Chapter 9

312 39 1
                                    

💝Soyeon pov💝

මෙච්චර පාන්දර කොහෙද මෙයා යන්නෙ?? පාන්දර බඩගින්නක්වත් ඇවිත් ද දන්නේ නෑ.. ඒත් කෝල් එකකුත් ආවා නෙ.. ඒ නිසා යනවා වෙන්නත් පුළුවන්... කමක් නෑ ගිහින් බලලා, මොනාහරි කන්නනම් නැගිටලා තියෙන්නේ, කෑම හදලා දෙන්න ඕනෙ..
.
.
💕Author pov💕

සෝයොන් නැගිටලා ඇවිත් ටේ පස්සෙන් යද්දි තමා සෝයොන් දැක්කේ ටේ යන්නෙ කුස්සියට නෙවෙයි ගෙදරින් එලියට කියලා..

💝මෙච්චර රෑ වෙලා කොහෙද මෙයා කාර් එකත් නැතුව පයින් යන්නෙ.. ගිහින් බලනවද නැද්ද....?? කෝකටත් ගිහින් බලමු..

සෝයොන් දිගටම ටේව ෆලෝ කරා.. ඒත් එක පාරට ටේ එයාලගේ ගෙදර පාරේ තියෙන කව්රුත් යන්න තියා හිතන්නෙවත් නැති භයානක අතුරු පාරකට හැරුනා..

එතන shadow කියන මාෆියා බොස් එයාගේ වැඩ වලට තියන් ඉන්න තැනක්.. ඒ පාරේ shadowට ද්‍රෝහී උන මිනිස්සු වගේම තව එයා කියන දේවල් අහන්නේ නැති මිනිස්සු ගොඩක් මරලා දාලා තියෙනවා.. ඒ නිසා එතනට මිනිස්සු කව්රුත් යන්නෙ නෑ...

ඒත් ඒ පාරට ටේ ගියපු එක සෝයොන් ලොකු ප්‍රශ්නයක් උනා.. එයාගේ හිතට දැනුන අමුතු මූසල හැඟීම නිසා සෝයොන් හොරෙන්ම ටේ පස්සෙන් ගියා..😬

💝අනේ මං හිතන දේනම් වෙන්න එපා..😔

💝Soyeon pov💝

ටේ එතනට ගියාට පස්සෙ.. තව කළු ඇඳගත්තු මිනිස්සු කට්ටියක්‌ ගුටි කාලා වගේ පේන්න හිටිය මනුස්සයෙක්ව ඇදන් ආවා..

💝(රහසින්) මොකද්ද මේ වෙන්න යන්නෙ??🙁

💕Author pov💕

👤බොස් අපි මූව අල්ලාගත්තේ රටින් පැනලා යන්න යද්දි

🐯උඹ දන්නව නෙ මට බොරු කාරයොන්ව පේන්න බෑ කියලා.. ඇයි එහෙම කරේ මිනිහෝ..!!!

❓️අනේ බොස් මාව අතාරින්න.. මං පොරොන්දු වෙනවා ආයේ මගෙන් ඒ විදිය වැරද්දක් කවදාවත් වෙන්නෙ නෑ කියලා.. 🙇‍♂️

🐯තමුසෙ දන්නවනේ මේ shadow.ගාව චාන්ස් දෙකක් කිසිම කෙනෙක්ට නෑ කියලා!!

ටේ එහෙම කියලා අර මනුස්සයට නහයෙන් කටෙන් ලේ ඇවිත් මැරෙනකම් ගැහුවා.. මේ වෙච්ච හැම දෙයක්ම සෝයොන් හිතාගන්න බැරුව එක අතකින් එයාගේ කට තද කරල වහගෙන අනිත් අතෙන් බඩ අල්ලගෙන බලන් හිටියේ.. එයාට එතනින් යන්න ඕනෙ උනත් එයාගේ කකුල් හෙලවුනේවත් නෑ..

🐯මූටත් අනිත් එවුන්ට කරපු වැඩේම කරපල්ලා.. සෝයොන් නැගිටින්න කලින් මං ගෙදර ඉන්න ඕනෙ

👥ඕකේ බොස්!!

ටේයි අනිත් කට්ටියයි එතනින් යනකන් සෝයොන් හැංගිලා ඉඳලා.. හැමෝම එතනින් ගියපු ගමන් සෝයොන් පිස්සෙක් වගේ බඩත් අල්ලාගෙන පාරේ දුවන්න පටන් ගත්තා.. ගොඩක් පාන්දර නිසා පාරේ වාහන තිබ්බෙත් නෑ..

💝නෑ.. මං දැක්කේ බොරුවක්.... ඒක වෙන්න බෑ 😭 මට දැනුනා මොකක්ම හරි හොරයක් තියෙනවා කියලා.. ටේ මාව රවට්ටුව ද?? ඇයි එයා මට කිව්වෙ නැත්තේ එයා තමා shadow කියලා.. බය වෙන්න එපා පැටියෝ.. මං ඔයාට ඔයාගේ අප්පා නිසා කරදරයක් වෙන්න ඉඩ තියෙන්නේ නෑ..

සෝයොන් දුවන ගමන් බඩ දිහා බලන් එහෙම කියලා ඔලුව උස්සද්දිම එයා දැක්ක එයාගේ පැත්තට ලයිට් එළියක් එනවා.. ඒ වගේම ඒ එලිය ගොඩක් එයාගේ ළඟටම ඇවිත් තිබ්බේ.. ඒත් එක පාරටම..

To be continued..

සෝයොන්ට එක පාරටම මොකද්ද වෙන්න ඇත්තේ??

සෝයොන් ගෙදර නෑ කියලා ටේ දැනගත්තම මොනා වෙයිද??

ඔයාලට හිතෙන දේ comment කරලා vote කරන්නත් අමතක කරන්න එපා බබාලා..

Love you my hearties😘💜

°•♡Truth Untold♡•°(Completed)Where stories live. Discover now