🌹§ÈÇRȆ GÄRÐÈñ🌷
______________________________________
■■(Haewon's POV)■■
හිතේ කොච්චර බයක් ඇති වුනත් ඒ චූටි බෝනික්කිව මං කවර් කර ගෙන තදින් ඇස් පියා ගත්තේ., වෙන කරන්න දෙයක් හිතා ගන්න බැරි වෙද්දියි. ඒත් කන ළඟින්ම ඇහුනු break සද්දයත් එක්කම මං ඇස් අරිද්දී දැක්කේ., ගෑවී නොගෑවී නැවතිලා තිබුණු car එකකුයි. ඒත් එක්කම car එකෙන් බැහැගෙන ආව මැදි වයසේ පිරිමි කෙනෙක් එකපාරටම බැනගෙන බැනගෙන ගියත් මං හිටියේ ඒ කිසිම දෙයක් ඇහෙන මානසිකත්වයකින් නොවුනේ දැනුනු බයටම මගේ මුලු ඇඟම පණ නැති වෙලා වගේ දැනෙද්දීයි. ඒත් එක්කම එහා shops වල හිටිය අජුම්මලා දෙන්නෙක් ඇවිත් මට නැඟිටින්න උදව් කලේ, වුනු කිසිම දෙයක් නොදැන අපි දිහා මාරුවෙන් මාරුවට බයෙන් බලන චූටි කෙල්ලවත් නැඟිට්ටවන ගමන්මයි. තාමත් බය නිසාම කකුල් පණ නෑ වගේ දැනෙද්දී අජුම්මාගේ උදව්වෙන්ම ළඟ හිටිය කෙල්ලවත් අතින් අල්ලගෙනම ඒ car driver ගෙන් සමාව ඉල්ලුවත් දිගින් දිගටම එයා කලේ බැනපු එකයි. වැරැද්දක් වුණු නිසාම මං කටවහන් දිගටම සමාව ගත්තේ බයවෙලා අඬන්න ඔන්න මෙන්න හිටිය කෙලි පැටික්කිවත් තුරුලු කරගෙනමයි.
"තමුන්ලා ළමයි හැදුවනම් පරිස්සම් කර ගන්න දැන ගන්නවලා... මෙතන පාරෙ යන මිනිස්සුන්ව අමාරුවේ නොදා..? මේ පොඩි එකී.., ඔයාටත් එක්කමයි කිව්වේ... තමුන්ට ඕන සෙල්ලමක් ඕන තැනක කරගන්නවා... මේ මහ පාරේ නැතුව... පොඩි කාලේ ඉදන්ම ළමයිව හදා ගන්න..."
"අනේ මිස්ටර් සමාවෙන්න... ඔයාට සිද්ධ වුණ අපහසුතාවයට සමාවෙන්න..."
එකපාරටම එතනට ආව full covered පිරිමි කෙනෙක් එහෙම කියන ගමන් අර චූටි බෝනික්කිව එයා ළඟට ගත්තේ බොහොම කලබලයකිනුයි. තවත් ටික වෙලාවක් එහෙමම දෙහි කප කපා හිටිය car driver එතනින් ගියේ, අර බෝනික්කිගේ අප්පායි කිව්ව කෙනා පැත්තකට ගිහින් එයත් එක්ක කතා කරලා සල්ලි වගයකුත් අතට දුන්නට පස්සෙයි. ඔව්., සල්ලි වලට නම් මොන ජගතා වුනත් නමන්න පුළුවන්නේ. වටේ හිටිය අයත් විසිරිලා ගිහින් හිටිය නිසා මාත් මගේ shop එකට වෙලා ඒ දිහා බලාගෙන හිටියේ කලකිරීමෙනුයි. දරුවෙක්ව හදන්න ඕනේ මලක් වගේ ඇහැ ළඟ තියන් පරිස්සම් කරලා වුනාට, දැන් සමහර දෙමාපියන් තමන්ගේ දරුවන්වත් හදන්නේ මේ ලෝකයට දරුවෙකු දෙන්න උවමනාවට මිසක්., තමන්ගේ ආදරයෙන් ආරක්ෂාවත් එක්ක නෙමෙයි. සමහරවිට ඒ අප්පත් වුණු වැරැද්ද වහගන්න අර මනුස්සයට සල්ලි දෙන්න ඇති.
YOU ARE READING
🌷SECRET GARDEN🌷
FanfictionThere's a precious place inside of me.., It's still nothing special.., If you wait a little more.., You'll see... My SECRET GARDEN...💖 🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷 Something great and amazing is planted inside.., Although I still can't see anythin...