Chapter 4 🌹

414 103 43
                                    

මොන මගුලක්ද ඒ උනේ?..ඇයි එයා මාව කිස් කරේ?'

යිබෝ හිතින් හිතලා හිමිහිට ජියන්ග් දිහා බැලුවා..

'මොකද යකෝ නැවතිලා ඉන්නෙ ඔතන?..වරෙම් පන්තියට යන්න ඕන'

ජියන්ග් කෑ ගැහුවෙ හැල හොල්මනක් නැතුව එයා දිහා බලන් ඉන්න යිබෝට..‍යිබෝ පට ගාල මොන්ගල හිනාවක් දාගෙන ජියන්ග් ලගට ගිහිල්ලා කරට අත දාගත්තා..

'හෙහෙ..යම් බම්..ලුසී..ඔයත් එන්න..අපිත් එක්කම යන්'

'හරි.'

තුන්දෙනත් එක්ක ක්ලාස් එකට ගිහිල්ලා එබිලා බැලුවේ ප්‍රොෆෙසර් ඇවිල්ලද කියලා..තුන්දෙනාගෙම වාසනාවට ප්‍රොෆෙසර් ඇවිල්ලා තිබ්බෙ නෑ...ඉතුරු වෙලා තිබ්බෙ අන්තිම පේලියේ පුටු තුනක් විතරයි..තුන්දෙනත් එක්ක වාඩි වෙලා පොතුත් එලියට අරගෙන කයියක් දාන්න ගත්තා..

විනාඩි 5කට විතර පස්සෙ ප්‍රොෆෙසර් ඇවිල්ලා පාඩම පටන් ගත්තම තුන්දෙනාම පාඩමට අවදානය දුන්නෙ විභාගෙත් ලග හින්දා..

යිබෝ ප්‍රොෆෙසර් කියන දේ හොදට අහන ඉන්න හැදුවත් එයාගෙ ඔලුවට ආවෙ ශාන්ගෙ ලස්සන බනී හිනාවයි ඒ වශි වෙන මූනයි..

'වැන්ග් යිබෝ..'

ප්‍රොෆෙසර් දැඩි හඩකින් එයාට කතා කරද්දි තමා යිබෝ හරි සිහියට ආවෙ..ඉක්මන්ට පුටුවෙන් නැගිටලා ප්‍රොෆෙසර් දිහා බැලුවම තමා දැක්කෙ ප්‍රොෆෙසර් බෝඩ් එක පුරාම ගණන් ටිකක් හදන්න දීලා කියලා..

යිබෝට ඉබේම එයාගෙ පොත දිහා බැලුනේ එයාගෙ පොත සම්පූර්නෙන්ම හිස් හින්දා..

'ඔව්..ඔව්..සර්'

'යිබෝ..ඔයා පාඩම අහගෙනද ඉන්නෙ?'

'ඔව් සර්'

'එහෙනම් ඉස්සරහට ඇවිල්ලා මේ ගාණ හදන්න'

'ආහ්හ්..හරි සර්'

යිබෝ එහෙම කියලා බැලුවෙ ජියන්ග් ,ලුසී දිහා...ජියන්ග් යි ලුසී යි හිනාව තද කරගෙන බිම බලාගත්තා..

යිබෝ ඒ දෙන්නට රවලා ඉස්සරහට ගිහින් බෝඩ් එක ලග හිටගත්තා...යිබෝ ගාණ දිහා බැලුවත් එයාට හිතුනේ ඒ ගාණ නම් මහ මොන්ගල් ගාණක් කියලා..

Just Wanna Be Yours. [ Zhanyi FF Sinhala] On HoldWhere stories live. Discover now