09..
එකපාරටම නිදාගෙන හිටපු ටාරට ඇහැරවුනේ කන් වලට ඇහුනු අමුතු උගුරයටින් ගොරවන සද්දයක් නිසා..
" ජිමින්..හේයි ජිමින් "
තමන් ලඟටම වෙන්න හිටපු ජිමින්ට තට්ටුවක් දාන ගමන්ම ටාරා හිමිට කතාකරේ ටාරගෙ සද්දෙට ජිමින්ගෙත් ඇස් ඇරෙද්දි..
" ම්හ් මොකද ටාරා !? "
"නැගිටල එන්න "
ඇඳුම හදාගෙන නැගිටින ගමන් ටාරා කතාකරද්දි ජිමිනුත් ඈනුමක් ඇරලා නැගිට්ටේ අනික් අයව නැගිට්ටවෙන්නේ නැතිවෙන්න..
" මොකක්ද ප්‍රශ්නෙ !?"
ජිමින් හිමීට අහද්දි ටාරා එකපාරටම දෙයක් දැකලා ජිමින්ව බිත්තියකට තදකරන් රාක්කයක් පිටිපස්සට වුනේ ජිමින්ගේ තොල් වලින් තමන්ගේ ඇඟිල්ලකුත් තියන ගමන් ...කොටින්ම ඒ මූනු අතර සෙන්ටිමීටරයක් තරම් විතර පරතරයක් තිබුනේ....
ජිමින්ගේ හදවත වේගෙන් ගැහුනත් ටාරා හිටියේ එකපැත්තක් දිහාවට ඇස් යොමුකරගෙන...
" ක් කොහොමද "
ඒ කටහඬේ තිබුනෙ ප්‍රශ්නාර්තයක් !
ජිමිනුත් හිමින් ඔලුව ඒ දිහාවට හැරෙව්වේ ටාරා මෙච්චරටම පුදුමෙට වගේම බයට පත්වෙන්න හේතුව මොකක්ද බලන්නයි...
"ද් දෙවියනේ "
ජිමින් දැක්කේ බිම දිගේ ලේත් පෙරන් හිමීට බඩගාගෙන යන සෝම්බියෙක්...බලන්න තරම් අප්පිරියාවක් වගේම බයක් දැනෙද්දි ටාරත් ජිමින්ගෙ ශර්ට් එකේ කොනකින් අල්ලගත්තෙ ජිමින් හිමීට ටාරව පිටිපස්සට කරගනිද්දි...
ඒ එක්කම වගේ අතට ලඟම තිබුනු පුටුවක් ගත්තු ජිමින් ගිහින් ඒකෙන් සෝම්බියගෙ ඔලුවටම කීපසැරයක් ගහලා
ඉවරයක් කරද්දි එලියෙන් ඇහුනේ කලබලකාරී සද්දයක්." අ අයිශ් ..උන් සංවේදිවැඩියි ! "
ටාරා මුමුනද්දි ජිමින් ටාරාවත් ඇදගෙනම කට්ටිය නිදන් ඉන්න තැනට ගියේ කට්ටියට විස්තරේ කියන්න ....ඒ වෙනකොටත් නැගිටලා හිටපු කට්ටියටම විස්තරේ කියපු ජිමින් ටාරා දෙන්නා බිම දිගේ බඩගාගෙන ආපු සෝම්බියවත් පෙන්නුවේ ජන්කුකත් ඇස් දෙක ලොකු කරන් අහන් ඉද්දි...
YOU ARE READING
Virus Z ( ongoing )
HorrorBts sinhala fanfiction Main vminkook x girls Zombie fiction