chapter two......

338 63 12
                                    

තුන්වෙනි තට්ටුවේ හිටපු zhan විනාඩියක් යන්නත් කලින් parking එක ගාවට දුවගෙන ආවේ කඟවේනෙක් වගේ.ඒත් එක්කම parking එකේ තිබිච්ච roadster වර්ගයේ සුදු පාට car එකක් parking එකෙන් එලියට යනවා දැකපු zhan කාර් එක පස්සෙන් දුවන්න ගත්තේ පිස්සුවෙන් වගේ.දාගන හිටපු Bhoot සපත්තු දෙකේ ලෙහිලා තිබ්බ ලේස් එකක් පෑගිලා බිමට වැටුණු zhan ගෙ ඔළුවෙන් ලේ ගලනවා zhan දැක්කෙත් නෑ.

ක්ෂණිකව නැගිටපු zhan ආයෙත් අර car එක පස්සේ දුවන්න ගත්තා.රෑ වෙලා තිබ්බ නිසා පාර පැහැදිලිව පේන්නේ නැති උනත් කොල්ලා වැඩේ අත්හැරියේ නෑ.නලළ දිගේ පහළට ගලාගෙන ආපු ලේ බිංදුවක් කොල්ලගේ යටි තොලට පහළින් තිබ්බ ලස්සන උපන් ලපයත් පහු කරලා පහළට යනවා කොල්ලට දැනුනෙවත් නෑ.

පාරෙ ලොකු traffic එකක් නොතිබ්බත් office time නිසා මදි නොකියන්න පාරෙ වාහන තිබ්බා.කොච්චර වාහන තිබ්බත් zhan ට පෙනුනේ roaster කාර් එක විතරයි.

එකපාරටම කන්දෙක බීරි කරවනතරම් හෝන් සද්දෙකුත් එක්ක වේගෙන් කොන්දෙ මොකද්ද වදිනවා zgan ට දැනුනා.වේදනාව හින්දා කෑගහපු zhan ට මොකද්ද උනේ කියලා හිතාගන්න කාලයක් තිබ්බේ නෑ.zhan , roadster වර්ගෙම තවත් කළු පාට කාර් එකකට හැප්පුනේ වටේ පිටේ හිටපු මිනිස්සුන්ටත් හිතාගන්න බැරි විදියට.ඒ වෙනකොටත් zhan ගෙ ඔළුව පැලිලා තිබුන නිසා accident වෙනවත් එක්කම වේදනාවෙන් කෑ ගහපු zhan ට සිහිය නැති උනා.

************************************

Zhan ට දැනුනේ නිකං පාවෙලා යනවා වගේ හරිම සැහැල්ලු ගතියක්.හැමඳේම බොඳවෙලා පෙනුනත් ටික වෙලාවක් යනකොට වේගෙන් කැරකෙන අලුත් සිවිලිම් fan එක zhan ට අඳුරගන්න පුළුවන් උනා.වටපිට බලපු zhan ට එයා ඉන්නේ කොහෙද කියන එක ලොකු ප්‍රශ්නයක් උනා.මොනා උනත් ඒ hospital room එකක් කියලනං zhan ට තේරුනා.අහල පහළ කවුරුත් හිටියේ නැති හින්දා ඇස් දෙක පියාගත්ත zhan මොනවද උනේ කියල තනියම හිතන්න ගත්තේ ඔළුව වටේ ඔතලා තිබ්බ සුදු පාට බැන්ඩේජ් එක අතගාන ගමන්.

Zhan එයාගේ මාමා එක්ක exhibition එකේ ඉන්නකොට කලිසම් සාක්කුවේ තිබ්බ මාමගෙ පර්ස් එක එතන තිබුන මල් පඳුරක් අස්සට වැටුනා.ඒත් වැඩි සෙනගක් හිටියේ නැති හින්දා කවුරුවත් ඒක දැක්කෙ නෑ.ඒ දෙන්නට එහා පැත්තේ කැන්වස් රෙද්දක ඇඳපු චිත්‍රයක් දිහා ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ yibo.zhan ගෙ මාමා yibo ව දැක්කත් zhan දැක්කෙ නෑ.මාමා yibo ව zhan ට පෙන්නන්න හදපු වෙලාවේ yibo ට call එකක් ආව හින්දා ඒක answer කරන්න එතනින් එහාට ගිය yibo ළඟ තිබ්බ ලොකු කොන්ක්‍රීට් කණුවකට හේත්තු උනා.zhan , yibo ව දැක්කෙ නැත්තෙ yibo කණුවට වැහිලා හිටපු හින්දා උනත් CCTV footage වලදීzhan , yibo ව හොඳටම දැක්කා.

You are mineWhere stories live. Discover now