"නැගිටිනවා ජේකේ..! නැගිටිනවා කිව්වම අහලා..! "
යුන්ගි හදපත්ලෙන්ම කඩන් වැටිලා අඬන ජේකේගෙ කොලර් එකෙන් ඇදලා එයාව නැගිට්ටුවෙ කෑ ගහන ගමන්.
"ඇයි යුන්ගි ආ ? දැන් නැගිටලා මොකටද ? තවත් එයලා නෑ මෙහෙ..ඉතිං මොකටද දැන් නැගිටලා ආ? අනික එයාලා නිකන්ම නිකන් පරීක්ෂණ ඉතිං..ඇයි......"
චටාස්..👋😡
"යාහ්..! නවත්තනවා..! "
යුන්ගි ජේකේ නහයත් උඩට ඇද ඇද හුස්ම ගන්නෙ නැතුව කියවන එක මැද්දෙන් පැන්නෙ ජේකේගෙ කම්මුල හරහට එකක් දෙන ගමන්.ජේකේ ඉන්නෙ හොඳ සිහියෙන් නෙවෙයි.යුන්ගිට ඕනි වුනේ එයාව පියවි සිහියට ගන්න.
ජේකේ එයාගෙම කම්මුල අල්ලන් තවත් අඬන ගමන් යුන්ගිගෙ මූණ දිහා බලන් හිටියා.යුන්ගි ජේකේගෙ ඇස් දිහා බලන් කතා කලා.
"මං දන්නවා ඔයාටත් ජිමින් වටිනවා කියලා..නැත්තම් මං කවදාවත්ම ඔයා අඬනවා දැකලා නෑ ජේකේ...! ඉන්න. ඔයා මට ජේකේ වෙන්න කලින් මගෙ කුක් නේද ඔයා..? මං ඔයාගෙ යුන්ගි හියුන්ග් නේද.. ආ..? කියන්න කුක් එහෙම නේද? "
"අහ්..? ඔ..ඔයා මොනවද කියන්න හදන්නෙ..?"
ජේකේ යුන්ගිගෙ ඇස් දිහා බලන් ඇහුවෙ එයාට තේරුනේ නැති හින්දා.
"අහන්න කුක්.. මං මේ ඉල්ලන්නෙ ඔයාගෙ යුන්ගි හියුන්ග් විදිහට.තවදුරටත් සයන්ටිස්ට් කෙනෙක් විදිහට නෙවෙයි...ප්ලීස් කුක් මට උදව් කරන්න..මට...........මට..මගෙ කොටි පැටියව ආයෙ ඕනි කුක් ප්ලීස්.."
යුන්ගි ජේකේගෙ උරහිස් වලින් අල්ලලා හෙලෙව්වෙ ජේකේගෙන් උත්තරේ එළියට ගන්න වගේ..ඒත් ජේකේ ඇස් ලොකු කරන් යුන්ගි දිහා බලන් හිටියෙ පුදුමෙන්..
"ඒත්....ඒත් එයාලා ආයෙ යන්න ගිහින් නම්..? එයාලා ඉන්නෙ අපිට ලං වෙන්න බැරි දුරකින් නම්..? කියන්න හියුන්ග් අපි කෝමද ඒක කරන්නෙ ආ..?"
"එයාලා දැන් ඉන්නෙ 3001 නම්.........
අපිත් 3001 ට යමු කුක් !
එයාලා අපිව හොයාන 2022 ට ආවා නම් ඇයි අපිට 3001 ට එයාලාව හොයාන යන්න බැරි ආ..? "
"ආ..? එතකොට ඔයා කියන්නෙ ආයෙත් පිපුරුණ ටෙලිපෝටර් එක හදමු කියලද? "
ජේකේ කඳුළු පිහදා ගත්තෙ ඇස් අළුත් බලාපොරොත්තුවකින් දිලිසෙද්දි.ටෙලිපෝටර් එකක් නෙවෙයි ජිමින් ඉන්නෙ අඟහරු වල කිව්වොත් ජේචේ රොකට් එකක් හරි හදන්න ඒ වෙලාවෙ හිතා ගත්තෙ...
"ඔව් කුක්.! ඒක අපි ආයෙ හදමු.ගිය පාර පිපිරුණ එක අපි භාගෙට බේර ගත්තනෙ.කැඩුන ටික හදමු.."
"හරි යුන්ගි හියොන්ග්..මට තේරුණා..දැන්ම යමු.."
"කුක් ! "
ජේකේ කියවන ගමන් කා එක ගන්න දුවන්න යද්දි යුන්ගි ජේකේට කතා කලේ.කුක් ඇස් බෝල කරන් කුතුහලෙන් එයා දිහා බැලුවෙ.
"ඇයි හියොන් ?"
"ජිමින්...ඔයාට ඇත්තටම පරීක්ෂණයක්ද..? ඔයාට තාම දැනෙන්....."
"නෑ හියෝන්ග්..තවදුරටත් ඒම නෑ.එයා...........එයා......තමයි මගෙ හැමදේම.මගෙ ඒන්ජල්..මට සමාවෙන්න..."
YOU ARE READING
Coming From 3001 [▪︎COMPLETED▪︎]
Fantasy___Jikook___ ___Sinhala___ ___ BL ____ ___ LOVE ____