"ඔයාලා මොනවද හිතුවෙ? මට මේ දෙන්නව ඕනි වුනේ හයිබ්‍රිඩ් ජීවින් ගැන පරීක්ෂණ කරන්න කියලද? "
මහාචාර්යවරයා ජේකේ දිහා බලන ගමන් කට කොනින් හිනා වුනේ තමන්ගෙ කෝට් එකේ කොලර් හදා ගන්න ගමන්.ඒත් ජේකේවත් යුන්ගිවත් ඒක දැක්කෙ නැත්තෙ දෙන්නම පඩිපෙල හෙමින් බහින ටේමින් දෙන්නා දිහා බලන් හිටිය නිසා.
ජිමින්ට පිටිපස්සෙන් ටේත් ආවෙ ඇස් බෝල ලොකු කරන් යුන්ගි දිහාම බලන්.ටේ කීයටවත් හිතුවෙ යුන්ගිලා එයාලාව හොයාන ඒවි කියලා.
ජිමින් නිදිමතේ ම හිටිය නිසා තවත් යන්න බැරි නිසා පඩිපෙලේම මැද පඩියක ඉඳ ගත්තා.ඊයෙ රෑත් හරි නින්දක් ලැබුනෙ නැති හින්දත් අඬලම තිබුන මහන්සිය නිසත් පුංචි පූස් පැටියට මේ වෙලාවෙ හොඳ නින්දක් ඕනි වුනේ.ඒ වගේම එයා තාම ඉන්නෙ එයාගෙ හීන ලෝකෙ.
ඔව් ජිමින්ට අනුව එයා ජේකේව දැක්කෙ හීනෙන් ඒ.
"ජිමිනි එන්න අපි ගෙදර යමු.."
ජේකේ පියවි සිහියට ඇවිත් පඩිපෙලේ ම ඉඳන් පැන්තර්ට තුරුළු වෙලා නිදියන් ඉන්න ජිමින් දිහාට යන්න අඩියක් තිබ්බා.
"නවතින්න ජේකේ ! "
ප්‍රොෆෙසගෙ කටහඬින් ජේකේ ආයෙත් නැවතුනා.ඒක හරියට අණ කිරීමක් වගේ.
"අහන් නැද්ද ඇයි මං එයාලාව මං ලඟට ගත්තෙ කියලා? "
ප්‍රොෆෙස' හිනාවෙන්ම ඇහුවම ජේකේ එයාට රැව්වෙ තරහින්..
"ඔව් මට දැන ගන්න ඕනි.සේරම දැන ගන්න ඕනි.ඒත් මට පේන්නෙ නෑ කරදරයක් කරලා කියලා.මොනා වුනත් මේ වෙලාවෙ මගෙ මිනීට ඕනි නින්දක්..මට පේන්නෙ එච්චරයි.."
ජේකේ කියවන් ගිහින් ජිමින්ට ලං වුනේ අඩියට දෙකට.එයා පස්සෙන්ම යුන්ගිත් ආවා.
ඒත් එක පාරට දෙන්නම නැවතුනේ ටේ කරපු වැඩේ නිසා..
"ටේ..ටේ ඇ....ඇයි ? "
යුන්ගි මිමිණුවා.
ජිමින්ගෙ පිටිපස්සෙ හිටිය ටේ ජිමින්ට උඩ පඩියෙ ඉඳන්ම ජිමින්ව පිටිපස්සෙන් එයාට තුරුළු කර ගත්තෙ හරියට ජිමින්ව ගෙනියන්න දෙන්නෙ නෑ කියන්න වගේ.ටේ ඇස් බෝල කරන් කඳුළු පුරවන් ජිමින් ව අල්ලන්න එපා කියන්න ඔළුව දෙපැත්තට වැනුවා.
YOU ARE READING
Coming From 3001 [▪︎COMPLETED▪︎]
Fantasy___Jikook___ ___Sinhala___ ___ BL ____ ___ LOVE ____