#20220310

142 32 6
                                    

උඹේ දුක උඹට...

උඹ දුකින් ඉද්දී කෙනෙක් එනවා උඹෙන් දුක අහන්න

ඒ කෙනා උඹේ හිත හදනවා

පහුවෙනිදා ඉදන් ඒ කෙනාත් වෙනස් වෙනවා

ඒ නිසයි මම මුලින්ම කිව්වේ..

මුල් වාක්‍ය ආපහු කියවන්න !!

__උපුටාගැනීමකි__

කාලෙකට පස්සේ දෙයක් කියන්න හිතුනා.අද බස් එක එනකම් හෝල්ට් එකට වෙලා ඉද්දී අපේ පන්තියේ ළමයි දෙන්නෙක් පිස්සො වගේ රණ්ඩු වෙවී දගල දගල හිටියා.

එකෙක් කිව්වා "උඹ දැන් අලුත් යාළුවෝ හදාගෙන නේ ඉතින් පලයං උන් ළගටම" කියලා

අනිකා කිව්වා "මම එහෙම කරන්නේ නෑ බං.. අර මම උඹට කිව්ව අලුත් යාළුවා ඒ. ඒකි පට්ට හොඳයි බං! "

දෙන්නාගේ රණ්ඩුවෙන් එක්කෙනෙක් අලුත් යාළුවා ළගට යද්දී මම කිට්ටු උනේ අනිකා ළගට.

"මොකද බං පාරේ රණ්ඩු කරන්නේ ? මොකක්ද.... කිව්වේ?"

මම අහද්දි ඒකි කිව්වෙ අලුත් යාළුවෝ හොයාගෙන ඒකිට දැන් මාව වැඩක් නෑ කියලා

මට තනියම හිනා ගියා..

එකොළහ වසර අන්තිම වෙනකම් මගේ හොදම යාළුවාගේ සුපර් ස්ටාර් බස් එක එනකම් මම මගේ බස් දෙකක් මග හැරලා ඒකි එක්ක ඉන්නවා.

එදා මමත් ඔය විදියට මුරණ්ඩු වෙලා කිව්වෙ මම ඒකිව කාටවත් දෙන්නෙ නෑ ඒකි මගේ යාළුවා විතරයි කියලා.

ඒත් අද දවසකට විනාඩි පහක් අපිට කතා කරන්න බැරි උනා. තට්ටු දෙකක , පන්ති දෙකක , අනික් යාළුවෝ එක්ක මමයි ඒකියි කතා කරන්නෙම නැති තරම්...

ඒත් මම බස් හෝල්ට් එකේ මගේ බස් එක එනකම් ඉන්නවා..

මට කියන්න ඕන උනා..

" සමහර යාළුකම් පටන් ගත්ත මුල් කාලේ ඉදන් ඒ විදිහටම තිබුනා නම් අපි මැරෙන කමුත් උන් ඉදීවි බං අපි ළගින්.. ඉතිං මොකටද රණ්ඩු වෙන්නේ කියලා?"

ඒත් ඊට කලින් මගේ බස් එක ආවා..

හැබැයි මම හිතනවා..

සමහර යාළුකම්.. හැමදාටම මිරිගුවක්ම විතරයි කියලා..

ඉතින් මම ආයෙමත් අහනවා

මම කිව්ව දේ ඇත්තටම වැරදිද?

BYE ❤️

_Aathika_

හිතලු 🎭Where stories live. Discover now