Chapter three .......

249 59 16
                                    

Zhan එකපාරටම පාර මැද්දට පැනලා වේගෙන් ආපු Fz බයික් එකකට අත දැම්මේ කොල්ලා ඒ තරමටම yibo ට පිස්සු වැටිලා හිටපු නිසයි.

" පිස්සුද ඕයි තමුසෙට ? මැරෙන්ඩද හදන්නේ ? උඹලා වගේ කාලකන්නි මැරුණත් කමන්නෑ.අන්තිමට අහිංසක අපිනෙ අමාරුවේ වැටෙන්නේ.මොලයක් කියලා......."

" අනේ මට සමාවෙන්න.මට ගොඩක් හදිස්සියි.ඔයාට පුළුවන්ද Lotus Exhibition Hall එක ගාවින් මාව drop කරලා යන්න ? අනේ ගොඩක් පිං සිද්ධ වෙනවා ඔයාට"

" පිං...... පිං තමයි තව ටිකෙන්.යනවා ඕයි යන්න පව් නොදී" zhan ව පැත්තකට තල්ලු කරන ගමන් බයික් එකේ හිටපු කොල්ලා එහෙම කිව්වේ කෝචෝක් හිනාවකුත් දාගෙන.

මේ වෙනකොටත් zhan ගෙ රතු කට්ට පැනලා ගොඩක් වෙලා කියලා ඒ කොල්ලා දැනගෙන හිටියේ නැති උනත් දත්මිටි කනගමන් අත මිටමොලවන zhan දිහා කොල්ලා බලාගෙන හිටියේ ටිකක් බයෙන්.

" තොට මං මෙච්චර වෙලා හොඳින් කතාකරපු හින්දද විරිත්තන්නෙ ගෙවලයො ? " එහෙම කියපු zhan අත මිටමොලවලා මූණ කට පොඩි වෙන්න පාරක් ඒ කොල්ලාට දුන්නේ කේන්තිය ඉවසගන්න බැරිම තැන.

නහයෙන් ලේ වැක්කෙරෙන කොල්ලව බයික් එකෙන් ඇදලා බිමට දාපු zhan බයික් එකට නැගලා යන්න ගියේ විදුලි වේගයෙන්.බයික් රේස් පදින zhan ට නම් ඒක මහ ලොකු වේගයක් නෙමෙයි.ලේ පෙරාගෙන පාර මැද්දේ වැටිලා හිටපු කොල්ලා ගාවට වටේ පිටේ මිනිස්සු ආවත් ඒ වෙනකොට zhan පේනතෙක් මානෙකවත් හිටියේ නෑ.

මේ වෙනකොට zhan ගෙ මාමාට zhan , hospital එකෙන් පැනලා ගිහින් කියලා doctor කියලා තිබ්බේ.zhan , hospital එකට ගෙනාව වෙලේ ඉඳලා මාමා zhan ලඟින් හෙල්ලුනේවත් නෑ.ඒත් මාමට ආපු හදිස්සි call එකක් නිසා zhan ව දාලා hospital එකෙන් ගියේ zhan ට සිහිය එන්න පැය භාගෙකට විතර කලින්.කොල්ලා ගැන හොඳටම දන්න මාමටත් මේ වෙනදේවල් හිතාගන්න බැරුව හිටියේ.zhan පාරෙදි accident උනේ කොහොමද කියලවත් hospital එකෙන් පැනලා ගියේ ඇයි කියලවත් මාමා දැනගෙන හිටියේ නෑ.මාමට පොඩි හරි සැනසීමක් දැනුනෙ කොච්චර තරහ ගත්තත් zhan හොඳට හිතලා මතලා තීරණ ගන්න කෙනෙක් කියලා මතක් උන හින්දයි.

" Excuse me ? මම ඊයේ මෙතන accident වෙච්ච කෙනා.මට ඔයාලගේ CCTV footage ටිකක් බලන්න පුළුවන් ද ? මට ඒ car එකේ නම්බර් එක බලාගන්න ඕන ඒකයි" accident වෙච්ච තැන තිබ්බ super market එකේ security ට zhan එහෙම කිව්වේ ලොකු කලබලේකින්.

කොච්චර හදිස්සියකින් දිව්වත් accident වෙච්ච තැන කොල්ලට ලාවට වගේ මතකයි.zhan කියන්නේ කොච්චර කේන්තියකින් හදිස්සියකින් හිටියත් ඕනම දේක හරිම point එක අඳුරගන්න පුළුවන් විදිහේ සුපිරි මීටරයක්.ඒ හින්දයි security ට බොරු කියලා yibo ගෙ car එකේ නම්බර් එක බලාගන්න කොල්ලා CCTV footage බලන්න හිතාගෙන security room එක ඇතුලට ගියේ.

Yibo ගෙ car එකේ නම්බර් ප්ලේට් එක දැකලා zhan පුදුම උනා.

" මගෙ සුදු මැණික එතකොට air force එකේද? නෑ නෑ එහෙම වෙන්න බෑ.මොකද එයා ඔය හිටියේ ලස්සනට දිලිසි දිලිසි.හරියට හඳක් වගේ.ඔව් එයා තමයි මගේ ලෝකෙ හඳ.මගේම විතරයි.අනික හමේ පොඩි කැලලක් වත් තිබ්බේ නෑ එයාගේ.මගෙ මැණික හරියට වාත්තු කරපු සුරංගනාවියක් වගේ.ඒ නිසා ඒ car එක එයාගේ වෙන්න බෑ.එච්චර රෑ වෙලා යාළුවෙක්ගෙ එකක ආවා වෙන්නත් බෑ.ඒ කියන්නෙ ඒක එයාගේ පවුලේ කෙනෙක්ගෙ වෙන්න ඇති.සමහර විට ඒක එයාගේ පපාගෙ වෙන්න ඇති.මං ඉක්මනටම ඔයාව හොයාගන්නවා මගේ රත්තරනේ" එහෙම හිතපු zhan, security ට ස්තූති කරලා ආපහු බයික් එකට නැග්ගෙ yibo ගෙ car එකේ නම්බර් එක ලියාගත්ත කොලකෑල්ල කිස් කරන ගමන්.

ඊට පස්සේ zhan පියාඹන්න ගත්තෙ කොල්ලගෙ හොඳම යාළුවා වෙච්ච Nie ගෙ ගෙදර.යන්න පුළුවන් උපරිම වේගෙන් ගියත් zhan ට ඒ වේගෙ හොඳටම මදි කියලයි හිතුනෙ.

Nie කියන්නේ zhan ගෙ පොඩි කාලේ ඉඳලම හොඳම යාළුවා.zhan ගැන හැමදේම Nie හොදට දන්නවා.zhan වගේම nie ත් බයික් රේස් වලට පිස්සු වැටිලා හිටපු කොල්ලෙක්.

Zhan ට තිබ්බ හදිස්සියේ තරම කියන්නේ nie ගෙ ගෙදර ගේට්ටුවෙන් ඇතුලට යනකොට ඔබන්න ගත්ත හෝන් එක Nie ගෙයින් එලියට එනකල්ම ඔබාගෙන හිටියේ හරියට පොඩි ළමයෙක් වගේ.

" අනේ දෙයියනේ!!!"

You are mineWhere stories live. Discover now