chapter one.......

737 73 9
                                    

අගක් මුලක් හොයාගන්න බැරි සුදු පාට තීන්ත ගාපු උස බිත්ති වලින් වටවෙලා තිබ්බ ශාලාවේ තිබ්බ කලාකෘති zhan ට පෙනුනේ මොන්ටිසෝරි ළමයි ඇඳපු කුරුටු බලි ටිකකුයි එහෙන් මෙහෙන් තලලා පොඩි කරලා දාපු මැටි ගොඩවලුයි වගේ.zhan ගෙ මාමා එයාගේ campus එකේ ලමයි සංවිධානය කරපු මේ art exhibition එකට zhan ව ඇදගෙන ආවෙ බලෙන්මයි.බයික් රේස් මුළු ජිවිතේම කරගත්ත zhan ට නම් මේ වගේ දේවල් පේන්න බෑ.

"බෑම කියද්දී මාමා මේ ඉලව් exhibition එකට මාව මොනවාට ඇදගෙන ආවද මන්දා.බයික් එකක සද්දයක් තියා ඉදිකට්ටක් වැටෙන සද්දයක්වත් නෑ හරියට මලගෙදරක් වගේ.ෂික් අපරාදේ.අද රේස් එක තිබ්බෙ චරිත කියලා හිතාගෙන රඟන campus out වෙච්ච මීහරක් රැළක් එක්ක.මගෙ කොල්ලො සෙට් එක උන්ට හොඳ ගේමක් දෙන්න හිටියෙ.පව් මං නැති හින්දා උන් ටික මොනා කරගත්තද දන්නෑ.කෙහෙද ඉතිං මට එන්න වෙන්නෑ කියලා call එකක්වත් දාන්න හම්බුනේ නෑනේ.මාමා phone එක ඇදලා ගත්තනෙ.අනේ මන්දා මාමා හින්ද හොඳයි.ඇත්තමයි මට එන තරහට වෙන එකෙක්ට නං මං මෙලහකටත් දෙකක් ඇනලා." තරහෙන් පුපුර පුපුර එහෙම හිතපු zhan බලෙන්ම වගේ බොරු හිනාවකින් මාමා දිහා බැලුවේ රතු පාට වෙච්ච ඇස් දෙකෙන්.

පොඩි කාලේ ඉඳලම zhan එයාගේ මාමට ගොඩක් ආදරේ නිසා zhan වැඩියෙන් ම හිටියේ එයාගේ මාමා එක්ක.ඒ හින්දා zhan මේ දැං දාපු හිනාව බොරු හිනාවක් කියලා මාමා කොහොමත් දන්නවා.

"මේ කොල්ලා තාම පොඩි ළමයෙක් වගේ.තරහ ගියාමත් හුරතල්."මාමා එහෙම හිතුවත් zhan තරහ ගිහාම සද්ද නැතුව ඉන්නෙ එයා ඉන්න තැන්වල විතරයි කියලා මාමාත් හොඳටම දන්නවා.

"පුතා අර බලන්න අර ලමයනං කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක් වගේ.හරිම නිවිච්ච කොල්ලෙක්." මාමා එහෙම කිව්වේ zhan ගෙ පිටට තට්ටුවක් දාල.

ග්ලවුස් දාලා තිබ්බ අත්දෙක එකට අතුල්ලන ගමන් zhan ඒ පැත්ත බැලුවේ මාමගෙ කීම අහක දාන්න බැරි කමට.ඒත් හැරිලා බැලුවහම zhan දැක්කෙ කළු පාට මල් පෝච්චියක් බදාගෙන selfie ගහන කෙල්ලෝ දෙන්නෙක් විතරයි.

" කෝ මාමෙ මෙතන කොල්ලෙක් නෑනේ."

" අනේ ඒ දරුවා දැං මෙතන හිටියනෙ.ඒ ඩිංගට අපිට එයාව මග ඇරිලනෙ.අපරාදෙ කියන්න බෑ zhan පුතා, සීදේවි කොල්ලා." ග්ලවුස් දාපු අත් දෙක වේගෙන් එකට අතුල්ලන zhan දිහා බලලා මාමා එහෙම කිව්වේ ටිකක් දුකෙන්.කොල්ලා මෙහෙම අතුල්ලන්නෙ කොල්ලගේ ඉවසීම රතු කට්ට ලගට ආවහම කියලා මාමා අත්දැකීමෙන් දන්නවා.

" Zhan පුතා මට campus එකේ වැඩ වගේකුත් තියෙනවා අපි පස්සේ වෙලාවක එමු."

" හරි මාමෙ අපි යං."කොල්ලා එහෙම කිව්වේ ලොකු සතුටකින්.

මාම phone එක දුන්න ගමන් කොල්ලො ටිකට කෝලක් ගහලා බයික් එකේ ඒ පැත්තට පියාඹන්න plan කරන ගමන් හිටපු zhan ට එයා මේ පහුකරගෙන යන කිසිම කලා කෘතියක් දිහා නිකමටවත් බැලුවේ නෑ.

"අනේ පුතා බලන්න මගේ පර්ස් එක නැති වෙලාවනෙ."zhan පියවි සිහියට ආවේ මාමා එහෙම කියනකොටයි.

" අ.. මොකද්ද.. එහෙම වෙන්නේ කොහොමද මාමෙ මාමා පර්ස් එක car එකේ දාලා ආවද?"

"නෑ පුතා මං ඇතුළට එනකොට අරං ආවෙ."

"එහෙනම් මාමා ඒක කොහෙහරි තියලා අමතක වෙන්න ඇති.යං අපි බලමු මාමෙ අපි හිටපු තැන්වලට ගිහින් ආපහු."

ඉක්මනට කේන්ති ගත්තට zhan දාහකින් හොයාගන්න බැරි රත්තරන් කොල්ලෙක් කියලා මාමා දන්නවා.කොල්ලගෙ අම්මයි තාත්තයි ආපහු ලංකාවට ආවම කොල්ලව එයාලට භාරදෙන්නත් මාමට ලෝබයි වගේ.

කොච්චර හෙව්වත් zhan ට වත් මාමට වත් පර්ස් එක හොයාගන්න බැරි උනා.අන්තිමට zhan ගෙ තීරණේ උනේ security officer ලට කියලා CCTV footage චෙක් කරන එක විතරයි.ඒක කිසිම කරදරයක් නැතුව කරගන්න පුළුවන් උනේ zhan ගෙ මාමා campus එකේ මහාචාර්යවරයෙක් නිසයි.

" අන්න මාමෙ මාමගෙ පර්ස් එක! අර මල් පදුර අස්සට වැටිලා තියෙන්නේ."zhan මාමගෙ අත අල්ලගෙන හයියෙන් එහෙම කිව්වේ දැනුන සතුටට.මාම පර්ස් එක ගන්න ආපහු ගියත් zhan , CCTV footage වලින් ඇස් දෙක එලියට ගත්තෙම නෑ.

ඒ දැකපු දේන් zhan ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා.zhan ගෙ ඇඟම හිරිවැටුනා කියලා zhan ලඟ හිටපු officer දැනගත්තේ zhan ගෙ ඇඟේ හිරිගඩු පිපෙනවා දැකලා.මොකද්ද උනේ කියලා හිතාගන්න බැරුව officer ත් CCTV footage දිහා බැලුවත් එයා විශේෂ දෙයක් ඒකෙ දැක්කෙ නෑ.

වහල තිබ්බ දොරත් ඇරගෙන කඩාගෙන බිඳගෙන zhan දිව්වෙ exhibition එකේ parking එක පැත්තට. 

You are mineWhere stories live. Discover now