-01-

157 26 19
                                    

❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥

මගෙ ජීවිතේට ලස්සන මතකයක් දුන්නු ඒ දවසට අදට අවුරුදු ගාණක්.

හැම අවුරුද්දක් ගානෙම ඒ දවසට මේ අවන්හලට ගොඩවෙන්න මන් පුරුදු වෙලා.

අනේ මන්දා ඉතින් ගොනා ගොනාමනෙ කවදත්.

මම වගේම එයාත් දවසක එකට මෙතනට එන්න හීන දැක්කා.

අද  ඒ මනුස්සයා  ඉන්න තැනක් මන් නොදන්නවා වුණත් මගෙ පළවෙනි ආදරේ වුණ එයාව  අමතක කරන්න මට තාමත් බැරි වුණා.

ආතල් එකේ ඉදියට මොකද ලස්සන පාසල් ආදරේක ලස්සන මතක මාව අදටත් නොසෑහෙන්න රිද්දනවා.

අවුරුදු ගාණක් ගෙවිලා ගිහින් ...
මම අද  වෛද්‍යවරියක්...

අවන්හල ඇතුළට යද්දිම ඉස්සරහ මේසයක මට පිටිපස්ස හරවලා අසුන්ගෙන ඉදපු තරුණයෙක් දැකලා මගෙ හිත යන්තන් ගැස්සුනා...

අඩෝ ඕයි තෝ ආයි ගොනා වෙන්න හදන්නෙපා මන් මටම කියාගත්තෙ ඔලුවට තඩි ටොක්කකුත් ඇනන්.. ඒත් ඉතින් ඒ දවස්වල දුන්න පඩිටෝක්වලට හරියන්න මූ මෙතන නෙවෙ රට ගිහින් ඉන්නෝනි මේ වෙද්දි...

තඹ පාටට හුරු කොණ්ඩෙ මේ ඒ යකාම වෙන්න ඇති කියල මට බලාපොරුත්තුවක් ගෙනාවා...
ඒ යකා තමා ...

කතා කරනවද නැද්ද කියලා හිතලා හිතලා ඔන්නොහෙ වැදගත් විදියට එයාට අමතන්න මගෙ මොළේ මට උපදෙස් දුන්නා...

"excuse me... මන් හරි නම් මේ ශානක නේද..."

"what? නිශූ ඔයා...?"
නෑ බොල නිශාදි.. ඔහෙප්පලයන් මුගෙ ලොකුකම....

"අදුරගත්තා එහෙනම්..."

"වාඩිවෙන්න නිශූ.."

"ම්ම්.."

"ඉතින් දැන් කොහොමද  මැරි කරලද ඉන්නෙ"

හුහ් .. මුගෙ කතාව මන් හැටපැහිච්ච අම්මන්ඩියෙක් ගානට දාලා  නෙ...තාම පොඩි ළමිස්සියෙක් වගෙ ඉන්න මට මොන කසාදද... තාම අවුරුදු විසිහතයි...

" අනේ තාම නැහැ..."

"ම්ම් ... අපි මොනා හරි oder කරල ඉමුද..."

" හා හා..."
"මතකද අපි මෙතනට එන්න බලන් ඉදියා...."

"තාමත් මතකද...."
ඉදකින් භල්ලා... මන් මැරිලා ඉපදුනා කියලද මූ හිතන් ඉන්නෙ...
මූ මට නිශූ කියන එකේ මන් ශානු කිව්වාම මැරෙනවැ...

" ශානු... මගෙ පලවෙනි ආදරේ ඔයා එදායින් පස්සෙ මන් ආදරේ කලේ නැහැ......මන්....."

"නිශූ නවත්තගන්න .... ඒ දේවල් ඉවරයි.... අතීතය ඇතුළෙ තියෙන හිත රිදවන මතක තියෙන්නෙ අමතක කරල දාන්න මිසක් මතක් කර කර විදවන්න නෙවේ නිශූ.... "

සැක් මැදින් පයින්නැතුව ඉන්න බැරි හැටියක් මූට....

" හ්ම්ම්... ඒ කියන්නෙ "

" නෑ කීයටවත් නෑ.... "
" ඒක ලේසි නෑ නිශූ.... කොච්චර රිදුනත් ඒව හරි ලස්සන මතක ..."

"හ්ම්ම්..."
"දැන් කෝ ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්..." ඇහිබැමත් උස්සලා මන් ඇහුවෙ ඒ කතාව මග ඇරල දාන්න හිතාගෙන.....

" අනෙ අම්මේ...."
" ඔයාගෙන් පස්සෙ ඉදපු ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැ මට.... ඔයා ගියෙ මට ආදරේ එපා කරවලා ...."

හිත් පිත් නැති දෝශාරෝපණයක් ආයෙම මන් ඉස්සරහ....මන් කොළා මූට එපා කරවිල්ලක්... අනේ පලෑම්...හුහ්

"සමාවෙන්න...."

"පිස්සුද ඕයි....මන් ඒක කිව්වෙ නිකන්.... "

නිකන් නෙවෙ ඇදුම් ඇදන් ඉන්නෙ නේ...

"හ්ම්ම්"

"සොරි බන් ඉතින් ... අනේ මන්දා ...."

අනේ මන්දා තමා ආච්චිගෙ රෙද්ද..

"මොනාද අනේ මන්දා"

"තාමත් මගෙ හිත තේරුම්ගන්න බෑ මට. ඒක නෙවේ මේ තමුසෙ ඔය ඇස් කරකො කරකො හිතින් බනින ටික මට කියන්න බැරිවෙයිද"

"බෑ..."

"මේ අහන්න... තරුවක් කඩන් වැටුනට පස්සේ ඒක ආයෙම අහසින් තියන්න බැරිබව ඔයා දැනගන්න ඕනෙ... එච්චරයි.. ඉතින් එතනින් එහාට මන් මොකක්ද කියන්න ඕනෙ.."

"තරුවට ආදරේ බව කිව්වොත් නම් තරුවට පුළුවන් වේවි ආයෙමත් කලින් වගේම අහසෙ නොවුණත් ලස්සනට දිලිහෙන්න..."

"ඒ කොහොම වුණත් එදාත් අදත් මන් ඔය ඇස් ඇතුළෙ ආදරේ දකිනවා... දන්නවද ඔය ඇස්වලට බෑ මගෙ ඇස් දිහා කෙලින් බලන්න... ඔය ඇස් දිලිසෙනවා හතරවටේම නළියනවා.... ආදරේ ලැබුනත් නැතත් මේ තරුව ආදරෙන් ඉදීවි හැමදාම....."

හම්මො මදෑ....
මේන් මේකා කට පියාගෙන....
මටත් කතා කරන්න තරම් දෙයක් සිහියට නැගෙන්නෙ නැති නිසාම.... මන් තීරණය කළා ආයෙමත් ඒ ඇස් දිහා බලන් පරණ මතක අස්සට යන්න...
උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා.. මම ගොනා වුණා තමා ඉතින්..

❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥

vote,comment and share❤️

ѕє¢яєт ℓσνє❤️Where stories live. Discover now