02-

169 32 5
                                    

02...

Next Day @ party

කට්ටියම එයාලගේ යුනි එකේ බැජ් පාර්ටි එකේදී හම්බවෙන්නේ මේ අවුරුදු කීපෙකට පස්සේ...

"වෝහ්හ්...ටේ කොල්ල තවත් ලස්සන වෙලා.."

ජන්කුක් එහෙම කියාගෙන ගිහින් ටේගේ කරේ එල්ලුනේ පරන පුරුද්දටමයි...

"අඩෝ උඹත් තව සෙක්සි වෙලා බන් "

ටේත් එහෙම  කියලා ජන්කුක්ට ඇහැක් ගහද්දී ජන්කුක් හිනාවෙවීම් ටේට පයින් එකක් ගැහුවා...

"අන්න ජිමිනා ඇවිත්"

ඈතින් එන ජිමින්ව දැකපු ජන්කුක් එහෙම කියද්දි ටේත් ටග්ගාලා ඒ පැත්ත බැලුවේ අවුරුදු කීපෙකට කලින් දැක්ක එයාලගෙ යාලුවගෙ මූන බලන්න...ජන්කුක් ටේ පෙලක් බිස්නස් ට්‍රිප් වලදි හම්බවුනත් ජිමින්ව එයාලට හම්බවුනේ නැහැ...ඒකට හේතුවක් තියෙනවා...

"ජිමිනා කොල්ලා තවත් කියුට් වෙලා..ඒක නෙමේ කෙල්ලෙක්වත් නැද්ද ආ "

ජන්කුක් එහෙම අහද්දී ජිමින් කරේ ලාවට හිනා වුනු එක විතරයි...

"මොකෝ බන් උඹ අවුලෙන් වගේ "

ටේ එහෙම ඇහුවේ ඒ තරම් සතුටක් ජිමින්ගේ මූනේ නොතිබ්බ නිසා...

"පොඩ්ඩක් මහන්සී බන් "

ජිමින් එහෙම කියලා කට පුරා හිනාවක් දාද්දියි ජන්කුක්ගෙයි ටේගෙයි මූනට යම් සැනසිලිදායක හිනාවක් ආවේ...

"ඒ මිනායා...."

ටාරා මිනායාට කතා කරේ වයින් වීදුරුවක් අතට ගන්න ගමන්...

"ඕ කියන්න "

"අන්න උඹේ යුනි යන කාලෙ හිටපු පරණ ක්‍රශ් එක ඇවිත්"

ටාරා මිනායාට එහෙම කියලා පෙන්නුවේ ඈතින් ටේයි ජිමිනුයි එක්ක් කතා කර කර ඉන්න ජන්කුක්ව...

"අඩෝ  කෝ කෝ"

තාමත් ජන්කුක්ව නොදැක්ක මිනායා කලබලයෙන් ඔලුව හරෝ හරෝ බලන්න ගත්තේ ජන්කුක් ඉන්නවද කියලා...

"බෙල්ල ගැලවෙයි යකෝ..හිමින් බලපිය 😂 අර ඈත ඉන්නෙ "

ටාරා හිනාවෙවීම එහෙම කියද්දියි මිනායා දැක්කේ ඈත ඉන්න ජන්කුක්ව...ජන්කුක් තවත් කඩවසම් වෙලා...මිනායාට හිතුනේ එහෙම..

Virus Z ( ongoing )Where stories live. Discover now