🌹§ÈÇRȆ GÄRÐÈñ🌷
________________________________________
■■[Jungkook's POV]■■
ජීවිතය ඇත්තටම මොන වගේද..???
සතුටින් පිරුණු තැනක්..???
දුකෙන් ගෙවෙන තැනක්..???
කලකිරීම් වලින් පිරුණු තැනක්..???
ගොඩක් අයගේ පිලිතුර විදිහට මේ පිලිතුරු වලින් එකක් ලැබේවි. ඒත් මගේ පිලිතුර මොකක් කියලද හිතන්නේ..? මට ඇත්තටම ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. හිතාගන්න බැරි විදිහේ පුදුම දෙයක්. බූසන් වල පවුලේ බලයා වගේම හුරතලා වුණු මට පුංචි වයසෙදිම මගේ උපන් ගමෙන් ඈත් වෙලා, ඔම්මා අප්පගෙන් ඈත් වෙලා මගේ නොවුනු මගේම වුණු සහෝදරයෝ හය දෙනෙක්ගේ ආදරය රැකවරණය එක්ක හැදෙන්න වුණා. මගේ හීනේ සැබෑ කර ගන්න පුංචි තැනේ ඉදන් අපහාස උපහාස එක්කම ඉස්සරහට ගිහින් හීන කියන කන්දේ මුදුනටම හිමි හිමීට ලං වුණු කෙනෙක් වුණා. පුංචි කාලෙකින්ම ලෝකයක ආදරේ දිනා ගන්න අතරේම මගේම වුණු ලස්සන ආදරයක හිමි කාරයෙක් වෙලා හිටිය කෙනෙක් මං.
ගොඩක් වෙලාවට පවුලේ වගේම මගේ දෙවෙනි පවුල වුණු හ්යුන්ග්ලයි ආමිලගෙයි හුරතලේ වුණු මං, අද වගකීම් ගොඩක හිර වෙලා ඉන්න කෙනෙක්. මගේ අතත් අල්ලන් උඩ පැන පැනා එන මගේ හා පැටික්කිව බලා ගන්න එක තමයි දැන් මගේ ලොකුම වගකීම. ඒ මගේ මැණික, මගේ සාරන්ග් එයාගේ හුස්ම ටික මගේ දූට දිලා මගේ අතට දුන්නේ මට එයාව මලක් වගේ බලා ගන්න කියලා නොකියා කියන ගමන්මයි. ඉස්සර මගේ පුංචි හා පැටික්කි ඉපදෙන්න ඉද්දී මං කොච්චර සාරන්ග්ව එයා බෑ බෑ කියද්දී ඇවිද්දවන්න එක්කගෙන එන්න ඇතිද මේ පාරවල් වල. එදා මං හීන මැව්වා අද වගේ දවසකදී මගේ චූටි කෙල්ලව මැදින් තියාගෙන තුන් දෙනත් එක්කම එකතු වෙලා මේ වගේ නිදහසේ ඇවිදින්න. ඒත් අද අපි දෙන්නා තනියම මෙතන ඇවිදිනවා මගේ සාරන්ග් අපෙන් ගොඩාක් දුරට ගිහින් තියෙද්දී.
සමහර අය අහයි මං දුකින්ද ඉන්නේ කියලා. ඒත් ඇත්තටම මට දෙන්න පුලුවන් පිලිතුර තමයි මට පුදුමයි මේ හැම දෙයක් ගැනම. මගේ හුස්ම ටික මගෙන් ඈතට ගියේ මට ජීවත් වෙන්න තවත් පණක් මං ළඟින් තියලයි. ඒ නිසා ලැබුනු දේ බාර ගන්නවා ඇරෙන්න මට දුක් වෙවී ඉන්න කාලයක් ලැබුනේ නෑ.
YOU ARE READING
🌷SECRET GARDEN🌷
FanficThere's a precious place inside of me.., It's still nothing special.., If you wait a little more.., You'll see... My SECRET GARDEN...💖 🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷 Something great and amazing is planted inside.., Although I still can't see anythin...