10..
එකපාරටම මහ සද්දයක් එක්ක දොර ගැලවිලා බිමට වැටෙද්දි සෝම්බි එකාදෙන්නා ඇතුලට එන්න ගත්තෙ කට්ටියම හුඟක් බයවෙද්දි...
" ඉ ක්මන් කරන්න..හැමෝම ජනෙල් ගැට්ටට නගින්න "
ඕරා ලනුවේ උඩට යනගමන් කෑගහද්දි කට්ටියම දඩිබිඩි ගාලා පුලු පුලුවන් විදියට ජනෙල් ගැට්ට දිගේ නැගලා බිත්තිය අයිනට වුනේ ජනෙල් සේරම වහන ගමන්...
" ගෝඩ් බිම බලන්නනම් එපා මිනා.කාම් ඩවුන්න් "
මිනා තමන්ටම කියාගන්න ගමන් ඇස් වහන් බිත්තියත් බදාන ඉන්න විදිය දැක්කමනම් ජන්කුක් හිමින් මිනාව අල්ලගත්තේ බයනැතිකරන්න වගේ...
ලනුව දිගේ උඩට ගිය ඕරා හීන්සීරුවෙ රුෆ්ටොප් එකට ගොඩවෙලා ඉස්සෙල්ලම කරේ සෝම්බි ඉන්නවද බලපු එක...ඒත් වාසනාවකට වගේ රූෆ්ටොප් එකේ එකම සෝම්බියෙක්වත් නැතිවෙනකොට ඕරා ඉක්මනින්ම ගිහින් රූෆ්ටොප් එකට එන්න තියෙන දොරවල් බ්ලොක් කරලා ආයෙම පහලට ඔලුව දැම්මෙ උඩට එන්න කියලා කට්ටියට අඟවන ගමන්...
" මිනා ඉස්සෙල්ලම යන්න..ඔයාට මෙතන ඉන්න අමරුයිනෙ"
ටාරාත් කිව්වෙ තමන්ගෙ යාලුවගෙ බය හොඳටම දන්න නිසා..ජන්කුකත් මිනාට තට්ටුවක් දාද්දි මිනා ඔලුව වනලා ඉස්සරවෙලා ලනුව දිගේ උඩට යන්න ගනිද්දි ටාරා ගැස්සුනේ තමන්ගෙ කකුල අදිනව වගේ දැනෙන්න ගත්තු නිසා...
කට්ටියගෙම අවදානය ලනුවට තියෙන වෙලාවෙ ටාරගෙ කකුලේ එල්ලිලා හිටියේ සෝම්බියෙක්...ජනේලේ කඩාගෙන සෝම්බි එලියට එන්න අරගෙන...
" අ අයිශ් "
බයවුනත් හිතට හයිය අරන් ටාරා කකුලෙන් සෝම්බියට ගහන්න ගනිද්දි ජිමිනත් ඉක්මනින් උදව් කරලා ටාරවත් ලනුවට නැග්ගුවේ ඉක්මන් කරන්න කියන ගමන්..
ටාරත් ඉක්මන් කරලා රූෆ්ටොප් එකට ගොඩවෙද්දි ජන්කුක් ජිමිනුත් පිලිවෙලින් උඩට ආවත් ටේ ලනුවෙ එල්ලෙන්න හදද්දිත් එතන තත්වෙ හුඟක් බරපතල වෙමින් තිබුනා...උදව්වටත් කවුරුත් නැතිවෙද්දි ටේගෙ කකුල අහුවුන සෝම්බියෙක් ටේගෙ කකුලෙ පදාසයක්ම
හපලා ගනිද්දි ටේ වේදනාවෙන් කෑගැහුවෙ ලනුවෙ එල්ලිලාමයි...
YOU ARE READING
Virus Z ( ongoing )
HorrorBts sinhala fanfiction Main vminkook x girls Zombie fiction