❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥ශානුගෙ අදහසකට අනුව අපි ඊළඟ සෙනසුරාදාවෙ පාන්දරම පිටත් වුණේ නුවරඑළියට... යොනාල් වගේම නංගිත් එක්කන් යන්න වුණු එකට ශානුගෙ හිතේ වැඩි කැමැත්තක් නැති බව මට තේරුනේ නැත්තෙ නැහැ.... ඒ කාලෙ ඉදන්ම ඔහුට ඕන වුණේ නිදහසේ මන් එක්ක කතා කරන්න ...
ඩ්‍රයිව් කරන ඔහු දිහා කොච්චර වෙලාවක් බලන් ඉදියද දන්නෑ මම...
දැහැනකට සමවැදිලා වගේ ඉදපු මාව ගැස්සුනේ යොනාල්ගෙ දුරකථනයට ආපු ඇමතුමක හඬින්..."හෙලෝ ....ඔව් කියන්න දෙව් "
අතිජාත මිතුරියගෙ ඇමතුමක්....
දෙව් කියන නම ඇහෙද්දි ශානුට හිනා ගියේ ඒ කාලෙ දෙව්ගෙ මාස්ක් කඩන හැටි මතක් වෙලා වෙන්නැති... මොනා වුණත් ඒ කෙල්ලට දවසට මාස්ක් තුන හතර මාරු කරන්න සිද්ධ වුණේ මේ මනුස්සයාගෙ දාංගලේ නිසා නෙ...දුරකථන ඇමතුමෙන් පස්සෙ මෝටර් රථය නැවතත් නිශ්ශබ්දතාවයේ ගිලුන නිසාම මම ආයෙමත් මගේ මනෝලෝකයට පය තිබ්බා ඔහු දිහා බලාගෙනම....
නංගි නම් ගමන අරඹපු වෙලේ ඉදන් නිදි බවට සැක නැහැ... යොනාල්ගෙත් සද්දයක් නැති තැන මම කතා කරන්නයි හැදුවේ ශානු එක්ක...
මන් කටහඬ අවදි කරන්න හදද්දිම ඔහුගෙ කටහඬ මට වඩා ඉස්සර වුණා...
"නිදිමත නැද්ද...""නැහැ..."
"මේ.."
"ඇයි..."
"ඇයි තමුසෙ මාව හොයාගෙන ආවෙ නැත්තේ...ඔච්චරම ආදරේ නම්..."
"දන්නවද.... මන් ඔයාව අතෑරියේ ඔයා මගෙ නොවේවි කියලා දැනෙන්න ගත්තු පලවෙනි තත්පරේ ඉදන්.... ආදරේ කියන්නෙ අල්ලගන්න එක නෙවේ නෙ ශානු.... මට දැන් පුළුවන් දරාගන්න... කලින් වගේ අඬාගෙන ඔළුව ගහගෙන ඉන්නෙ නෑ මම...."
"අක්කේ තමුසෙ බොරු කියන්නෙපා ඕයි... අඬන්නෑලු... තමුසෙගෙ හොල්මනද ඕයි රෑට රෑට ඇඳට වෙලා අඬන්නෙ..."
නිදාගෙන ඉදියා කියලා හිතුවට නංගි හෙන මීටරෙන් ඉදලා තියෙන්නෙ එහෙනම්....මොනා වුණත් මෙහෙම චාටර් කරන එක නරක වැඩක් ....
"සමාවෙන්න නිශූ..."
"ඇයි..."
"එක අවුරුද්දක සිද්ධවෙච්ච දේවල් නිසා මන් ඒ ගැන කියව කියව ඉදපු නිසා තමුසෙ තාමත් දුක්විදිනවද සුදුමැණිකේ..."
YOU ARE READING
ѕє¢яєт ℓσνє❤️
Non-Fictionඅල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහො දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක් 🥀💖