07....
කට්ටිය මෙහෙට එන්න !!!!
එකපාරටම ඕරාගේ කටහඬ ඇහෙනවත් එක්කම කට්ටියම එතනින් ඕරා ඉන්න තැනට ගියේ කතා කරේ ඇයි කියලා බලන්න...
"මෙතන වායු කවුලුවක් තියෙනවා..දැනට එලියට යාගන්න වෙන ක්‍රමයක් නැති නිසා මම මේකෙන් ගිහින් බලන්නම් "
ඕරා එහෙම කියද්දී මිනා වගේම ටාරාත් ඕරා දිහාවට හෙලුවේ ප්‍රශ්නාර්ථ බැල්මක්...
"ඔයාට ඕකට තනියම නගින්න පුලුවන්ද !? "
ටේත් අහද්දි ඕරා මුකුත්ම නොකියා බිත්තිය අයිනට කකුලක් තියලා තිබුනු ශක්තිමත් පොත් රාක්කෙකටත් අනික් කකුල තියලා බිත්තියේ උඩට වෙන්න තිබුනු වායු කවුලුවේ දොර තමන්ගේ නියපොතු වලින් අරින්න ගත්තේ හුඟක් පුරුදු කෙනෙක් වගේ...
"එයා කොහොමද !? "
ජන්කුක් ඔලුව කහ කහම අනික් අය දිහා බලද්දී අනික් අයත් එකටම උරහිස් ඇකිලුවේ දන්නෑ කියලා කියන්න...
දොර ඇරලා ඉවර වුනු ඕරා ඉක්මනින් වායු කවුලුවට නැග්ගම කට්ටිය හිටියේ තවත් පුදුමෙට පත් වෙලා...
"මම ගිහින් ඉක්මනින් තැනක් බලන්නම් "
වායු කවුලුවෙන් එලියට් ඔලුව දාපු ඕරා එහෙම කිව්වම කට්ටියටම එකටම ඔලුව වැනුවා...
"හරි එහෙනම්..හ්වයිටින්ග් අවුරෝරා !! "
තමන්ටම එහෙම කියාගත්තු ඕරා දනගාගෙන යන්න හදලා ආයෙමත් දනහිස් වලට අර ටේගේ කෝට් එක පෑගෙන නිසා ඒක ඉනෙන් ගලවලා ආයෙමත් පුස්තකාලේ ඇතුලට විසික් කරා...
"ආයිශ් මේ කෙල්ලනම් 😑"
බිම වැටුනු තමන්ගේ කෝට් එක අතට ගන්න ගමන් තමන්ටම කියාගත්තු ටේ කෝට් එකත් පැත්තකින් තියලා පුස්තකාලේ වටේ ඇවිදින්න ගත්තේ මොනව හරි ආයුදයක් වගේ දෙයක් හොයාගන්න..
.
.
.
."ඒක නෙමේ ජිමින්...ඔයා මොනව හරි මේක ගැන දන්නව නේද !? "
මුල ඉඳලම ජිමින්ගේ අමුතු හැසිරීම නෝට් කරගෙන හිටඖ ටාරා ජිමින්ව තනිවෙනකන් ඉඳලා ඉක්මනින් එයා ගාවට ගිහින් තමන්ට තිබුනු ප්‍රශ්නේ ඇහුවා...
YOU ARE READING
Virus Z ( ongoing )
HorrorBts sinhala fanfiction Main vminkook x girls Zombie fiction