Chapter six.......

253 54 16
                                    

"දෙවියනේ!"

shan තරම්ම උස භයානක පෙනුමක් තිබ්බ කළුපාට ලොකු වෘකයෙක් shan ගේ පිටිපස්සෙ හිටගෙන හිටියා. shan දිහා බලාගෙන හිටපු ඒ ඇස් වල දරුණු පෙනුම shan දේ ඇස්වලට දෙවැනි වුණේ නෑ. රතු පාටින් දිලිසෙන ඇස් වලින් shan දිහා බලාගෙන හිටපු වෘකයා දත් විලිස්සාගෙන zhan ට ගොරවන්න ගත්තා. zhan නුත් කිසිම බයක් නැතුව වෘකයා දිහා බලාගෙන හිටියත් shan මෙහෙම දෙයක් කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ. ක්ෂණිකව සාක්කුවට අත දාලා pistol එක ගත්ත චzhan අඩියෙන් අඩිය වෘකයා දිහාට යන්න පටන් ගත්තා. ඒත් shan බලාපොරොත්තු වුන විදිහට වෘකයා shan ගේ දිහාවට එනවා වෙනුවට ආපහු හැරිලා පිටිපස්සෙ තිබ්බ දිරපු ලෑලි බිත්තිය කඩාගෙන ගේ පිටි පස්සේ තිබ්බ ලොකු කැලෑව පැත්තට දුවනවා හඳ එළිය නිසා zhan ට හොඳටම පෙනුනා.

phone එක පැත්තකට විසි කරපු zhan වෘකයා පස්සෙන් දුවන්න ගත්තෙ වෘකයාට තමන්ව කොහෙ හරි එක්ක යන්න ඕන වෙලා කියන එක තේරුන නිසයි. තමන් වටේ කැරකෙන මිනිස්සුයි මේ දරුණු වෘකයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා zhan ට තේරුම් ගන්න බැරි උනත් shan වෘකයා පස්සෙන් දිව්වෙ මේ වෘකයා ට ඒ මිනිස්සු එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා හිතුන නිසයි.

පුර හඳ පායපු පෝය දවසක් උනත් කැලේ මැදින් වැටිච්ච පොඩි අඩි පාරක කැලේ ඇතුලට දුවන zhan ට දැනුනේ පාළු මූසල ගතියක්. හතර වටෙන්ම ගස්වලින් වැටෙන අඳුරු සෙවණැලි හැර වෙන කිසිම දෙයක් දැකගන්න zhan ට පුළුවන් වුණේ නෑ. අඩි පාරේ තැනින් තැන පෑගුණු ඇටකටු මිනිස්සුන්ගෙ ද නැත්තං සත්තුන්ගේ ද කියන එක shan දන්නේ නෑ. අඩි පාරේ තිබුන ඇටකටුයි හුළඟත් එක්ක ආව සැර කුණු ගඳයි හරියට zhan ව මළවුන්ගේ ලෝකෙට පිළිගන්න එවපු අඳුරු බලවේග වගේ. මෙච්චර වෙලා තිබ්බ නිහඬ බව බිඳිමින් වෘකයන්ගේ විලාප හඬවල් zhan ට ළඟ ළඟම ඇහුන නිසා මේ කැලේ තවත් වෘකයා ඉන්නවා කියලා zhan තේරුම් ගත්තා.

zhan ට මීටර් දහයක් විතර ඉස්සරහින් දුවන වෘකයා සැරින් සැරේ zhan දිහා බලාගෙන දත් විලිස්සමින් ගොරවන්න ගත්තෙ zhan ට ඉක්මනට එන්න කියනවා වගේ. zhan නුත් හොඳටම පුදුම වෙලා හිටපු නිසා හිත ඇතුලෙ කැකෑරෙන කුතුහලය නිසා පුළුවන් උපරිම වේගයෙන් වෘකයා පස්සෙන් දිවුවෙ pistol එකත් අතේ තියාගෙනමයි.

You are mineWhere stories live. Discover now