01-

479 38 6
                                    

01..

කවදාවත් නැතුව අහස මුලුමනින්ම කරුවලයි...කිසිම එලියක් හොයාගන්න බැරිතරමට...හරියට නිකන් ලොකූ කරදරයක පටන්ගැන්මක් කියන්න වගේ...

"යෙබුසෙයෝ(හෙලෝ)..ජන්කුකා හෙට යනව නේද ? "

ටේහ්‍යුන්ග් කෝල් කරලා තමන්ගේ පරණ කොලේජ් මිතුරෙක් වෙන ජන්කුක්ගෙන් එහෙම ඇහුවේ කටපුරා ඇඳුනු හිනාවේ වෙනසක් වෙන්න නොදීමයි..

"ඔව් ටේ...මටනම් ඉවසිල්ලක් නෑ "

එහාපසින් ඇහුනේ ඉවසිල්ලක් නැති ජන්කුක්ගේ කටහඬ...

"ජිමිනත් එනවා කිව්වා...කාලෙකට පස්සෙ හම්බෙන එක ලොකු සතුටක්"

ටේහ්‍යුන්ග් එහෙම කියද්දි ජන්කුක්,

"ඒකනම් ඇත්ත..වැඩත් එක්ක අපිට අපිව මගහැරුනා..ඉස්සර කරපු ගොං වැඩ මතක් කරන්නවත් වෙලාවක් නැති තරම්"

"ඒක ඇත්ත ජන්කුකා...එහෙනම් හෙට අනිවාරෙන් එන්න හොඳේ...මටත් දැන් යන්න වෙනවා...තව ටිකකින් ෆ්ලයිට් එක...රෑ වෙද්දි මම කොරියාවේ"

"පරිස්සමෙන් ටේ...බායි"

"බායි ජන්කුකා"

කෝල් එක කට් කරපු ටේ එයාපෝට් එකට පිටත් වුනේ කොරියා බලා ගමන් කරන ප්ලේන් එකට නගින්න බලාගෙන...

ජිමින් , ටේහ්‍යුන්ග් , ජන්කුක් කියන්නේ කඩවසම් තරුණයෝ තුන්දෙනෙක් , ඒ වගේම පැරණි කොලේජ් මිතුරන් තුන්දෙනෙක්...ඒත් ඔවුන්ගේ ඉගෙනීම ඉවර වෙනවත් එක්කම ඔවුන් තුන්දෙනාට වෙන් වෙලා පිටරටවල් බලා ගමන් කරන්න වෙන්නේ දෙමව්පියන්ගේ කීමටයි....වැඩවලට හිරවෙනවත් එක්කම එකිනෙකා එක්ක කතා කරන්න තරම් නිදහසක්වත් එයාලට හම්බවුනේ නැහැ..කාලෙකට පස්සේ තමයි මේ ඔවුන් හම්බවෙන්න යන්නේ...

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

@ Unknown place

"ඕක හරියන වැඩක් නෙමේ... මමනම් කියන්නේ මේ වැඩේ නවත්තලා දාන්න..."

කෙනෙක් එහෙම කියද්දි තවත් කෙනෙක් කරේ එයා දිහා ඔරවලා බලපු එක..

"ඔයාට මේක කරන්න බැරිනම් මෙතනින් යන්න "

"එහෙම නෙමේ...මම කියන්නේ...මැරිච්චි කෙනෙක්ගෙ DNA සාම්පල් වලින් කොහොමද තවත් කෙනෙක්ව අමරණීය කරන්න පුලුවන්...අර සල්ලි වලට වහවැටිලද ඔහේ මේක කරන්නෙ "

Virus Z ( ongoing )Where stories live. Discover now