chapter 24

162 31 0
                                    

මේ අතර  වෙළඳ ප්‍රධානීන් පිළිබඳව සෙවීමට ගිය කණ්ඩායමට නොසිතූ ආකාරයේ ප්‍රහාරයකට ලක් වීමට සිදු වුණා..ඔවුන් වෙළඳ ප්‍රධානීන්ගේ නිවාස පිහිටි ප්‍රදේශයට යන විට කොල්ලකරුවන් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වීමට ඔවුන්ට සිදුවුණා..ආපු ගමන පැත්තකින් තියලා හතර දෙනාම පණ බේරගන්න
දුවන්න වුණා...
ප්‍රධාන මාර්ගයෙන්ම දිගටම දිව ගිය හොත් ඔවුන්ට අසු වන නිසා පුළුවන් තරම් ප්‍රධාන මාර්ගය මගහැර කෙටි පාරවල් වලින් දුවන්න වුණා...කිසිදු හේතුවක් නැතුව මේ කොල්ල කරුවන් පිරිස මොවුන් පසුපස දිගින් දිගටම හඹා ගෙන එන්න වුනා....එම නිසා ඔවුන්ගෙන් ගැලවී මේ තරම් පහසු කාර්යයක් වුණේ නැහැ.....

❤:-අම්මෝ මට හති....

💗:-දෙයියනේ sportmeet එකේදි වත් මෙච්චර වේගෙන් දිව්වේ නෑ....

❤:-හම්මෝ ඇති යන්තම්...අර හොරුන්ට අපිව මගෑරිලා ද කොහෙද....

💗:-හොරුන්ට විතරක් නෙමෙයි..කුමාරයෝ දෙන්නටත් අපිව මග ඇරිලා වගේ...

❤:-අපොයි ඒ කියන්නේ....අපි දෙන්න අතර මං වෙලා....

💗:-එයාලා අපිව හොයාගෙන එයි නේද....

❤:-පිස්සුද...අපි එයාලව හොයාගෙන එනකන් එයාලා එතනට වෙලා ඉදී.....

💗:-ඒත් ඉතිං අතරමං වෙලා තියෙන්නේ අපි නේ.... අපි කොහොමද එයාල හොයාගන්නේ.....

❤:-ඔයාට අමතක වුනාද එයාල හිතන් ඉන්න අපි නිලධාරීන් කියලා....

💗:-අපොයි දෙයියනේ........ දැන් මොකද කරන්නේ

❤:-මොනා කරන්නද යමු ඉතින් දැන් එයාලා හොයාගෙන...

ඇත්තටම මේ හතර දෙනා  දුවපු දිවිල්ලට හතර දෙනාම අතරමං වෙලා.....කුමාරයා දෙන්න එක පැත්තකටයි නිලධාරීන් දෙන්න තව පැත්තකටයි තමා දුවලා තියෙන්නෙ...

🐺:-කවුරුන්ද අප පසුපස හඹා ගෙන ආවේ....

🐱:-මා හට නම් සිතාගත නොහැකි....ගුරුතුමා පැවසුවේ පොඩි රාජකාරියක් ගැන අන්තිමට අපට දුවන්නත් සිද්ද වුනා....

🐺:-ඔබ ඉතිං කොයි වෙලාවෙත් කුටියට වෙලා
සිහින ලෝකවල අතරමං වෙලා නේ සිටින්නේ...ඇත්තටම ඔබට දවස පුරාම සැතපිලා සිටිය හැකිද......නිදා ගන්නවා හැරෙන්නට ඔබට වෙනම කිසිම රාජකාරියක් නැද්ද...

Back To Present →Complete←Where stories live. Discover now