Chapter 6 🌹

388 88 51
                                    

'ගොඩක් කාලෙකට පස්සෙ නේද අපි හම්බුනෙ මගෙ චූටි රෝස මල?'

ඒ පිරිමි කෙනා අහන කොට යිබෝ බය වෙලා එයා දිහා බැලුවා..

'වෙන් රූහැන්'

'ඔව් ඔව් බබා..මේ මන් තමා..කොහෙද ඉතින් කලිනුත් ඔයාගෙ රස මට බලන්න බැරි උනානෙ..මේ සැරේවත් මට බලන්න පුලුවන්ද ආහ්හ් බබා?'

වෙන් රූහැන් එහෙම කියාගෙන යිබෝ ලගට යනකොට යිබෝ බයවෙලා පස්සෙන් පස්සට ගියේ එයා වාඩිවෙලා හිටියෙ බෙන්ච් එකක කියලත් අමතක වෙලා..අන්තිමට බෙන්ච් එකේ කොනටම ගියපු ගමන් යිබෝ බැලන්ස් එක නැතිවෙලා වැටෙන්න ගියත් රූහැන් එයාගෙ අතින් ඇදලා ලගට ගත්තා..

'මගෙන් පැනලා යන්න හිතන්න එපා පුන්චි පූස් පැටියො'

'මට යන්න දෙනව..තමුසෙ මහ අවජාතකයෙක්..ගොන් වේස තිරිසනා..මට යන්න දෙනවා බල්ලා..මට තමුසෙව අප්පිරියයි'

'කට..කට වහගන්නවා..දැන් එකට එක කියන්නත් පුරුදු උනාදා පොඩි එකෝ?..බොරුවට කෑ නොගහ ඉන්නව..මෙතන තමුසෙව බේර ගන්....අහ්හ්..අහ්හ්..මොකක්ද යකෝ කරේ..තොට කොහෙන් ආපු හයියක්ද බල්ලො?'

යිබෝ රූහැන් ගෙ යටිකය ප්‍රදේශයට කකුලෙන් හයියෙන් එකක් ගැහුවම රූහැන් එයාගෙ යටිකය අල්ලගෙන වේදනාවෙන් ඇඹරෙන්න ගත්තා...යිබෝ එතනින් දුවලා යන්න හැදුවත් යන්න බැරිඋනේ රූහැන් එයාව ඇදලා බිමට තල්ලු කරපු හින්දා..ඔලුව කෙලින්ම ගිහින් දැඩි පොළොවෙ වදිනකොට යිබෝට ඉබේම කෙදිරි ගෑවුනා....රූහැන් යිබෝව එයාගෙ ලොකු ශරීරයට යට කරගෙන යිබෝගෙ මූන දිහා බැලුවා...ඒ කදුළු බේරෙන මූණ , රතු වෙච්ච බෝල ඇස් රූහැන්ට ගෙනාවෙ අමුතු වින්දනයක්..එයා පහත්වෙලා යිබෝගෙ රතු සිනිදු තොල් අල්ලගන්න හදනකොටම හිතුවෙවත් නැති විදියට එයාව පස්සට විසික් වෙලා මූණට හොදවයින් පාරක් වැදුනේ නහයෙන් ලේ එන්නම..

'බෝ....අනේ ඔයා හොදින්ද?.,..අනේ කතා කරන්නකෝ යිබෝ ප්ලීස්'

'ජි..ජියන්ග්'

ජියන්ගුයි ලුසීයි ඉක්මනට යිබෝව නැගිට්ටවලා දූවිලි පිහි දැම්මා..ඒත් ඒ සැණින්ම යිබෝ ජියන්ග්ව බදාගෙන අඩන්න ගත්තෙ ජියන්ග් ගෙ ඇස් දෙකෙනුත් කදුළු බේරෙද්දි..

Just Wanna Be Yours. [ Zhanyi FF Sinhala] On HoldWhere stories live. Discover now