Chapter Seven....🔥🔥🔥

364 56 20
                                    

Zhan දැක්කෙ එයාව තවත් wire wolf කෙනෙක් වැළඳගෙන ඉන්නවා කියලා. තමන්ව මීට සුළු මොහොතකට පෙර මළවුන්ගේ ලෝකයට යාමට නොදී බේරාගෙන තිබුණේ මේ wire wolf කියලා zhan ට තේරුණා. එන්න එන්නම අමාරු වෙන මේ BRER wolf ප්‍රහේලිකාව නිසා zhan ගේ ඔලුව හොඳටම අවුල් වෙලයි තිබුනේ.

හිම වගේ සුදු පාට ලෝමවලින් පිරුණු wire wolf, zhan ව වැලඳගෙන හිටපු විදිහට zhan ට හිතුනේ wolf ට තවත් තුරුළුවෙලා මේ දේවල් මොහොතකට අමතක කරන්න.

Zhan ට wolf ව ගොඩක් හුරුපුරුදු බවක් දැනුනේ ඇයි කියලා zhan දන්නෙත් නෑ. Wolf ගෙ වීදුරු වගේ පැහැදිලි නිල්පාට ඇස් දෙක දිහා zhan බලාගෙන හිටියේ හුරතල් පොඩි පැටියෙක් එයාගේ අම්මා දිහා බලන් ඉන්නවා වගේ.

Zhan ට ඒ ඇස් දිහා දිගටම බලන් ඉන්න ඕන උනත් එකපාරම zhan ගෙ ඇස් වලින් ඇස් ඉවතට ගත්ත wolf, zhan ව හිමින් බිම තියලා ගල් තලාව උඩ ඉඳලා zhan ගේ පැත්තට දුවගෙන එන වෘකරංචුව පැත්තට දුවගෙන ගියෙ ගර්ජනාත්මක විදිහට කෑගහන ගමන්.

Zhan මෙච්චර වෙලා කිසිම දේකට බය වුණේ නැතත් සුදු පාට wolf ගේ ඒ කෑගැහිල්ලට ඇඟේ මයිල් කෙලින් වෙනවා zhan ටම දැනුනා.මගක්  ගියාට පස්සේ wolf, zhan දිහා හැරිලා බලනකොට zhan ට ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න අමතක වෙලා ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා.

තමන්ගාව ඉන්නකොට මැණික් කැට වගේ දිලිසුන ඒ කරුණාවන්ත ඇයි මේ විදිහට වෙනස් වුනේ කොහොමද කියන එක zhan ට හිතාගන්නවත් බැරි වුණා. ඒ ඇස්වලින් zhan ට පෙනුනේ ලාවා ගංගාවකට වැටිච්ච පෙට්‍රල් කෑන් එකක් පුපුරනවා වගේ බිහිසුණු රතු පාට වයිරය විතරයි. ඒ ඇස්වලින් කොච්චර වෛරයක් පේනවද කියලා zhan කල්පනා කරා. ඒත් ඒකට හේතුවවත් තමන්ව වෘක රැළෙන් බේරගත්ත හේතුවවත් zhan ට හිතාගන්න බැරි වුනා. ඒවා උඩටයි හරහටයි BRER wolf ප්‍රහේලිකාවට තවතවත් එකතුවෙන හිස්කොටු විතරක්ම වුණා .

ඊළඟට දැකපු දෙයින් zhan ට ඇස් අදහාගන්න බැරි වුණා. දුවගෙන එන වෘක රංචුව ළඟට ගිය සුදු wolf රංචුවේ නායකයා නැත්තං කළු wolf ගේ උදරය හරහා කඩුවක් වගේ තියුණු නියපොතු යවනකොට වේදනාවෙන් කෑමොරදෙන නායකයා දිහා බලාගෙන හිටපු වෘකයො රොත්ත බුරුත්ත පිටින් ම සුදු wolf ගෙ ඇඟට කඩාගෙන පැන්නා.

You are mineWhere stories live. Discover now