ජිමින් ජේකේ දුන්න සැන්විච් එකේ පාන් පෙති දෙක අයින් කරලා ඒකට රැව්වා.ඊළඟට අනිත් සැන්විච් ටිකෙත් පාන් පෙති ටික අයින් කරලා ඔක්කොගෙම බේකන් ටික විතරක් අරන් ප්ලේට් එකේ පැත්තකින් තියලා පාන් පෙති ටික කොට්ටෙ යට හැංගුවා.ජේකේට පේන්නෙ නැති වෙන්න පාන් පෙති ටික හංගපු ජිමින් බේකන් ප්ලේට් එක අරන් තොල් ලෙව කාලා ඇඳේ ඉඳන් කන්න ගත්තෙ බිම ගෑවෙන් නැති එයාගෙ කකුල් දෙකත් වන වන..
ජේකේ ජිමින්ගෙ කිරි එක ගේන්න විනාඩියකටයි එළියට ගියෙ..ඒත් එයා ආයෙ ආවෙ පුදුම කළබලේකින්..එයා එද්දි ජිමින් හොඳට ඉඳන් කනවා.
"ජිමින් ඉක්මන් කරන්න..හරි අප් බේබී..හරි අප්.....යා ඉක්මනට කාලා ඉවර කරන්න අපි යන්න ඕනි මේ දැන් ම.."
ජේකේ ආව ගමන් ජිමින්ට කෑ ගහන ගමන් ක්ලෝසෙට් එකට ගිහින් ඇඳුම් බාගෙට බාගයක් බිම දැම්මා..එයා මොනාදෝ හොයනවා..ජිමින් ඇස් ලොකු කරන් බලන් ඉඳලා කටේ තිබුන බේකන් කෑල්ල ගිලලා දැම්මා..
"ඇයි ඒ..?"
ජිමින්ට නම් ගාණක්වත් නෑ..එයා තව බේකන් කෑල්ලක් කන්න ගනිද්දි ජේකේට එයා හොයපු දේ හම්බුනා.
ජේකේ ගන් එක එයාගෙ බෙල්ට් එකේ රඳවන් පර්ස් එකයි ෆෝන් එකයිත් හදිස්සියෙ සාක්කුවෙ ඔබා ගත්තා.
එයා ජිමින් දිහා බලද්දි ජිමින් තාමත් කකුල් පද්දන ගමන් එයාගෙ බ්‍රෙක්ෆස්ට් ගන්නවා..
"අනේ බෝලෙ ෆාස්ට්..අපි යන්න ඕනි..ආ......අපි යන්නෙ ටේ ටේ බලන්න..කෝ ඔයා ඔහොම ලේට් වුනොත්................."
ඒ කියද්දි නම් ජිමින් බේකන් ප්ලේට් එකත් පෙරලන් කෙලින්ම ජේකේගෙ ඇඟේ එල්ලිලා.
"යං..."
"යා...ඔහොම...?" ජේකේ ජිමින්ගෙ ඉණ වටේ අත දාන් එයාව වටා ගත්තෙ දැනටමත් ජිමින් එයාගෙ වටේ කකුල් පටලවන් නිසා.
"ඔව්..ජිමිනි ලෑස්ති.." ජිමින් එයාගෙ වලිගෙත් ජේකේගෙ අතක වෙලාගෙන පපුව උඩ ඔළුව තියන් ඇස් ලොකු කරන් ජේකේ දිහා බලන් හිටියා..
"බහින්න..ඔහොම යන්න බෑ..මේක අඳින්න.."
ජේකේ ජිමින්ව බස්සන ගමන් එයා අතට ක්ලෝසෙට් එකෙන් ගත්ත කොළ පාට කියුට් ඩ්‍රැගන් ඇඳුමක් දුන්නා.
YOU ARE READING
Coming From 3001 [▪︎COMPLETED▪︎]
Fantasy___Jikook___ ___Sinhala___ ___ BL ____ ___ LOVE ____