♡ PART 16 ♡

508 149 17
                                    

ජේකේ හිතුවෙ නෑ ජිමින් කීයටවත් එයාලාගෙ රූම් එකේ හැංගෙයි කියලා.මොකද ජේකේ ඉස්සෙල්ලම බලන්නෙ එතන.ඉතිං ජේකේ හිතුවෙ ටේ ජිමින් එක්ක එයාලගෙ රූම් එකේ හැංගෙන්න ඇති කියලා.

ජේකේ මොන තරම් ජිනීව අයින් කරන්න උත්සාහ කලත් එයාට බැරි වුනා.ඒත් එයාටම හිතා ගන්න බැරි වුනා ඇයි එයාට ජිනීව දැක්කම ඉස්සෙල්ල වගේ ෆීලින් එකක් දැනෙන්නෙ නැත්තෙ කියලා..ඒක එයාව තවත් නොසන්සුන් කලා වගේ..

ජිනීව ලිලී එක්ක කා එකේ පිටත් කලාට පස්සෙ යුන්ගී ජේකේ දෙන්නම කඩාගෙන බිඳගෙන දුවන් ආවෙ දෙන්නගෙ පූස් පැටියයි කොටි පැටියයි හොයාගෙන.

යුන්ගි පිස්සෙක් වගේ එයාලගෙ රූම් එකට දුවද්දි ජේකේත් ඒ පස්සෙන් දිව්වා.දෙන්නම හිතුවෙ එයාලා ඒකෙ ඇති කියලා.ඒත් කාමරේම අනිත් පැත්ත හැරෙව්වත් අර දෙන්නව හොයා ගන්න බැරි වෙද්දි යුන් කුක් දෙන්නගෙ ඇස් නළලට ගියා..

"එපා..! ඒම වෙන්න නම් එපා..!"

ජේකේ මිමිණුවා..ඊළඟට එයා ගැහෙන හදවතින් පියවර තිබ්බෙ එයාලගෙ රූම් එකට.

ජේකේ ඇතුළට ඇවිත් නිහඬව තියන කාමරය පුරා ඇස් ගෙනියද්දි එයාට ඇහුනෙ සිහින් ගෙරවිල්ලක්..ජේකේට ලාවට හිනා ගියා..

'එයා පූසෙක්නෙ.කොහෙ හරි ගුලි වෙලා නිදි ඇති.බය වෙන්න දෙයක් නෑ ජේකේ..'

ජේකේ එයාටම මුමුණගෙන කට කොනට හිනාවක් අරන් දොර වහලා දැම්මා.ඊළඟට එයා ගියෙ එයාගෙ පූස් පැටියව හොයන්න..

ඒත් එච්චර වෙලා නොයාම එයාගෙ ඇස් ක්ලෝසෙට් එකේ දොර අස්සෙන් කඩා වැටුන ගෝල්ඩ් පාටට හුරු ලොම් පිරුණ වලිගෙට යද්දි එයාගෙ හිනාව අතුරුදහන්ම වුනා.

එයා දුවගෙන එතනට ගියෙ අන්තිම ටික ලිසසලා වගේ දනිස් දෙකෙන්.එයා ක්ලෝසෙට් එකේ තද වෙලා වැහිලා තියන දොර ඇරියෙ වේගෙන්..

ඒත් එක්කම එයා දැක්ක දර්ශනේ නිසා එයා පිටිපස්සට විසිවෙලා ඉන්ද වුනේ පොළව උඩම.ජේකේගෙ හදවත උඩ එක පාරට අකුණක් ගැහුවා වගේ.

ජිමින් එයාගෙ ඇඳුම බාගෙට ගළවගෙන..එයා කකුල් දෙක පපුවටම ලං කරගෙන ගුලිවෙලා.එයාගෙ චූටි අත් තාමත් කන් වල.එයාගෙ තුරුලෙ ඔඩොක්කුවෙ ටැබ් එකත් තාම ඔන් එකේ..

ජිමින් හරවන් හිටිය මූණේ තාමත් කඳුළු වලට පාර හැදිලා.රතු පාට වුන ඒ කම්මුල් දනිස් දෙක උඩ තියන නිසා  තෙරපිලා තොල් උල් වෙලා රෝස  සිරප් වගේ කෙළ වලින් නැහැවිලා..

ජේකේ මොකුත්ම කරන්න හිතා ගන්න බැරුව ජිමින් දිහා බලන් හිටියෙ හිත එයාට එක තත්පරෙන් දාහක දොස් පවරද්දි...

එයා ඔළුව දෙපැත්තට ගසලා ජිමින්ගෙ ළඟට ලං වෙලා ජිමින්ව ගන්න අත් දික් කලා.එයාගෙ අත් වෙව්ලනවා එයාම දැක්කා..

එයා හෙමින් ජිමින්ව අරන් එයාගෙ ඇඳ උඩින් තිබ්බෙ එයාගෙ ඇඳුම ක්ලෝසෙට් එකේම තියලා.ඒත් ජිමින්ගෙ නිරුවත් ඇඟට ජේකේගෙ ඇස් නොගිය තරම්.එයාගෙ හිත ප්‍රශ්න ගොඩක හිර වෙලා..

'අනේ ජිමින්....ඔයාට කිසිම දෙයක් ඇහුනෙ නෑ නේද..? ඔයා මොකුත්ම දැක්කෙ නෑ නේද..? ඔයාගෙ වලිගෙ රිදෙන් නෑ නේද? ජිමින් ඔයා බොරුවට නේද නිදි වගේ ඉන්නේ?  ජිමින් ඔයා මා එක්ක තරහද? ඇයි මට කතා කරන් නැත්තෙ..? ජිමින් කියන්නකෝ....ඔයාගෙ ජේකේට සමාව දෙනවද....?'

ඒත් ඒ කිසිම දෙයක් ජේකේගෙ කටින් පිටවුනේ නෑ..එයා ඇඳේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ජිමින්ගෙන් ඒවා ඇහුවෙ හිතෙන්..

ඒත් ජිමින් ඇස් ඇරලා එයාගෙ බෝල ඇඟිලි වලින් ඇස් පොඩි කලා.එයාට ඉස්සෙල්ලම එයාගෙ වලිගෙන් ලොකු  රිදිල්ලක් දැනෙද්දි එයාට සේරම තත්පරෙන් මතක් වුනා..

එයා ජේකේව හොයන්න ඇස් වටේම ගෙනියද්දි එයාට දැක්කා ජේකේ එයාව තුරුළු කරන් ඉන්නෙ කියලා...එයා කඳුළු පිරුණ ඇස් වලින් ජේකේ දිහා බැලුවා.ජේකේට හයියක් නෑ වගේ ජිමින්ගෙ අහිංසක ආදරේ පිරුණ ඇස් දිහා බලන්න..

"ජි..ජිමින් ඉන්න ඔයාගෙ වලිගෙට බෙහෙත්....."

"ජේකේ ජිමිනිට මේම ඔයාගෙ තුරුළෙ ඉන්න දෙන්න............




















































































































































අද විතරක්...."

"

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
Coming From 3001 [▪︎COMPLETED▪︎]Tahanan ng mga kuwento. Tumuklas ngayon