තරම් බොළද කියලා?

ජීවිතය කියන්නේ සල්ලි කියලා හිතුවාට , අපි ඒවා අරන් යන්නේ නෑ නේද කියලා මතක් උනා නම්?

කවදාවත් සල්ලි හොයන්න මහන්සි වෙලා ජීවිතය විදින එක නවත්තන්න එපා...

අඩුම තරමින් අපේ මරණය උස්සගෙන යන්නවත් මිනිස්සු හොයා ගන්න...

_________

මිනිසුන් අතර මිනිසෙක් වෙන්න...

දන්නවද ජීවිතය හා මරණය අතර මෙවන් සංවාදයක් පැවතියා..

එක මොහොතක ජීවිතය, මාරයාගෙන් මෙසේ ඇසුවේ කුතුහලය නිසාමයි...

+ ඔයා දන්නවද මිනිස්සු ඇයි මට මෙච්චර ආදරේ කරමින් ඔයාට වෛර කරන්නේ කියලා?!

මරණය( මාරයා) මෙහෙම උත්තරයක් දුන්නා...

- දන්නවද මිනිස්සු දන්නේ නෑ ඔයා ලස්සන බොරුවක් වගේම... මම වේදනාකාරී ඇත්තක් කියලා!

#තේරුම්ගන්නලොකුතේරුමක්තියේවී
#හොයාගන්න
#ඔයාටපුළුවන්

බාදුරා_මල❤️

හිතලු 🎭Where stories live. Discover now