#20231020

66 17 1
                                    

"මට ඔයා එක්ක කතා කරන්න හරි ආසාවෙන් හිටියේ"

" ඔයා මම හිතුවට වඩා වෙනස් නෙ..හරිම ගුප්තයි මම ආස කලේ මෙහෙම චරිතයකට "

" ඔයා හරි කම්ෆටර්බල් නංගි. මට අනික් අය එක්ක ඉන්නවට වඩා ඔයා එක්ක කතා කරන්න ආසයි "

මිනිස්සු තුන්දෙනෙක්..මාව එකාකාරයට මැන්නා. මම නිහඩයි.ඒක වැරදියි. මාව දන්න උන් කිව්වෙම පිස්සු ඩයල් එකක් කියලා. තව උන් කිව්වා උඹ නිශ්ශබ්දයි කියලා. ඒත් අතර මේ තුන්දෙනා කිව්වෙ වෙනම කතාවක්.
මම ක්ලාස් එකේ හැමදාම ඉන්නේ පළවෙනි ඩෙස්ක් වල. ලොකුකමට අන්තිම පේලියේ කියලා පඩ ශෝ නෑ. මම ඉන්නෙ ඉස්සරහම
.වටේ පිටේ අවධානය ගන්නෙ නැතුව පාඩම අහන් ඉන්න ඉස්සරහ ඉන්නම ඕන නැත්තම් මට පාඩම මොලේට යන්නෙ නෑ.

ඔය පළවෙනියට කිව්ව කෙනා මං හැමදාම ඉස්සරහම ඉන්න නිසා මගේ නෝට් අරන් කියෙව්වා.. මගේ අවධානය ගන්න හැමවෙලේම කතාකරන්න උත්සාහ කලා.. ලොකුකම නැතුව කතා කරාම එයා කිව්වේ ඕක. මට සෙලිබ්‍රිටි ෆීලින් එකක් එක්ක මං ගැන ලොකුවට කතා කරා.

දෙවනියා නපුරුයි. මම ආස නැති චරිතයක්. හොද හෝ නරක මූණ දැක්කම කතා කරන්න නොහිතෙන චරිතයක්. නැති සීමා මවාගෙන මම එයා එක්ක කතා කරාම එයා කිව්වේ මම ගුප්තයි කියලා. වෙන්න පුළුවන් මාව තේරුම් ගන්න තාම මටවත් බැරි උනානෙ.

තුන්වෙනියා අද ක්ලාස් එකේ සෙකන්ඩ් ශයි කරන්න ආපු අක්කා කෙනෙක්. මට වඩා අත්දැකීම් බහුලයි වෙන්න ඇති. එයා හරි කුලෑටි චරිතයක්. එහෙම කිව්වෙ වැරදියට නෙවෙයි එයා යාළුවො හොයාගත්තෙ නෑ. ඉතින් මාත් එක්ක කතා කරාම මම හරි සතුටින් එයා එක්ක කතා කළා. ඉතින් එයා කියපු උත්තරේ අනුව මම කම්ෆටර්බල් සෝන් එකක්. මට සතුටුයි.

මම කියන්න හැදුවේ ඒක නෙවෙයි. ඇයි මිනිස්සු තමන්ට මෙච්චර චරිත ආරෝපණය කරගන්නෙ..මම මමමයි කියන ගොඩක් උන්ගෙන් හැමෝම චරිත කිහිපයක අයිතිකාරයෙක්. හැමදාම ලොකුකම් කිව්වට මමත් එහෙමයි. මිනිස්සු බලලා චරිත සහතික දෙන්න හොඳ නෑ.

"ඊව් අම්මා මට ඒකි එක්ක කතා කරන්නවත් හිතුනෙ නෑ"

" එහෙම කියන්න එපා චූටි. හැම කෙනාම එකවගේ නෑ. ඔයා ඔයාම වෙන්නේ හරි ස්වල්ප වෙලාවට. මම දන්න තරමින් ඔයා ගැන මිනිස්සු ඔහොම හිතුවොත් හරි නරකයි නෙ. ඒ නිසා මිනිස්සු පිටින් මැනලා චරිතය ලියන්න එපා.. ඉන්න ටික කාලෙ හැමෝටම එක විදිහට සලකන්න ඒ ඇති"

අම්මා කිව්වට මම එහෙම කරයිද කියලා මම දන්නේ නෑ. සමහරවිට මිනිස්සු චරිත දාහක එකතුවක් කියන්නේ ඒ නිසා වෙන්න ඇති. මනෝ විද්‍යාව ඉගෙනගත්තේ නැති උනාට අපි මිනිස්සු විදිහට හැමෝටම එකට සලකන්නම ඕනෙලු. මම හිතන්නේ ඒක ලොකු පාඩමක්.

අපිට අපි වෙන්න බැරි උනාට මොකද මිනිස්සු දාහක් එන යන මේ ජීවිතේ හැමෝම එක්ක හොදින් හරි නරකින් හරි ඉදලා අපි කරන්නෙ අන්තිම මොහොත වෙනකම් මතක එකතු කරගන්න එක නේද?  වෙන්න ඇති. මිනිස්සු තව කෙනෙකුට හොදින් සලකන තාක්කල් හොදින් ඉන්න. චරිත වෙනස්!!

හිතලු 🎭Where stories live. Discover now