| CHAPTER 04 |

34 10 41
                                    


" මොකක්..? මාත් එක්ක..?? මොකක් ගැනද..? "

" දැනගන්න ඕනනම් මම එනකන් ඉන්න.. "

" හරි හරි.. මේ කේලන් කෙල්ලව බයකරලා අහුවෙන්න එපා හරිද..? අපි ගියා එහෙනම්.. "

     නිකී එහෙම කිව්වම මගේ දිහා බලලා අමුතුවට හිනාවුණ කේලන්, නිකීට අත වැනුවා.... නිකී එතනින් ගියාට පස්සේ, මගේ අත තදින් අල්ලගත්ත කේලන්, මාව ඇදගෙන චේන්ජින් රෑම් එක ඇතුළට ගියා.. මේ මනුස්සයා මට මොනව කරන්න යනවද කියලා, මගේ හිත බය වුණත්, හැමවෙලාවෙම කේලන් මගේ දිහා බලන හැම බැල්මට මම ආස කළා... ඒක මොකද්ද කියන්න මමවත් හරියට දැනන් හිටියේ නැහැ..

@thechangingroom

     මාව රූම් එකේ තිබුණ බංකුවකින් මාව ඉන්දපු කේලන්, මගෙ අතෑරියා.. මට ටිකක් හිතට බය හිතුණෙ, කේලන් මගේ දිහා බලන් හිටපු බැල්මට....

     ඒ මදිවට එයාගෙ ඇඟිලි ටික, රතු පාටට මගේ අතේ පාර හිටලත් තිබ්බා... එයා ගෑනුළමයෙක් වගේ නම් නෑ පොඩ්ඩක් වත්... ඒ අත් හරිම ශක්තිමත්... ඒවගේම ගොඩක් ඇක්ටිව්... එයා නැත්තන් සමහර විට, අද අපි මැච් එක පරාදවෙන්න තිබ්බා...

" ඉ... ඉතින් මොකටද චේන්ජින් රූම් එකට මාව ඇදගෙන ආවේ??? "

" ඇයි..?? ඔයා බයද..? මේක ලේඩිස් චේන්ජින් රූම් එකක්.. ඔයා බය වෙන්න ඕන, මම ඔයාව ජෙන්ස් චේන්ජින් රූම් එකකට අරන් ගියා නම්නෙ.. "

" හරි හරි... ඇයි මාව එක්කගෙන ආවෙ කියන්නකො..? "

     මගේ ළඟට ඇවිත් දණහිස නවාගෙන, කේලන් බිමින් ඉදගත්තම, මගේ කට වැහුණෙ ඉබේටමයි... සෙල්ලම් කරලා, කේලන්ගේ මුලු මූණම වැහිලා තිබ්බෙ දාඩිය බිංදු වලින්... ඒ දාඩියට එයාගේ මුළු කොනණ්ඩෙම තෙත වෙලා... ඒනිසාම කේලන්ගේ තිබේබ හරිම සෙක්සි ලුක් එකක්...

     ' ඇත්තටම කේලන් වගේ කෙනෙක්ට අකමැති වෙන්න හේතුවක් තියෙනවද?? නැහැ, ඇත්තටම නැහැ.. ' කේලන්ගේ තියුණු ඇස් දෙක දිහා මම තව බලාගෙන හිටියනම්, මගේ හදවත එක ගැලවිලා අත් දෙක උඩට වැටෙනවා... ඒ තරම් වේගෙන් මගේ හදවත ගැහෙනවා...

" ඔයා දන්නවද කියුටී, දැන් මේ තැනට කාටවත් එන්න බැහැ කියලා.. ම්ම්..? මම කරන දේට පිටින් මෙතන ඉන්න කිසිම කෙනෙක් වැඩ කරන්නෙත් නැහැ.. ඉතින් දැන් ඔයයි මමයි විතරයි ඉන්නේ මෙතන.. "

|<| SILENT SCREAM |>|Where stories live. Discover now