-06

116 24 32
                                    

06...

බනින්න වගේ එහෙම කියපු ටේ ඉස්සර වෙලා යන්න ගද්දී ඕරත් මුකුත් නොකියා කෝට් එක ඉනෙන් බැඳගෙන යන්න ගත්තා....

"ඔ ඔන්නි"

එකපාරටම දෙවෙනි තට්ටුවට ආවම කට්ටියටම ඇහුනේ පිටිපස්සෙන් ආපු අර බේරගත්තු එක කෙල්ලෙක්ගේ කටහඬක්...

හැමෝම ඒ වෙව්ලන කටහඬේ සද්දෙට පිටිපස්සට හැරෙද්දියි දැක්කේ ඒ වෙනකොටත් අර අනික් කෙල්ල මේ කතාකරපු කෙල්ලගේ අතක් හපන ගමන් ඉන්න වග...

"මොකක් මෙයාත් සෝම්බියෙක්ද !? "

මිනා කෑ ගහද්දී ජන්කුක් පැනපු ගමන් මිනාගේ කටවැහුවා වගේම ජිමින් ඉක්මනට ලඟ තිබුනු පන්තිකාමරයක් ඇතුලට ඒ කෙල්ලෝ දෙන්නවම තල්ලු කරලා එලියෙන් දොර ලොක් කරා....

"අනේ අර කෙල්ල පව්"

තමන්ගේ කටවහන් හිටපු ජන්කුක්ගෙ අතහපලා ජන්කුක්ටත් ඔරවන ගමන් එහෙම කියපු මිනා අර පන්තිකාමරේ දිහාවට ආයෙත් ඇස් යොමු කරා...

".ෆිල්ම්ස් වල වගේම මේක බෝවෙන්නෙත් හපාකෑවමද !? "

ටාරා අහද්දි කට්ටියම පොඩ්ඩක් නිශ්ශබ්ද වුනත් එකපාරට පහලින් ආපු සද්දෙ නිසා හැමෝගෙම ඇස්වල ඇඳුනේ බයක්...

"ඉ ක්මන් කරන්න උන් එනවා "

ඕරා එහෙම කියද්දී හැමෝම ඉස්සරහට දුවන්න ගත්තත් පහලින් එන සද්දේ හැටියට උන් ඉක්මනටම හැමෝම ඉන්න තැනට ඒවී කියලා හැමෝටම හිතුනා....

"අපිට තවත් යන්න පුලුවන් වෙන එකක් නෑ..තාවකාලිකව හරි ඔය තියෙන කාමරේකට රිංගගමු "

ටේ එහෙම කියලා හැමෝවම පාස් කරගෙන ඉස්සරහට දුවන් ගියා....

"මේකේ ශක්තිමත් දොරක් තියෙනව වගේ...ඉක්මනට එන්න "

ටේ එක පන්ති කාමරයක් ගාවින් නැවතිලා කතා කරද්දී කට්ටියම ගිහින් ඒ කාමරේට ඇතුල් වුනා...ඒත් එක්කම දොර ඇතුලෙන් ලොක් කරපු ටේ ,

"ඔය බඩු ටිකක් අරගෙන මේ දොර ගාවින් තියන්න උදව් කරන්න "

ටේ එහෙම කියනවත් එක්කම හැමෝම එතන තිබුනු ඩෙස් කීපෙකුත් පුටු කිහිපෙකුත් අරගෙන දොර ගාවින් ගොඩ ගැහුවා...

Virus Z ( ongoing )Where stories live. Discover now