-08

43 11 10
                                    

08....

ඕරා හිටියේ වායු කවුලුව දිගේ ඉස්සරහට දනගාගෙන යනගමන්...ඒත් එයා දැනන් හිටියෙ නෑ ඒ සද්දෙ එන වායු කවුලු දිහා තරමක් දුරට වැඩුනු සෝම්බි බලන් ඉන්න වගක්....

ඔය අතරෙමයි ටේ ඇතුලු කට්ටියත් හිමීට වායු කවුලුව දිගෙ ඉස්සරහට එන්න ගත්තෙ ...එක්කෙනා පස්සෙ එක්කෙනා ගියත් සෝම්බින්ගේ අමුතු සද්ද අඩුවෙලා කලහකාරී විදියට තිබුනු පරිසරය නිහඬ වෙලා කියල තේරුනේ ජිමින්ට විතරයි....

" ගායිස් මන් හිතන්නෙ අපි පුලුවන් තරම් සද්ද නොකර යන්න ඕනෙ "

ජිමින් හිමීට වුනත් කට්ටියටම ඇහෙන්න කිව්වේ ජන්කුක් ජිමින් දිහාවට ප්‍රශ්නාර්ත බැල්මක් දාද්දි...

" සෝම්බි ඉස්සෙල්ලා පුදුම විදියට සද්ද කරා...ඒත් දැන් තේරෙනවද එක්කෙනෙක්ගෙවත් සද්දයක්වත් නෑ...එයාලා මොනවහරි දේකට අවදානෙ දීගෙන ඉන්නෙ.."

ජිමින් ආයෙම හිමීට වුනත් පැහැදිලි කරද්දි ඉස්සරහින්ම හිටපු ටේ කරේ තමන්ගෙ ලඟටම වෙන්න තියෙන විවරෙකින් පහල බලපු එක ..

ඒත් එක්කමයි ටේ ඒ දර්ශනේ දැක්කෙ..ඔව්! ජිමින් හරි. ඒ හැමෝගෙම ඇස් තිබුනේ වායු කවුලුවට..

" ජ් ජිමින් හරි.හැමෝම බලන් ඉන්නෙ වායු කවුලුව දිහා ! "

ටේ ජිමින් කියපු දේ ස්තීරකරලම කියද්දි හැමෝම බයවුනත් ආයෙම ටාරා ක්ට්ටියවම මෝටිවේට් කරන ගමන් හිමීට ඉස්සරහට යමු කිව්වමයි හැමෝම ටිකක් හරි සන්සුන් වුනේ...

ඕරා වායු කවුලුව දිගේ යන සද්දෙ දිහා සෝම්බීස් බලන් හිටියත් උන් එකෙක්ටවත් ඕරා ලඟට ලංවෙන්න වුනේනැත්තේ වායු කවුලුව යම් තරමක් උඩින් පිහිටල තිබුන නිසා...එක අතකින් ඒක කට්ටියගෙම වාසනාවක්...

ඕරා අන්තිමේ නැවතෙන්නේ කොලේජ් එකට අදාල ගබඩා කාමරේ වෙනකොට ඕරා හිමීට පහලට බැහැලා ලඟම තියෙන ටිකක් බර පොල්ලක් අතට ගන්නේ කෝකටත් කියලමයි...

ඕරා ආපු වායු කවුලුව දිගේම එන ටේලත් ඒත් එක්කම මතුවෙන්නෙ ඕරා බැහැපු තැනින් වෙනකොට ඕරා ඉන්න විදියට කේන්ති යන ටේ බොහොම අමරුවෙන් කේන්තිය පාලනය කරගෙන කලින් විසි කරල ගිය කෝට් එක ආයෙම ඕරගෙ ඇඟට විසි කරන්නෙ වායුකවුලුවෙන් බහින ගමන්මයි...

Virus Z ( ongoing )Where stories live. Discover now