❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥
ග්රෙගරි වැව ළඟ සීතල හුළඟ හිතේ තියෙන තිගැස්ම තව වැඩි කරන්න හේතුවක් වුණා...
පුංචි පුංචි සිත්තැවුල් සති ගාණක් මාව රිදවපු හැටි මගෙ මතකෙට ආවා...
ශානුගෙ වචනයක් වචනයක් ගානෙ හිත රිද්දගත්තු හිත සනසගත්තු වාර බොහොමයක් මගෙ මතකෙට ආවා...ඒ හැමවෙලාවකම මාත් එක්ක ඉඳපු මගේ අයව මට මතක් වුණා...
"අක්කේ ... බඩගිනී ඕයි...."
මතක අවුස්සමින් ඉඳපු මම ඒ ඇමතුමෙන් තිගැස්සුනා...
"හ්ම්ම්.. මොනාහරි කන්න යන් ඒනම්..."
නුවරඑළියෙ හුඟක් ලස්සන තැන්වල නොදැනිම දවසම ගෙවුණා...
නංගි වගේම යොනාල්ත් තෙහෙට්ටුවටම නැන්දලගෙ ගෙදරට ගොඩවෙච්චි ගමන්ම ඇඳට පැනලා නිදාගත්තා...
ශානුත් නිදි ඇති කියලා හිත කිව්ව නිසාම වත්තෙ බංකුවට වෙලා හඳ දිහා බලන් ඉඳපු මම ගැස්සුනේ නොදැනිම මන් ගාවට ඇවිත් ඉන්න ශානුව දැකලා...
"නිදාගත්තෙ නැද්ද..."
"නැ..."
"ම්ම්..."
"මොනවද ඔච්චර කල්පනා කරන්නෙ නිශූ...."
"හැම දවසක්ම එක වගේ නෑ නේද ශානු.... දෛවය හරි පුදුමයි....ඒත්.."
"ඒත් මොකක්ද....කියන්න ගිය දේ කියන්න නිශූ... "
"නැ නැ ඕන්නැ..."
"සුදු මැණිකේ.... මන් ඔයාට කියලා තියෙනවා කියන්න ගිය දෙයක් නොකියා නවත්තන්න පුරුදු වෙන්න එපා කියලා"
"ම්ම්හ්..."
"හදාගෙන හිටපු ලස්සන හිත මන් ආයෙම ඇවිස්සුවාද සුදු මැණිකේ..."
"ම්ම්... හිත් හදන්න පුළුවන් මැජික් බලයක් තියෙනවා පොත්වලට... පොත්වල පිහිටෙන් හදාගෙන ඉඳිය හිත ඇවිස්සුන බව ඇත්ත... ඒත් ඒකට ඔයාගෙ වැරැද්දක් නැ... "
"තරුව කඩාගෙන වැටෙද්දි අත්වැල් නොදුන්නට සමාවෙන්න සුදුමැණිකේ...."
මේ වගේ අවස්ථාවන් මඟහරින්න මන් එදා ඉඳලම හරි ආසයි... ඇයි කිව්වොත් ඒ ඇස් ඉස්සරහ වචන ගලපන එක හරි අමාරුයි....

YOU ARE READING
ѕє¢яєт ℓσνє❤️
Документальная прозаඅල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද බොහො දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක් 🥀💖