| CHAPTER 06 |

52 11 11
                                    

" පුදුම..? කේලන් මේ ලෝකෙ ආසම නැති කෑමවලින් එකක් තමයි සුප් කියන්නෙ.. සුප් කිව්වත් වමනෙ යනවා ඉස්සර එයාට... "

" මොනවා..? ඔයා ඔය ඇත්තමද කියන්නෙ..??? "

" ඔව්.. එයා ඊයා ගාගත්තගමන් නම ඇහෙද්දිත්.. ඇත්තටම එයා මුකුත් කිව්වෙ නැද්ද සුප් එකට.. "

" නැහැනෙ.. මම රසද කියලා ඇහුවම ඔව් කියලත් කිව්වා.. "

" මටනම් බයෙත් බෑ.. එයා සුප් එකක් බීලා, වමනෙ නොදා හිටියා කිව්වම, මට අදහගන්නවත් බෑ.. "

" මම එහෙම එකක් දන්නෙ නැහැනෙ.. "

" ඒ යකා, සුප් බොන්නේ නෑ රියැන්.. මට හිතාගන්න බැහැ, ඇයි ඒකා සුප් එක බිව්වේ කියලා.. එක්කො එයා සිහියෙන් නෙවෙයි ඉඳලා තියෙන්නේ.. එහෙම නැත්තන් වෙන කෑමක් කියලා රැවටිලා... "

" නෑ නිකී.. එයා ඒක ඉවර වෙනකන්ම බිව්වා.. මුකුත් ඇහුවෙත් නැහැ.. "

" ආහ්...? මේකට මොනා වෙලාද..?? යකෙක්වත් වැහිලද..? ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මොළේ හෙල්ලිලා වගේ... "

" රියෑ......... න්..... "

     කේලන් උඩ තට්ටුවේ ඉඳන් යටි ගිරියෙන් මගේ නම කියලා කෑ ගැහුවම, බයවුණ මමයි නිකීයි පඩිපෙළ දිගේ කේලන්ගේ කාමරේට දිව්වේ බයෙන්...

@thekelan'sbedroom

" යා..හ්... මොන කෙහෙම්මලකටද මේකට සුදු ළුෑණු දැම්මේ...??? ඊක්කා... "

" හත්තික්කේ සුදු ලූණු..?? සුදු ළුෑණු කියලද කිව්වෙ..? හරි රියෑන්... දැන් බඩු බනිස්.. "

" සුදු ළුෑණු නොදා කවුද සුප් හදන්නෙ...?? අනික ඔයා මුකුත් කිව්වෙත් නෑනෙ කේලන්.. "

" ඔව් කිව්වේ නෑ... මොකද මම ඒ වෙලාවේ ඒවා තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑනෙ... මෙයා මේකට තව මොනවා දාලද දන්නෙ නෑ... ඊව්.. "

" දැන් උඹ කොහෙන්ද ඔය සුදු ළුෑණු කෑල්ල දැක්කේ..? "

" කෑල්ල..?? මොන කෑල්ලක්ද නිකී.. මේකි ළුෑණූ ගෙඩියක්ම දාලාද කොහෙද... මට තාම වමනෙට එනවා... "

" ගෙඩියක් දැම්මේ නෑ මම හරිද.. කෑලි දෙක තුනයි දැම්මේ... "

" මෙයාට සුදු ළුෑණු ඇලජික් රියෑන්.. සුදු ළුෑණු සුවඳටත් මෙයා වමනෙ දානවා.. හරි දැන් කේලන්, උඹ මොකද වෙනදා බොන්නේ නැති සුප්, අද බොන්න ගියේ..?? "

You've reached the end of published parts.

⏰ Last updated: Apr 15, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

|<| SILENT SCREAM |>|Where stories live. Discover now