(කතාව අමතක නම් කලින් එපිසෝඩ් ටික ටික බලලා එන්න ලව්ලීස්... අවුරුද්දකට විතර පස්සෙනේ මං මේ කතාව ලියන්නේ...)
🌹§ÈÇRȆ GÄRÐÈñ🌷
■■(Jungkook's POV)■■
දූ වත් ජීමින් හ්යුන්ග්ලගේ ගෙදරින් එක්කගෙන ඇවිත් අරගෙන ඇවිත් මං කෙලින්ම දූ වත් එක්කගෙන රූම් එකට ආවේ, වොෂ් එකක් දාලා ඇඳට වැටෙන්න බලා ගෙනයි. ජීමින් හ්යුන්ග් මං මට ඩිනර් එකට ඉඳලම යන්න කිව්ව නිසා, අද කෑම ගැන වද වෙන්න ඕන වුණේ නැති නිසා, වොෂ් කර ගත්ත ගමන් මාත් නිදාගෙන හිටිය දූගේ එහා පැත්තෙන් හාන්සි වුනේ අද දවස පුරාම එහාටයි මෙහාටයි ආ ගිය තැන් ගැන හිත හිතාමයි. හ්යුන්ග්ලගේ ගෙදරදී නූනා දූව වොෂ් කරවලා කවපු නිසාම තද නින්දක හිටපු දූ දිහා ටික වෙලාවක් බලන් ඉද්දී දූ නින්දෙන්ම හිනා වෙන්න ගද්දී මටත් හිනා ගියේ ඒ හුරතල් මූණ නිසයි.
"මොනාද මගෙ දූ දකින්නේ ආහ්..? ලස්සන සුරංගනා හීනයක් වෙන්න ඇති නේද..?"
දූ හිනා වෙද්දී එක පැත්තක හැදෙන ඩිම්පල් එක දිහා බලාගෙනම දූ ව ඇහැරවෙන්නේ නැති හඬකින් මං එහෙම ඇහුවේ හිතේ පිරිලා තිබුණු ආදරෙත් එක්කමයි. ටික වෙලාවක් එහෙම ම ඉදලා ඉස්සරහට හැරිලා නිදා ගන්න යද්දී මගේ ඇස් දෙකට අහු වුණේ ලොකුවට රාමු කරලා තිබුණු සාරන්ග් ගෙයි මගෙයි වෙඩින් ෆොටෝ එක. ඒ දකිද්දී හිතට මොනතරම් දුකක් දැනුනත් දරුවා ඉන්න තැනදී මගේ ඇස් වලට කඳුළු උනනවාට මං කොහෙත්ම කැමති වුණේ නෑ. ඒත් සාරන්ග් දිහා බලාගෙන ඉද්දී මගේ ඇස් දෙකට අහු වුණේ එයාගේ අතේ තිබුණු මල් බොකී එකයි.
"ආෂ්..! ෂිට්..! ගත්ත මල් ටික... ආයිෂ්..! පරවෙලා නම් තියෙන්න එපා..."
එහෙම මුමුණන ගමන්ම මං පාක් කරලා තිබුණු මගේ කාර් එක ගාවට දුවන් ගියේ මල් ටික ගන්නයි. පර නොවෙන විදිහට තෙත ටිෂූස් දාලා මල් ටික දීලා තිබුණු නිසා ලස්සනට ගත්ත වෙලාවේ වගේම තිබුණු මල් ටික දැක්කම නම් මගේ මූණට පුංචි හිනාවක් ආවේ මටත් නොදැනීමයි. මල් වල සුවඳත් බල බලා කාර් එකේ දොර වහන්න යද්දිම මගේ ඇස් වල ගැටුනේ බැක් සීට් එක ගාව බිම වැටිලා තිබුණු කලින් සෙමෙට්‍රි එකෙන් අරන් ආපු වේලුණු බොකී එකයි. ඒකත් අරන් එන අතරේ මට මතක් වුණේ එවෙලේ ජීමින් හ්යුන්ග් කියපු දේවලුයි. 'ඇත්තටම මං සාරන්ග්ට යන්න දෙන්න ඕනිද..? ඒත් එතකොට ඔයා මං වෙනුවෙන්, අපේ දූ වෙනුවෙන් කරපු දේවල් මං අමතක කරා වගේ වෙනවා නේද සාරන්ග්.. ඒ නිසා මට පුළුවන් මගේ දූව බලා ගන්න.. ඔව් මට පුළුවන්..' මට මගේ අතක තිබුණු වේලුණු මල් බොකී එක දිහා බලන ගමන් මං මගේ හිතින්ම ඇහුවේ අපේ රූම් එකට යන්න පඩිපෙළ නගින අතරේයි.
YOU ARE READING
🌷SECRET GARDEN🌷
أدب الهواةThere's a precious place inside of me.., It's still nothing special.., If you wait a little more.., You'll see... My SECRET GARDEN...💖 🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷 Something great and amazing is planted inside.., Although I still can't see anythin...