Chapter four.......

227 57 10
                                    

" අනේ දෙයියනේ!" බයික් එකෙන් බිමට පැනපු zhan එහෙම කිව්වේ කැටයම් කරපු තේක්ක දොරට හේත්තු වෙලා හිටපු Nie දිහා බලාගෙන.

" Nie මචං උඹට මේ මොකද උනේ? අනේ මචං උඹ ඊයේ රේස් එකේදි වැටුනද?" බැන්ඩේජ් කරපු Nie ගෙ අත් දිහා බලාගෙන zhan එහෙම කිව්වේ ගොඩක් දුකෙන්.

Nie ගෙ දකුණු අතට හුණු බැන්ඩේජ් දාලා තිබ්බ එක ගැන zhan ට හිතාගන්න බැරි උනා.nie ගෙ වම් කකුලත් දණහිස ගාවටම බැන්ඩේජ් කරලා තිබ්බේ.

" නෑ නෑ මචං.අපි ඊයේ රේස් එකේ cup එක ගැහුවා.අර මීහරක් රැළට පොලවෙ පස් කන්න බැරි කමට බලාගෙන හිටියේ.අපේ දුනියා cup එක ගන්නකොට බලන්නෙපැයි උන්ගෙ මූණු වල ලස්සන.මං photo එකකුත් ගහගත්තා බං.මේ" සෝෆා එකේ ඉඳගත්ත Nie එහෙම කිව්වේ බියර් ටින් එකක් zhan ට දෙන ගමන්.

" එහෙනං කොහොමද බං උඹට තුවාල උනේ?" බියර් එකෙන් බාගයක්ම එක හුස්මට බීපු zhan එහෙම ඇහුවෙ ටිකක් දුකෙන්.

" නෑ නෑ ඊට කලින් කියපංකො උඹට මොකද උනේ කියලා.උඹලගෙ මාමා උදේ ඉදලා මට call කර කර අහනවා උඹ මෙහෙ ආවද කියලා.උඹ hospital එකෙන් පැනලා ආවෙ ඇයි?" Nie එහෙම අහද්දි zhan ට කටඋත්තර නැති උනා.

" කාලා වරෙන්කො.දැං මං මූට මොනාද කියන්නේ.මේකෙන් පැනලා යන්නත් බෑ.මොකද හැමෝම බලාගෙන ඉන්නේ ඕක අහන්න.දැනටමත් පොලීසියෙන් ඇවිල්ල ඇති hospital එකට මගෙන් කටඋත්තරයක් ගන්න.මාමත් මගෙන් මේ ටිකම අහන්න බලාගෙන ඇත්තේ.මමාටයි පපාටයි මං මොනාද කියන්නේ.nie ට නම් ඇත්ත කියන්න පුළුවන්.ඒත් අනිත් අයට මං ඒක කියන්නේ කොහොමද" එහෙම හිතපු zhan එක හුස්මට බියර් ටින් එක හිස් කරලා Nie දිහා බලාගෙන මෙහෙම කිව්වා.

" ආ!.. මේකයි උනේ මචං.එදා exhibition එකේදි මම මගෙ පරණ යාළුවෙක්ව CCTV වලින් දැක්කා.ඉතිං එයාව follow කරද්දී තමයි මාව accident උනේ. hospital එකෙන් ආවෙනං මට එහෙ ඉන්න බැරි නිසා මචං.ඒක නිකං වදකාගාරයක් වගේ.උන් හිතන් ඇති අනිත් මිනිස්සු වගේ මේ zhan වත් දොර ජනෙල් ලොක් කරලා හිරකරන් ඉන්න පුළුවන් කියලා.හහ්!.... හිතේ ඇති.උඹ දන්නවද මචං එක ගෑනියෙක් මාව ඇතුළට දාලා දොර ලොක් කරානෙ.බටු ඇට දෙකක් උස නෑ.ඒ වෙලාවේ මගේ අතට ඒකිව අහුඋනානං දනී මං කරන දේ"

You are mineWhere stories live. Discover now