Chapter 06🌼 - "HAPPY TOGETHER"

39 5 0
                                    

🌹§ÈÇRȆ GÄRÐÈñ🌷



■■(Haewon's POV)■■




අහස පාට පාටින් ලස්සනට පාට කරපු සිත්තමක් වගේ පෙනෙද්දී මං අහස දිහා බලාගෙනම හිමි හිමින් පාක් එකේ ඉස්සරහට ඇවිදන් ගියේ, හිත සනසන මද සුළඟත් එක්කම ගහගෙන යන චෙරි බ්ලෝසම් පෙති අතරිනුයි. හැම තිස්සේම මහන්සියෙන් ඉන්න හිතට විවේකයක් ගන්න තිබුණු උවමනාව නිසාම අද දවසට තිබුණු ඕඩර්ස් ටිකත් ඉක්මනින්ම ඉවර කරලා ෂොප් එකත් ටිකක් වේලාසනින්ම වහලා මං සෝල් වල 'ජෝයිවර්ඩ්' පාක් එකට ආවත් හරි, මං ඔම්මාට කෝල් එකක් ගත්තේ හවස ඔම්මාට කෝල් කරන එක මගේ අනිවාර්ය කාර්යයක් නිසයි. කතා කර කරාම ඇවිද ඇවිදා යන අතරේ ගිලිහිලා යන මල් පෙති අතරින් මට පෙනුනේ හා පැටියෙක් වගේ උඩ පැන පැනා දුවන් එන චූටි පොඩ්ඩියෙකුයි. ඒ දිහාටත් ඇස් යොමු කරගෙනම මං ඉස්සරහට යන්න ගත්ත කකුල් එහෙමම නැවතුනේ ඒ එන රූපේ මං අඳුන ගත්ත නිසයි.

"චූටි හා පැටික්කි..."

📞- "මොකක්ද වොනී කිව්වේ..? හරියට ඇහුනේ නෑ..."

මං හිමින් මුමුණපු නම ඇහුනේ නැති නිසා ඔම්මා එහෙම අහද්දීයි මං සිහියට ආවේ.

"අහ්.., නෑ ඔම්මා... මුකුත් නෑ... මේ මං අඳුරන කෙනෙක්ව දැක්කා... මං ඔම්මට පස්සේ ගන්නම් හරිද..? පරිස්සමින් ඉන්න ඔම්මා... සරන්ග්හේ..."

📞- "ඔයත් පරිස්සමින් වොනී... රෑට බඩගින්නේ එහෙම නිදා ගන්න එපා හරිද... නාදෝ සරන්ග්හේ..." (මමත් ආදරෙයි.)

"හරි ඔම්මා මං එහෙනම් තියන්නම්..."

කෝල් එකත් කට් කරන ගමන්ම මං ළඟට ඇවිත් අතේ තිබුණු චූටි චොකලට් එකක් මගේ දිහාවට දික් කරගෙන චූටි කිරි දත් ටිකත් පෙන්නලා හිනාවෙලා ඉන්න චූටි කෙල්ලගේ මට්ටමට මං නැවුනේ එයත් එක්ක කතා කරන්න වුනත් ඒ චොකලට් එක මගේ අතට දීලා අත් වලින් සංඥා කරද්දීයි මට මතක් වුණේ මේ බෝනික්කිට මං කියන දේ ඇහෙන්නේ නෑනේ ද කියලා. ඒ නිසාමදෝ හිතේ අමුතුම දුකක් ඇති වෙද්දී මං චූටි කෙල්ලව වඩා ගත්තේ කාත් එක්කද ආවේ කියලා හොයන්න වට පිට බලන ගමන්මයි. හරියට හොඳටම දන්න අඳුනන කෙනෙක් වගේ මගේ බෙල්ලත් බදාගෙන චූටි කෙල්ල මගේ උරහිසින් ඔලුව තියාගත්තේ මගේ හිතේ අමුතුම තිගැස්මක් ඇති කරලයි. මං මේ චූටි බෝනික්කිගේ ඔම්මවයි අප්පවයි හොයන්න වටපිට බල බලා ඉන්න අතරේදී දැක්කේ ඈත් ඉදන් අත වනන මේ චූටි හා පැටික්කිගේ අප්පායි. චූටි කෙල්ලවත් වඩාගෙනම මං එයාගේ අප්පා හිටපු තැනට යද්දී පොඩ්ඩිගේ අප්පත් මට හිනා වෙලාම සුභ පතද්දී මෙච්චර වෙලා මගේ උරහිසින් ඔලුව තියන් හිටිය පොඩ්ඩි එයාගේ අප්පා අතට පැන්නේ එයාගේ අප්පත් හරි හරියට කෙල්ලව හුරතල් කරද්දීයි. ටික වෙලාවක් යනකන්ම ඒ ලස්සන දර්ශනයට සිහිය යොදවලා හිටිය මං හරි සිහියට ආවේ පොඩ්ඩිගේ අප්පගේ හඬිනුයි.

🌷SECRET GARDEN🌷Where stories live. Discover now