අද මාතෘකාව දේශපාලනයයි...
ආරම්භය ගන්නෙ ඇරිස්ටෝටල්ගෙන් ද නැත්තම් ලෙනින්ගෙන්ද?
නැ ඒක කවදත් ඇරබුනෙ මිනිස්සුන්ගෙන්..
පාලනයට එහා ගිය කුමන්ත්‍රණයක් නැත්තම් අභිමතයක් ..
ශ්‍රී ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයට පත් වූ නව ජනාධිපතිවරයා..
ජනතා මනාපය
ජනතා අභිමතය
ඉන් එහා ගිය ජනතාවගෙ බලාපොරොත්තුව..
සමහරු කිව්වෙම කරන්න පුලුවන් මොනවාද කියලා .. ඒත් මම ඇහුවොත් නොකරන්න බැරි මොනාද කියලා ?
විධායක ජනාධිපති ධූරය වටා ගෙතුනු අසීමාන්තික බලයට ලෝබ කරන 39ක් !!
යමෙකු පැවසුවේ විධායක ජනාධිපති ධූරයට නොහැකි ගැහැනිය පිරිමියෙක් කිරීමටත් පිරිමියෙක් ගැහැනියක් කිරීමටත් පමනක් බව...ඉතින් මේ මැතිවරණය සමාවෙන්න ජනාධිපතිවරණය ඇතුලෙ බල තන්හාවෙන් 39ක් තරග වැදුන එක අහන්නත් දෙයක්ද?
පිටු ගනන් ,මාතෘකා ගනන් ඉගෙන ගන්න තියරි ,නීති ,ව්‍යවස්ථා , අණ පනත් සියල්ලම ගත්තොත් ඔක්කොටම වඩා ඉහලින් ජනතාව නැගී සිටිය යුතුයි. නීතිය නිර්මාණය කරන්නෙ ජනතාවට නම් නිර්මාණය විය යුත්තෙත් ජනතාවටයි..
ඉතින් පාලනය ගොඩ නැගෙනුයේ ජනතාව උදෙසා ජනතාව තුලින් බව මතක තබාගත යුතුයි..
විටෙක ව්‍යාපාරයක් ,විටෙක සෙල්ලමක්, විටෙක තරගයක් ,බල තන්හාවක්, පාලනයේ තක්සලාවක් වන දේශපාලනය මිලියන ගනන් මිනිසුන්ගේ බලාපොරොත්තු තුලින් ගොඩ නැගෙනු ඇත...
#Content no 1:
බලාගෙන ඉන්න තව මාස් 6කින් මෙයත් ඉවරයි..
ආයෙනම් කවදාවත් අරයා වගේ කෙනෙක් ඇවිත් 2022 වගේම අරගලයක් උනාම වැටුනු රට ගොඩගන්නෙ නෑ .
අපෙ මිනිස්සුන්ට කෙලෙහිගුනය නෑ.අබලන් උන රට ගොඩගත්ත එකාට ඡන්දයක් දෙන්න බෑනෙ මුන්ට..
දැන් මුන් ඇවිල්ලත් කරන්නෙ නෑ. තිබ්බ රටත් ඉවරයි. භීෂණයක් අරගෙන එයි ඔක්කොටම මොලේ පෑදෙන්න..