💝Soyeon pov💝
💝අනේ කොහෙද මාව එක්කන් යන්නෙ කියන්නකෝ......
🐯ගියාම බලන්නකෝ ඔයා කැමති වෙයි.
💝හැමදාම මාව පුදුම කරන්නේ... මං පව් කියලා හිතෙන්නෙ නැද්ද??? මෙහෙම ගියොත් මං මැරෙන්නේ කුතුහලය වැඩි වෙලා.. 🥲
🐯මොනාද මැණික.. මං හැමදාම කියනවා නේ ඔය මැරෙන කතා කියන්න එපා කියලා.. 😑
💝ඉතිං මං විහිළුවට නෙ කිව්වෙ පැටියෝ.. 🥺
🐯විහිළුවටවත් ආයේ එහෙම කියන්න එපා. ඔයා නැති උනොත් මං වෙනස්ම කෙනෙක් වෙයි.. ඒ කෙනාට ඔයාවත් කැමති නැති වෙයි.
💝අරස්සෝ අරස්සෝ.. මාව දුම් ගහලා එලෙව්වත් මං ඔයාව දාලා යන්නෙ නෑ.
🐯එක ගොඩක් හොඳයි.. නැත්තම්-
💝හරි හරි හරිඊඊඊඊ....
🐯අපි තැනට ආවා.. දැන් බහින්න.
ටේ එහෙම කියනවත් එක්කම මං බැලුවෙ අපි කොහෙටද ආවේ කියලා..
💝ශා වාව්...!!! ඔයාට මතක තිබ්බ නේ මං නම්සන් යන්න ආසයි කියපු එක??🥺
🐯ඒක ඉතිං මං නැතුව වෙන කව්රු මතක තියාගන්න ද??? 😂
💝ඕනෙනම් ඉතිං ඒකට මං තව කෙනෙක්ව හොයාගන්නං.
🐯ආ...!!?? ඒක ගැන හිතන්නවත් එපා.. ඔයා මගේ විතරයි.. මගේම විතරයි. Tae's property.
💝අම්මෝ ඒ කියපු විදියටනම් බයට මයිලුත් කෙලින් උනා.. 🥲
🐯එහෙනම් එන්න අපි බය නැති වෙන්න උඩට යමු..
ටේයි මායි දෙන්නම නම්සන් ටවර් එක උඩට ගියා..එතනට Seoul නගරයම ලස්සනට පේනවා.. මට සතුට වැඩි කමට ඇඬෙන්නත් පටන් ගත්තා...
🐯අනේ සෝයොන් මැණික.. ඇයි අඬන්නේ?? ඔයා මෙතනට කැමති නැද්ද?? එහෙනම් අපි මෙතනින් යමු.
💝අනි.. මට ඇඬෙන්නෙ සතුට වැඩි කමට. ඔයා හිටියෙ නැත්තම් මට මොනා වෙයිද..??? ඔයාව හම්බෙන්න මං ගොඩක් පිං කරලා තියෙන්න ඇති.
🐯අනේ මගේ පිස්සු කෙල්ල.. මාව හම්බෙන්න ඔයා පිං කරලා තියෙනවා කියලා ඔයාට හිතුනට මට හිතෙන්නෙ නං ඔයා වගේ කෙනෙක් හම්බෙන්න මං ගොඩක් පිං කරලා ඇති කියලා..
ටේ එහෙම කියලා ඉවර වෙනවත් එක්කම එයාට කෝල් එකක් ආපු නිසා එයා එතනින් එහාට ගියා. ටික වෙලාවකින් එයා ආයේ මං ඉන්න තැනට ආවා.. දැන්නම් රෑ 12ත් කිට්ටුයි.. ඒ නිසා ද කොහෙදෝ, මට සීතලක් දැනුනා..
🐯සීතලයි ද?? එන්න මං ගාවට..
ටේ මාව එයාගේ ළඟට ඇදල අරං මාව බැක් හග් කරන විදියට එයාගේ jacket එක අස්සට අරං මාව බදා ගත්තා..
💝දැන්නම් රස්නෙයි වගේ.. 😅
🐯එහෙනම් ඔහොමම ඇස් වහන්නකෝ..
💝ඒ ඇයි ඒ??
🐯වහන්නකෝ කිව්වම... ඔහොම්මම ඉන්න.. මං කියනකන් ඇස් අරින්න එපා.. හනා...... දුල්....... සෙත්...... හරි දැන් ඇස් අරින්න.
මං ඇස් අරිද්දිම..
To be continued..
සෝයොන් ඇස් අරිද්දිම මොනාද වෙන්න ඇත්තේ බබාලා?? ඔයාලට හිතෙන දේ comment කරලා vote කරන්න..
Love you my hearties 😘💜
YOU ARE READING
°•♡Truth Untold♡•°(Completed)
Fanfictionඇයි මට මේ ගැන කලින් කිව්වෙ නැත්තේ?? කලින් කියලා තිබ්බනම් ඔයා මාත් එක්ක ඉඳියි ද??? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ලෝකයට දරුණු වෙලා..කෙනෙකුට පමණක් ආදරණීය ලෙස සලකන ආදරවන්තයෙක් තමා ලෝකය මෙන් සලකන ආදරවන්තයා.. තමාගෙන් යමක් සඟවන බව දැනුනත් එය කුමක්ද...