🐷" ඔයාත් මෙතනින් ඉදගන්න සෝහා... ඔන්න ඔයාගේ කීමට මං මෙයාව ඔෆිස් එකෙන් අයින් කරනවා... " ජින් හියොං ඒම කියලා මං දිහා ආයේ රවලා බැලුවා... දෙයියනේ එතකොට මාව ජොබ් එකෙන් අයින් කරන්න කිව්වේ නූනද... ඒත් ඇයි... මං නූනට ආදරේ කරනවා තමයි... ඒත් ඒක තවමත් ඒකපාර්ශවික ආදර කතාවක්... මං නූනට මගේ අදහස ගැන තවම කියලා නෑ... මොකද මං එයා දිහා බලන හැම වෙලේම නූනා මට රවනවා... මං හයි ස්කූල් යන කාලේ ඉදලමයි නූනාට ආදරේ කරන්නේ... මං නූනව මුලින්ම දැක්කෙත් හයි ස්කූල් එකේදී... එදා ඉදන් අද වෙන්නකන් මං නූනට ගොඩක් ආදරේ කරනවා... ඒත් මාව ජොබ් එකෙන් අයින් කරන්න තරන් දෙයක් මං නූනටවත් හියොංටවත් කරලා නෑ... මං නූනා දිහා බලගෙනම හිත හිත ඉද්දි...
👩" මං දිහා බලලා ඉවරනම් දැන්වත් ඔප්පා කියන දේ අහන් ඉන්නවා... " නූනා මට රවලා සැරෙන් එහෙම කිව්වා...
🐷" ඒක මං කියනවට වඩා ඔයා කියන එක හොදයි සෝහා... " හියොං නූනට කියනකොට නූනා මං දිහා බලලා කටකොනින් හිනා වුනා... වෙන්න යන දේ මට තේරුනේ නැති නිසා මං දෙන්න දිහාම බලන් හීටියා... ඊට පස්සේ නූනා මට කතා කලා...
👩" නම්ජූන්... තමුන් හෙට ඉදන් ඔප්පා ළඟ වැඩ කරන්න බෑ... ඒ වගේම් දැන් තමුන් මං එක්ක් යන්න එන්න් ඕනේ... " නූනා මට කතා කලා ඔව් මේ අවුරුදු ගානටම නූනා මට මගේ නමින් කතා කරපු පළවෙනි වතාව මේ... ඒත් මට සතුටු වෙන්න බෑ... මොකද එයාලා මාව ජොබ් එකෙන් අයින් කරලා හේතුවක් නොකියම... නූනා පුටුවෙන් නැගිටිද්දිම මාත් නැගිට්ටේ ආයේ බැනුම් අහන්න වෙයි කියන බයට... මට හොදටම ඇඩුනා... මං ඉකි ගගාම නූනාගෙ පස්සෙන් ගියා... හොටෙල් එකේ වැඩ කරන අය වගේම කස්ටමස්ලත් මං දිහා බලන් ඉන්නවා ඒත් මට කිසිම ගානක් වුනේ නෑ ඒ ගැන...
👩" නගිනවා කාර් එකට... " නූනා ඒම කියලා කාර් එකේ ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වුනා... මාත් ඉස්සරහා පැසෙන්ජර් සීට් එකේ වාඩි වුනා... මොනා වුනත් මං ඔලුව ඉස්සුවේ නැත්තේ මගේ ඇස් වල තවමත් කදුලු පිරිලා තිබුන නිසා... ඒත් එක්කම එකපාරට නූනා මං ඉන්න පැත්තට බට වුනා... දැන්නම් අඩන එක කෙසේ වෙතත් මගේ හාට් එක ගැහෙනවා එකසිය ගානට... මං සීට් එකට හේත්තු වෙලා ඉක්මනට ඇස් පියාගත්තා... ඒත් ටිකකින් මට නූනගේ උණුසුම් නෑ කියලා දැනුන නිසා මං ඇස් ඇරලා බැලුවා... එතකොට නම් මට හිතුනා ඇයි මං නූනා දිහා බැලුවේ කියලා... එයා මං දිහා නෝන්ඩි විදියට හිනාවක් දාගෙන බලන් හිටියේ මං මෙතන වලක් කපන් වැලලුනා නම් සැපයි කියලා පෙන්නලා...
YOU ARE READING
💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)
Fanfictionනූනා මං ඔයාට ගොඩක් ආදරේ කරනවා... ඒත් මං කෝමද ඒක ඔයාට කියන්නේ... මං ඔයාගේ මල්ලිගේ යාලුවනේ... - kim namjoon ඇයි මට මේ කරදරකාර කොල්ලටම හිත ඇදිලා යන්නේ... ඒකා මොනා කලත් ඒ හුරතලේ දැක්කම මට සේරම අමතක වෙනවා... - park soha ✍️ aaro21