Chapter 04🌼 - "OUT OF MY MIND"

83 12 6
                                    

🌹§ÈÇRȆ GÄRÐÈñ🌷

_______________________________________

■■(Jungkook's POV)■■

කලින් දවසේ සාරන්ග්ව බලන්න ආපු වෙලාවෙදී අපි තියලා තිබුණු කහ පාට මල් බොකී එක වේලිලා ගිහින් තිබුණු නිසා මං ඒක පැත්තකින් අයින් කරලා තියලා මං මගේ පුංචි කෙල්ලගේ අතේ තිබුණු ගෙදරින් කඩාගෙන ආව රෝස මල් දෙක තුන., දූ එයාගේ අත් දෙකෙන්ම සාරන්ග්ගේ සොහොන් කොත උඩින් තිබ්බේ., පොඩි කාලේ ඉදන්ම තිබුණු පුරුද්දටයි. තාමත් කිසිම දෙයක් ඒ හැටි තේරුමක් නැති මගේ දෝණි ඒ මල් ටික සොහොන උඩින් තියලා මාත් එක්කම ආව ජීමින් හ්යුන්ග් ගාවට දුවන් ගියේ., ලොකු හිනාවකුත් එක්කමයි. කොහොමත් මං ඇරුනු කොට අපේ හ්යුන්ග්ලගෙන් දූ වැඩිපුරම එකතු ජීමින් හ්යුන්ග් එක්කයි. කාර් එක ළඟට වෙලා අපි දිහා බලාගෙන හිටිය හ්යුන්ග්., දූ එතනට දුවන් යද්දිම එයාව වඩාගෙන ටිකක් එහාට ගියේ මට සාරන්ග් එක්ක නිදහසේ කතා කරන්න ඉඩ සලස්වන්න වගෙයි.

"සාරන්ග් ඔයා සතුටින් නේද මගේ මැණික... අපේ දූ ටික ටික ලොකු වෙනවා... ඒත් එයාට තාමත් හරි වැටහීමක් නෑ එයාගේ ඔම්මයි මෙතන ඉන්නේ කියලා... ඉතින් දූ ත් එක්ක තරහ ගන්න එපා හරිද..? ගෙදර කවුරුත් නැතුව ඉන්න එයාට මගේ හ්යුන්ග්ලා එක්ක ඉන්නවා තරම් තවත් සතුටක් නෑ... ඔයාට පේනවනේ මාවත් දාලා හ්යුන්ග් ගාවට එයා දුවන් ගියපු විදිහ... ඒ ආදරේට මං වගේම මගේ කෙල්ලත් ලෝබයි වගේ..."

මං සාරන්ග්ට එහෙම කිව්වේ හ්යුන්ග්ලත් එක්ක ඉද්දී මගේ කෙල්ලගේ මූණේ තියෙන ඒ ලස්සන ඩිම්පල් හිනාව මතක් වෙලා මගේ මූණටත් හිනාවක් එද්දියි.

"සාරන්ග්.., ඔයාට මතකද මං ඉස්සර ඔයාට කොච්චරවත් කියනවා මට ඔයාගේ වගේම ලස්සන ඩිම්පල් හිනාවක් තියෙන කෙල්ලෙක්ව ඕනේ කියලා... ඒත් ඔයා ඒ හැම වෙලාවකම රණ්ඩු වෙනවා ඔයාට ඔනේ මං වගේ හිනාව තියෙන කෙලි පැටියෙක් කියලා... ඒත් අන්තිමට මට ඔයා වගේම ලස්සන කෙලි පැටියෙක් මං ළඟට දීලා ඔයා දූගේ මූණ බලන්නෙවත් නැතුව ගියේ ඇයි සාරන්ග්... දන්නවද..? මට අඬන්නවත් බෑ... එතකොට මං දුර්වලයි කියලා මට හිතෙන්නේ... මට දුර්වල වෙන්න බෑ මගේ කෙල්ල වෙනුවෙන්... ඒත් වෙලාවකට මගේ හිත ගොඩාක් රිදෙනවා සාරන්ග්... ගොඩාක්ම රිදෙනවා... ඒ හැම දේකටම වඩා මට මගේ කෙල්ල ගැන හිතද්දි රිදෙනවා සාරන්ග්... එයාටත් කවදාක හරි අනිත් ළමයි වගේම ආදරේ ලබන්න., වගේම මේ ලෝකේ අහන්න පුළුවන් වේවි නේද කියලා හිතන කොට මට ඉවසන්න බෑ... මට උදව් කරන්න සාරන්ග්... අපේ දූටත් අනිත් ළමයි වගේම ඉන්න අවස්ථාවක් මට හොයලා දෙන්න මැණික... මං ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරයි... මට අද ඔයත් එක්ක ගොඩක් වෙලා ඉන්න බෑ සාරන්ග්... දූව doctor ට පෙන්නලා ජීමින් හ්යුන්ග් එක්ක තියලා මට interview එකකට යන්න තියෙනවා... එහෙනම් දුක් නොවී සතුටින් ඉන්න... සරන්ග්හේ නේ සාරන්ග්..."

🌷SECRET GARDEN🌷Where stories live. Discover now