💕 14 💕

337 57 13
                                        









ඒත් ඉස්සරහටම ගිය සෝහා එතනම ගල් ගැහිලා වගේ නතර වුනේ එයා දැකපු දේ නිසා...

                     එතන හිටපු මැරයෝ ජූන්ගේ අතපය ගැටගහලා කසයකින් ගහනවා... ඒ අතරතුර

??" උබට කිව්වේ මේ කොල්වලට අත්සන් කරන්න කියලනේ කොල්ලෝ... උබ හරිම පන්ඩිතයි නේද... " එතන හිටපු තව එකෙක් ජූන්ගේ කොන්ඩෙන් අදින ගමන් එහෙම කියද්දි

🐨" උබ කියන පලියට ඔය කොළවල අත්සන් කරන්න මං පො&%$& කියලා හිතුවද බල්ලෝ... " ඒ කොළවල මොනාද තියෙන්නේ කියලා නොදන්නවා වුනත් ජූන් එයාගේ කොන්ඩේ ඇදපු එකා දිහා බලන් කියද්දි සෝහා එයාගේ කණ්ඩායමේ එයත් එක්ක ආව අයට අතින් සංඥාවක් දීලා ඉස්සරහට ගියා... ඒත් එක්කම එතන තිබුන කනුවකට මුවා වෙලා ජූන්ට ආපහු කසේකින් ගහන්න හදපු මනුස්සයගේ අතට වගේම එයා ළඟ හිටපු අනිත් කෙනාගේ කකුලටත් වෙඩි තිබ්බා...

👩" යටත් වෙනවා... " සොහා පිස්ටල් එකත් දික් කරගෙන ඉස්සරහට යද්දි ජූන් ළඟ හිටපු දෝවොන්ගේ ගෝලයෝ දෙන්න ලේ වැක්කෙරෙන අතයි කකුලයි එක්ක බය වෙලා බලන් හිටියේ මෙතනට කෝමටවත් පොලීයෙන් එන්න පුලුවන් කමක් නැති හින්දා... යුංගි ඇවිත් දෝවොන්ගේ ගෝලයෝ දෙන්නට හෑන්ඩ්කප් දාද්දී සෝහා ජූන්ව පුටුවේ බැඳලා තිබ්බ ලනු ටික ලෙහුවේ තවත් පරක්කු වෙන්න බැරි හින්දා... ජූන්ව ලෙහලා සෝහා එයාගේ පිටිපස්සෙන් ජූන්ව තියාගෙන දෝවොන්ගේ ගෝලයෝ දෙන්නවත් ඇදගෙන පඩිපෙළ නැගගෙන ලයිබ්‍රි එක ඇතුලට ආවා... ඒත් එතනින් එහාට යන්න බැරි වුනේ දෝවොන්ගේ තවත් ගෝලයෝ සෙට් එකක් සෝහාගේ කණ්ඩායම් වට කරගනිද්දි...

                       සෝහාගේ අණට පොලිස් ඔෆිසස්ලා හැමෝම තමන්ගේ ප්‍රතිවාදීන්ට වෙඩි තියන්න ගත්තම අතරින් පතර එහා මෙහා වුන උන්ඩයක් දෙකකින් පොලිසියේ අයවත් තුවාල කරන ගමන්... ඒත් හිතුවේවත් නැති විදියට දෝවොන්ගේ පිරිස වැඩි වෙද්දි සෝහා පසු බැස්සේ එයාට ආරක්ෂා කරන්න කෙනෙක් ඉන්නවා වගේම මේක දැනට එයාට අදාල නොවන දෙයක් හින්දා මෙතනින් පැනගන්න විදියක් තමයි එයා හොය හොයා හිටියේ... ඒක තේරුනා වගේ යුංගි සෝහාවයි ජූන්වයි කවර් කරගෙන තුවාල වෙලා වැටිලා හිටපු දෝවොන්ගේ ගෝලයෙක්වත් ඇදගෙනම එයාලා අපූ දෝවොන්ගේ මැන්ශන් එකේ පිටිපස්සට ආවා... යුංගි තාප්පෙට නැගලා දෝවොන්ගේ ගෝලයවත් අරගෙන බිමට දාලා සෝහට අත දුන්නේ එයාටත් උඩට එන්න සෝහා යුංගිගේ අත අල්ලගත්තත් සෝහාට ජූන්ව උඩට ගන්න බැරි වුනෙ එතනටත් දෝවොන්ගේ කට්ටිය ඇවිත් වෙඩි තියන්න ගත්ත හින්දා සෝහාට ජූන්ව අතහැරුනේ දෝවොන්ගේ ගෝලයින්ට ආපහු ජූන් කොටු වෙද්දී... යුංගි සෝහවයි දෝවොන්ගේ ගෝලයවයි ඇදගෙන කාර් එකට නැග්ගේ ආපහු කෝමහරි ඇවිත් ජූන්ව බේරගන්නවා කියන අධිශ්ටනෙන්...




 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin