| CHAPTER 01|

84 18 15
                                    

     මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ තීරණාත්මක අවුරුද්ද.. ගෙදරින් තිබ්බ බලකිරීම නිසාම, මම අද ටවුන් එකේ කැෆේ එකට ගියේ, මාව මැරි කරන්න ගෙදරින් බලපු පිරිමි ළමයව මුණගැහෙන්න...
   
     මැරි කරන අදහස්, මීට කාලෙකට කලින් හිතින් අයින් කරපු මට, කොල්ලො දකින එකත් ලොකු කලකිරීමක් වුණා... ඒත් මොනා කරන්නද?? මම පවුලේ එකම ගෑනු ළමයා හැටියට, අම්මලා කියන දේ මට අහන්න වුණා...

     මට දැන් අවුරුදු 28ක්... වගකීමක් දරන්න ඕන වයසක් හැටියට, මටත් ඕන වුණේ, මගේ පරණ හැම මතකයක්ම, මගේ හිතෙන් සදහටම මකලා දාන්න... ' ඒත්... එහෙම කරන්න පුළුවන්ද??
පුළුවන් වුණොත්, ඒක ලොකු පුදුමයක්.. '

     කැෆේ එකේ දොර ගාව ඉඳන්ම, ෆෝන් එකට ආපු කෝල් එක ආන්ස්වර් කරපු මම, දොරත් ඇරගෙන ඇතුළට ගියා...

" ඔයා කොහෙද?? මම ඉන්නෙ කැෆේ එක ඇතුළෙ.. "

" මම දොර ගාව.. මේ එන ගමන්.. ආහ්..මම ඔයාව දැක්කා ඔහොම ඉන්න... "

@thecoffeeshop

     එයාට තිබුණෙ කාර්‍යබහුල පෙනුමක්... වයස අවුරුදු තිහක විතර කෙනෙක්... අම්මා කිව්ව විදිහට, එයා පශු වෛද්‍යවරයෙක්... හොඳට සල්ලි හම්බකරන කෙනෙක්... මට සල්ලි ගැන ලොකු ආසාවක් තිබ්බේ නැති වුණත්, මීට කාලෙකට කලින් මේ රැකියාව එක්ක මට ලොකු මතකයන් ගොඩක් තිබ්බා.. අද මේ කෙනාව මුණ ගැහෙන්න ආවෙත්, මට ඒ ගැන දැනුණ අමුතු හැඟීම නිසා කියලා, මම හිතනවා...

" මගේ නම ඩැරන්... හමුවීම සතුටක්... "

     එයත් මම වගේ ගෙදරට නාකි වෙච්ච කෙනෙක් කියලා හිතුණා.. සමහර විට එයා, එයාගේ ජොබ් එක නිසා ගොඩක් කාර්යබහුල ඇති... මම හිතුවා..

     ඇත්තටම ගෑනු ළමයෙක් මුණගැහෙන්න ආවම, කථා කරන්න ඕන විදිය වත් එයා දන්නෙ නැහැ.. ඒ නිසා තමයි, එයා හමුවීම සතුටක් කියන්න ඇත්තේ... ඉස්සර මාත් එහෙමයි.. දැන් පවා සමහර වෙලාවට...

" මම හොඳින්... මගේ නම රියෑන්, ඔයාවත් හමුවීම සතුටක්... "

     මේ වගේ දෙයකට ප්‍රතිචාර දක්වන්නවත්, මම හරියට දැනගෙන හිටියේ නැහැ... මොකද ඒ දේවල් මම කවදාවත් නොකරපු නිසා... මම කොච්චර මිනිස්සු ආශ්‍රය කලත්, මට සිද්දවුණ දෙයක් නිසා, තාමත් මම හිතින් දුක් වෙනවා... ඒ බැඳීම් මොනවගේද කියලා දන්නෙ නැතුව ඒවා ඇති කර ගත්ත එක... ආදරේ කරන එක, එක දෙයක්... ඒත් කෙනෙක්ට ඇබ්බැහි වෙන එක තරම් පවක්, මම කරලා නැතුව ඇති...

|<| SILENT SCREAM |>|Where stories live. Discover now