Chapter 2 🌹

509 114 95
                                    

ඔන්න ඉතිම් chapter 2..අනේ බබීලා..කමෙන්ට් එකක් දාගෙන ගියොත් අත් දෙක ගෙවෙන්නෙ නෑනෙ නේ..ඉතිම් දාගෙන යම්න හොදේ..මන් පවුනෙ..🥺🥺

........................................................................😋😋

At Principal Office...

'මන් ඔයාට කිව්වනෙ Mr.Jin..මේ ලමයි දෙන්නා ගොඩාක් හොද අය'

නැම්ජූන් එහෙම කිව්වෙ එයා ඉස්සරහ කිසිම දෙයක් නොකරපු අහින්සක පූස් පැටව් දෙන්නෙක් වගේ ඉන්න යිබෝයි ජියන්ග් යි දිහා බලලා..ජින් ලාවට හිනාවෙලා දෙන්න දිහා බැලුවා..

'හරි දැන්..යිබෝ..ජියන්ග්..මට කියන්න..ඇයි ඔයාලා මිස්ටර් ජින් ගේ ටිශූ බොක්ස් එක ඇතුළට කුරුමිණියෙක් දැම්මෙ කියලා?

'ආහ්..ඒක නිකන්....'

ජියන්ග් කියන්න ගියපු දේ මග නවත්තලා නැම්ජූන් දිහා බලලා හරිම අහින්සක විදියට හිනා උනා..යිබෝ නම් යටි තොල හපාගෙන බිම බලා ගත්තා..

'ජියන්ග් තමා කුරුමිනි අයිඩියා එක දුන්නෙ ,නේද?'

නැම්ජූන් ඇහුවෙ යිබෝ දිහා බලාගෙන..

'ම්ම්.ඔව්..මන් තමයි'

ජියන්ග් තොල් දෙකත් උල් කරගෙන කියලා බිම බලා ගත්තා..

'එතකොට යිබෝ ගැන මොකද?'

නැම්ජූන් එහෙම අහද්දි යිබෝ නැම්ජූන් දිහා බලලා හිනා උනේ හරියට නිකන් මන් කිසිම දෙයක් කරේ නෑ..මන් අහින්සකයි කියන්න වගේ..

'මම...මම...මම...මම'

යිබෝ ගොත ගහන්න ගත්තෙ ජින් ගෙ තියුණු බැල්ම දරාගන්න බැරුව..

'ඔව් යිබෝ..ඔයා මොකක්ද?'

ජින් එහෙම අහනකොට ජියන්ග් අතක් උස්සලා ඉස්සරහට ආවා..

'මන් තමා සේරම කරේ..යිබෝ කිසිම දෙයක් කරේ නෑ..ඒක හින්දා මට පනිශ් කරන්න..එයාට ඉන්න දෙන්න'

'නෑ.මමත් ජියන්ග්ට උදව් කරා.

යිබෝ පට ගාලා කියලා හරිම ලස්සනට හිනා උනේ එතන හිටපු හැමෝවම confuse කරලා...

'යිබෝ..ඇයි ඔයා හිනාවෙන්නෙ?'

'ආහ්..නැම්ජූන් සර්..සමාවෙන්න'

Just Wanna Be Yours. [ Zhanyi FF Sinhala] On HoldWhere stories live. Discover now