ඔන්න ගොඩක් අය කියපු නිසා මම බෝනස් එකක් අරගෙන ආවා 😍😍❤️🔥🔥🔥
මේක මගේ පලවෙනි බෝනස් එක 🤪🤪❤️❤️❤️🔥🔥🔥
කියවලා බලන්නකෝ 🤗 කමෙන්ට් එකක් දාන්න 🤗❤️❤️❤️🔥❤️🙈
Chapter one 🔥👇
https://m.facebook.com/story.php?story_fbid=133171142558543&id=100075969727109
Chapter two 🔥👇
https://m.facebook.com/story.php?story_fbid=133470715861919&id=100075969727109
Chapter three 🔥👇
https://m.facebook.com/story.php?story_fbid=133719909170333&id=100075969727109
Chapter four 🔥👇
https://m.facebook.com/story.php?story_fbid=134004735808517&id=100075969727109
Chapter five 🔥👇
https://m.facebook.com/story.php?story_fbid=134300482445609&id=100075969727109
Chapter six🔥👇
https://m.facebook.com/story.php?story_fbid=134608655748125&id=100075969727109
BONUS ( No: 01)
"දෙයියනේ!!"
ඇස් අදහාගන්න බැරුව හිටපු zhan ගෙ කටින් ඒ වචන පිට උනේ ගොඩක් හෙමින්.
Zhan ගෙ කම්මුල් පාරෙන් ගල් තලාව උඩ පතබැවුන කොල්ලා zhan ට පිටිපස්සෙන් හිටගෙන හිටියෙ ලාවා වගේ දිලිසෙන ඇස් වලින් zhan දිහා බලාගෙන. ඒ කොල්ලට වෙන දේ දිහා zhan බලාගෙන හිටියේ ලොකු පුදුමෙකින්.
BRER බැජ් එකට පහලින් දුහුල්ව ඇඟේ දැවටිලා තිබ්බ සුදු පාට කොට්න් බැනියම ප්‍රමාණයෙන් විශාල වෙමින් තිබ්බ ශරීරය නිසා කැබලි වලට ඉරී ගල් තලාව මතට වැටුණු හැටි zhan බලාගෙන හිටියේ ලොකු පුදුමෙකින්උනත් ඒ ඇස් වල පොඩි හරි තිගැස්මක් බයක් තිබ්බෙ නෑ කියන එක පැහැදිලිවම පෙනුනා. ඇඟට ඇලිලා තිබ්බ stretch ඩෙනිම කීතු කීතු වලට ඉරා ගෙන එලියට පනින රෝම වලින් වැහිච්ච මස්පිඬු තරමක් උස බූට්සපත්තු දෙක පසාරු කරගෙන එලියට පනින දිගු තියුණු නියපොතු හා ග්ලවුස් දාල තිබ්බ අත් දෙක විරූපී වෙමින් දිගුවූ නියපොතු සහිත දරදඬු වෘක දෑත් මතුවන ආකාරය shan හොඳට බලාගෙන හිටියේ.
කවදාවත් අහලවත් දැකලවත් නැති දෙයක් නිසා zhan මේවෙන දේවල් ගැන හිතන්න මොලේ වෙහෙසන්න ගියේ නැතත් හිතේ වැඩිවෙමින් තිබ්බ කුතුහලය සංසිඳුවා ගැනීමේ ලොකු උවමනාවක් zhan ට තිබ්බා. මීට තත්පර ගානකට කලින් තිබ්බ සිහින් කඩවසම් මුහුණ වෙනුවට විරූපී වෙච්ච කළුපාට රෝම වලින් පොහොසත් රුද්‍ර වෘක මුහුණ හඳ තිබ්බ පැත්තට හරවපු මේ අර්ධ වෘක මිනිසා එලියට පනින ලද රදනක දත් දෙකක් සහිත අපිරිසිදු මුව අයාගෙන මහ හඬින් උඩු බුරන්න ගන්නවත් එක්කම zhan ගෙ වටේ හිටපු වෘකයො එකහඬින් උඩු බුරන්න ගත්තා.
ඉවසන්න බැරිම තැන zhan අත්වලින් කන් දෙක වහගෙන ගල් තලාව උඩ ඉඳගත්තා. ඇත්තටම තප්පර ගානක් තුළ සිද්ධ වෙච්ච මේ කිසිම දෙයක් ගැන හිතා ගන්න බැරි උනත් zhan ඒ දේවල් ගැන හිත හිත කාලය නාස්ති කරන්න කැමති උනේ නෑ මොකද මේ වෙලාවේ zhan ට විදුලිවේගෙන් දෙයක් මතක් උන නිසා.
මොහොතකට යටපත් වෙලා තිබ්බ තරහ zhan ව හොයාගෙන ආවේ අවුරුදු ගාණක් නිදාගෙන හිටපු ගිනිකන්දක් ක්ෂණිකව පුපුරමින් ලාවා ගලාගෙන එනවා වගේ.
හඳ එළිය නිසා zhan ට ටිකක් දුරින් වැටිලා තිබුණ pistol එකේ තිබ්බ රිදීපාට ලෝහ තීරුව දිලිසෙන්න ගත්තා.
ඒත් එක්කම අර කොල්ලා නෑ නෑ wire wolf, zhan හිටපු පැත්තට දුවගෙන එන්න ගත්තා. ක්ෂණිකව pistol එක ගාවට පැනපු zhan උණ්ඩ ඉවර වෙනකල්ම wolf ට වෙඩි තියාගෙන වෙඩි තියාගෙන ගියා.
ඒත් ඒ දෙයින් වුණේ wolf ට තවත් කේන්ති යන එක විතරයි. වෙඩි වැදුණු නිසා wolf ගෙ ඇඟ කළුපාටට හුරු ලේ වලින් පෙඟිලා තිබ්බේ. අහස දිහා බලාගෙන මහ හඬින් කෑ ගහපු wolf, zhan ඉඳගෙන හිටපු තැනට පැන්නෙ වෙඩිල්ලක් වගේ.
පිහිතුඩු වගේ තියුණු නියපොතු තිබ්බ විශාල වෘක අත තමන්ගේ උදරය දිහාවට වේගයෙන් එනවා දැකපු zhan වැඩක් වෙන්නෙ නෑ කියල දැන දැනත් වෘක දෑත් එන පැත්තට හැරිල පයින් ගහනවාත් එක්කම මොකක් හරි දෙයක් තමන් එක්කම ගල්තලාවෙන් පහළට පෙරලීගෙන යන බව zhan ට දැනුනා.
ගල්තලාවෙන් බිමට වැටිලත් තමන් තාමත් පණපිටින් ඉන්නේ කොහොමද කියන එක zhan ට ප්‍රශ්නයක් වුණත් තමන්ට කිසිම සීරීමක්වත් අඩුම තරමේ පොඩි හරි වේදනාවක්වත් දැනුනෙ නැති එක ගැන zhan ට තවත් ලොකු ප්‍රශ්නයක් වුණා.
Zhan ඉක්මනට තමන්ව වෙලාගෙන හිටපු දේ දිහා ඇස් ඇරලා බැලුවා.
"නෑ !! ඒක වෙන්න බෑ! දෙවියනේ? මේ මොනවද වෙන්නේ!!!"
________________________________________________
ඒ මොකක් වෙන්න පුළුවන් ද 😥😥😥😥
කතාව හොදයි ද? කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.කාලෙකින් ලිව්වේ එක්සෑම් නිසා මඟෑරිල තිබුණේ.
❤️😍❤️😍❤️🌷🌺💞💫💫💫💫💫💫💫
YOU ARE READING
You are mine
Fiksi Penggemarබොහෝ සෙයින් වෙනස් ලෝක දෙකක දෙහදක් යා කළ ආදර කතාව........