Chapter 5 🌹

370 84 48
                                    

ශාන් යිබෝ කෑ ගහන ඒවා සත පහකට ගනන් ගන්නෙ නැතුව කාර් එකට නැගලා යිබෝව උකුලෙන් තියාගත්තා..ශාන් එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් අනිත් අත යිබෝගෙ ඉණ වටේට දාලා තදට අල්ලගත්තෙ යිබෝ වැටෙයි කියලා තිබ්බ බය නිසා..

ජියන්ගුයි ශුවෑනුයි දෙන්නා යිබෝ දිහා බලාගෙන හිමීට හිනාවෙලා අහක බලාගත්තා..ඒත් ජියන්ග් එයාගෙ බෑග් එකෙන් එලියට ගත්තෙ එයා ටෝයි ශොප් එකේදි ගත්තු සින්හ පැටියව...

'ශුවෑන් ගා..මේක ගන්න පුලුවන්ද..මන් ඔයාට ගත්තෙ'

ශුවෑන් හිනාවෙලා ඒක අරගෙන ජියන්ග් ගෙ කම්බුල කිස් කරා...ජියන්ග් බිම බලාගෙන හිනා වෙද්දි යිබෝ ඇස් දෙක බිත්තර ගෙඩි දෙකක් වගේ කරගෙන ජියන්ග් දිහා බලන් හිටියා..

'තෝ මට ඔහොම දෙයක් කිව්වෙ නෑනෙ..හැලපයා...ඉන්නවකෝ මන් අද තමුසෙව ආප්පයක් වගේ පැතලි කරනවා'

යිබෝ ශාන්ගෙ අත එයාගෙ ඉණෙන් අයින් කරන්න උත්සහ කරන ගමන් ජියන්ග් දිහා බලාගෙන කෑ ගැහුවෙ හැමෝටම හයියෙන් හිනා යද්දි..

'හාකො..හිනා වෙනවකෝ..,මන් උබ ගැන බලාගන්නම් ගෙදර ගියාම..නැට්ට කොට තරාවා'

'යකූ..මගේ එක දිගයි බොල...තොගේ එක වෙන්නැති කොට'

'හහ්?..මොකක්ද උබ කිව්වෙ?..මගේ එක කොටයි..අහ්හ්..තොට මම...ඒ ගොන් ශානයෝ..මට යන්න දෙනවකෝ වදේ..පොඩ්ඩක් අතරිනවකෝ'

යිබෝ ශාන් ගෙ මූණට එබිලා කෑ ගහනකොට ශාන් කාර් එක පාරෙ කොනකට කල්ලා නවත්තලා යිබෝ දිහා බැලුවා.

'හරි දැන් මොකක්ද වෙන්න ඕන?'

'මෙන්න මේ ජියන්ග් උලමා කියනවා මගේ එක කොටයිලු...ඔයා දන්නවනේ මගේ එක කොට නෑනෙ..ඒක මෙ තාරාවට කියන්නකො අනේව්'

යිබෝ ශාන් දිහා බලාගෙන කෙදිරි ගාද්දි ශාන් එයාගෙ යටි තොල හපාගෙන යිබොව ලන් උනා..

'ඔයාට විශ්වාසද ඔයාගෙ එක ලොකුයි කියලා?'

'ඒ පාර තමුසෙත් පටන් ගත්තද..,මන් යනවා යන්න..මෝඩයොත් එක්ක කතා කරලා වැඩක් නෑ'

යිබෝ ශානටත් එක්සිය ගානට රවලා කාර් එකෙ දොර අරින්න හැදුවත් ශාන් යිබෝව එයාගෙ පැත්තට ඇදගෙන හිනා උනා..

Just Wanna Be Yours. [ Zhanyi FF Sinhala] On HoldWhere stories live. Discover now