-02-

76 21 18
                                    


❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥

අපි අපේ කතාව පටන්ගත්තෙ කවද්ද කියල දැනන් ඉදියෙ නැ.... මොකද අපි කියන්න කලින් දැනෙන්න ආදරේ කරපු දෙන්නෙක්....

ඒ වසරේ පළවෙනි වාරෙදි මේ ඇස් මන් දිහා හොරෙන් හොරෙන් බලපු වාර අනන්තයි.... නොදන්නවා වගේ හිටියත් මගෙ හිතත් ඇදිලා ගියෙ ඒ ඇස් දිහාවට.... මේ හිත කියන දේවල් අහලා වැරදෙන එක අහන්න දෙයක් යැ.

එහෙම ගෙවුණු ලස්සන පාසල් වාරෙකට පස්සෙ ඊලඟ වාරෙ පන්තිභාර මිස් මාව පන්ති නායිකාවටත් ඒ ඇස්වල අයිතිකාරයව පන්ති නායකයාටත් තෝරද්දි ... අපිට තවත් ළං වෙන්න ඉඩහසර හම්බුනේ අපිටත් නොදැනිම....

ඒ ඇස් මන් දිහා බලනවා කියලා මගේ පන්තියෙ අනිත් කෙල්ලන්ගෙ උකුසු ඇස්වලට හසුවෙද්දි එයා කිව්වෙ
" මන් බලන්නෙ අර ගහේ අත්තක ලස්සන කිරිල්ලියක් ඉන්නවා මන් ඒකයි ඔය පැත්ත බැලුවෙ..."

ඉතින් අසරණ ගොනා වුණු මම
මට වෙන්නැති නෙ කිරිල්ලි කියන්නැත්තෙ...
ඇත්ත ඉතින් ... කන්න තියෙන පලතුරු ටික මූණෙ ගාලා ඕක කියෝගන්න තමා මචං මාත් හැදුවෙ...

දවසක්
වොලිබෝල් ගහන්න ගිහින් එයා අත කඩාගද්දි නොපෙන්නුවට මගෙ හිතත් රිදුනා...
එදා විශේෂයි හුගක්...
ඇයි කියනවනම්...
එයාට මම නොසෑහෙන්න ආදරෙයි කියන හැඟීම මට තේරුනේ එදා....
ආදරේ බල්ලට දැම්මා නම් මන් ගොඩ..

සතියක් විතර අත බැන්ඩේජ් කරන් ඉද්දි පන්ති නායකයා වෙලා එයා කරන්න ඕනි වැඩ ටිකත් කියලා මගේ පිට පැටවිච්ච එකට නම් නොරිස්සුමක් තිබ්බෙ නැතුවාම නෙවේ...

"ඔයා හරියට එරිකා වගේ"

" ඒ කව්ද ඒ "

" Erica fernandes කියලා google search කරලා බලන්නකො"

ඒ එක දවසක එයාගෙ වචන....
වචනවලට පුළුවන්ලු ගානට දැලේ දාගන්න...

"බන් උබලා දෙන්නා හින්දා අපිට සීසන් ටිකට් ගෙදර ගිහින් බලන්න ඕනි නැ"
" බලන්නෙපැ පැණි හිනාව"

ඒ කාලෙ විකාශය වෙච්ච සීසන් ටිකට් ටෙලිඩ්‍රාමා එකේ අපේ පන්තියේ නිත්‍යා සමීර් අපි දෙන්නා...

හිස් කාලච්ඡේද පුරාවටම ඒ ලස්සන ඇස් දිහා බලන් ඉන්න මන් ඉබේම පුරුදුවෙද්දි
කාලය ගෙවීගෙන ගියෙ හිතනවටත් වඩා වේගෙන්...

වසරක් පාසා පැවැත්වෙන්න නියමිත වුණු ප්‍රසංගයට පුහුණු වෙන්න මුළු පන්තියම හවස පවා නැවතෙද්දි අපේ ආදරේ සමාජගත වෙන්න මහකාලයක් ඕනි වුණේ නෑ...

සති අන්තයේ දවසක ප්‍රසංගයේ පුහුණුවීම්වලට පාසලට ආපු අපේ පන්තියෙ ළමයි අතරින් මමයි මගෙ මිතුරියො දෙන්නෙකුයි නගරයට ගියෙ අපේ ඩාන්ස් එකට ඕනි වුණු මියුසික් ට්‍රැක් එක හදාගන්න හිතන්...
නගරය පුරාම කකුල් රිදෙනකන් ඇවිද්දත් කරුම වෙලාවට ඒ වැඩේ කරවගන්න විදියක් හමුවුණේම නෑ...
ඒ හින්දම වෙලාව යනවා නොදැනුනත් අපි වැඩේ අතෑරලා දාලා ආයෙත් පාසල ඇතුළට යද්දි...

"අනේ බන් මෙච්චර වෙලා මොකද කළේ... අපි උබ නෑ කිව්වා විතරයි උබේ සමීර් උගෙ යාලුවා එක්ක ගියා උබලව හොයන්න කඩාගෙන බිදගෙන... "

ඒ කියනකොටයි මගේ ඇස් ඔරලෝසුව දිහාට ගියේ...
පැය හතරක් ගෙවිලා අපි නගරයට ගිහින්...
එතකොට එයා...

දෙපාරක් නොහිතම මන් ආයෙම ගේට්ටුව දිහාවට ගියේ එයාව හොයන් එන්න හිතන්... මන් නිසා එහෙ මෙහෙ ගිහින් කරදරයක් වුණෝතින් මන් මට සමාව දෙන්නෙ කොහොමද කියන හැඟීම මට වද දෙන්න ගත්තේ සීමාවක් නැතුවම....

ගේට්ටුවෙන් එළියට යන්න හදද්දිම මුරට හිටි uncle...
"දැන් එළියට ගිහින් ආවා විතරයි නේද දැන් ඇයි ආයි යන්නේ...",

"නෑ මාමා අපි පරක්කු නිසා යාලුවෙක් අපිව හොයන්න ගිහින් ඒකයි බැලුවෙ.." කියලා ගේට්ටුවෙන් එළියට ආවා විතරයි ...
පාරෙන් එහා පැත්තේ ඔහු....

පාර මාරු වෙලා මගෙ ලගට ඇවිත් මගේ උරහිසින් අත තියලා දිලිසෙන ඇස්වල අයිතිකාරයා කියපු වචන තාමත් මට මතකයි...
"මෙච්චර වෙලා මොකද කළේ... ඔයා නෑ කියල කිව්වාම මන් කොච්චර බය වුණාද..."

ආයෙත් තාලෙට උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම ගොනා වුණා...

ඒ ඇස් මග ඇරලා නැවතත් පාසල ඇතුළට එද්දි...
මුර uncle ඇහුවේ මහා නෝන්ජල් හිනාවක් දාන්
"ආ මෙයාද අර යාලුවා..."

සත්‍ය ප්‍රේම වෘන්තාන්තයක් අස්සෙ ගේට්ටුවෙ මුරට හිටිය uncle තමා ඉතින් හොඳටම කළේ...

ලස්සන දවස් ඇහිපිල්ලමක වේගෙන් ගෙවිලා ගියත්...
විභාග දවස් නම් ගෙවුණෙම මහා පාලුවකින්...
මොකද කියනවනම් ඒ දවස්වලට මේ යකා නෙවේ මගෙ මූණවත් බැලුවෙ...

"අඩෝ නිශූ.... කෝල් එකක් ... දැන් පැය කාලක් තිස්සෙ මගෙ ඇස් දෙක දිහා කන්න වගේ බලන් ඉදියා මදෑ බන්..."

ලැජ්ජාව බාල්දියෙන් එකයි...පැය කාලක් ඉදියෙ කලින් කියන්න තිබ්බනෙ...

❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥

ѕє¢яєт ℓσνє❤️Where stories live. Discover now