♡ PART 07 ♡

608 155 24
                                    

යුන්ගිගෙ කරෙන් පැනපු ජිමින් දොරෙන් එළියට ආව ටේගෙ ඇඟට පැනලා ටේ එක්කම බිමට පෙරළුනේ ටේටත් බැලන්ස් නැති නිසා..

ජිමින් ටේගෙ කම්මුලක් කෙළ නාවන ගමන් හපද්දි ටේ ජිමින්ගෙ ලඟම තිබුන චූටි කන හපන්න ගත්තෙ රිදෙන්නෙ නැති  වෙන්න..

දෙන්නා ඇති වෙනකන් කෑ ගගහා හිනා වෙවී බිම පෙරළෙන හැටි ජේකේයි යුන්ගි බලන් හිටියෙ පුදුමෙන්.

"ඇයි අප්පා එයාලා ඒම..? එයාලා හරිම.....හරිම........" යුන්ගි කියන්න ගිය අන්තිම වචනෙ ගිල ගත්තා.

"හරිම හුරතල්.."

ජේකේ කා එකේ දොර වහලා දාලා අමාරුවෙන් නැගිටගෙන කොන්දට අත තියා ගත්තා..දෙන්නම හුරතල් බෝල දෙක දිහා බලන් හිටියෙ අමුතුම හැඟීමකින්.

"ජිමිනිබ්ට තේබ් තේබ්ව ගොබ්ඩාලියක් මබක් වුනා."

ජිමින් ටේගෙ පිරුණු කම්මුලම කට ඇතුලට ඔබාන හිටියෙ..එයාට කෝමත් බඩිකිනීයි.හරියට බ්‍රෙක්ෆස්ට් ගත්තෙත් නෑනෙ..ඉතිං එයාට කාව හරි කාලා දාන්න ඕනි වුනා.ඒ ටේ වුනත් ජිමින් හිතුවෙ එයාගෙ බන්ඩියට ටේ ටේව ඇති වෙයි කියලා.

"චිමි ආව්...සිදෙනවා අනේ..ටේ ටේව කන්න එපා..හැබැයි ටේ ටේ හූලනවා ඈ.."

ටේ කෑ ගගහා ජිමින්ව අයින් කරන්න හදද්දි ජිමින් අකමැත්තෙන් වුනත් ටේගෙ කම්මුල අතෑරියා.

"යුන්ගියා..ජිමින්ට බඩිකිනී.ඔයාවයි මාවයිත් කන්න කලින් මොනා හරි දෙනවා මනුස්සයෝ.."

ජේකේ යුන්ගිට මුමුණද්දි යුන්ගි ඇස් හීනි කරන් ජේකේ දිහා බැලුවා.

"එයත් එහෙමද..? හපා කනවද බඩකිනි නම්..?"

"හුම්....මේ පේනවනෙ මගේ බෙල්ලෙ දත් පාරවල්.."

ජේකේ එයාගෙ ෂර්ට් එකේ කොලර් එක පහත් කරලා යුන්ගිට පෙන්නුවා.

"සේම්...සේම්..." යුන්ගිත් එයාගෙ හීරුම් පාරවල් තියන අත් පෙන්නුවෙ දිග ටී ෂර්ට් අත උඩට කරලා.

"ජිමිනා..දැන් නැගිටින්න බෝලෙ..ඔය ඇති දෙන්නා දැන් බිම නැටුවා.එන්න...."

ජේකේ ජිමින් ලඟට ආවෙ දැන් විනාඩි දහයක් විතර ම දෙන්නා පොරකාපු නිසා.එයා ජිමින්ගෙ අත් යටින් අත දාලා නැගිට්ට වද්දි ටේ බෙල්ලත් ඇල කරන් යුන්ගි දිහා බලලා  තොල් පෙරලන් ඇස් බෝල කර ගත්තා.

Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now