1

327 58 27
                                    

ඉර බැසගෙන යන සුන්දර සැන්දෑවක්. ජිවිතේ තවත් එක දවසක්. කාටත් නොදැනීම ගතවෙලා යන තවත් එක මොහොතක්. සුමුදු වෙරල තීරයේ වාඩි වෙලා ගල් පර වල රිද්මයකට වදින රල දිහා මම බලාගෙන හිටියේ ජීවිතයේ අරුමය මෙනෙහි කරමින්.

මේ රල කොයිතරම් අමුතුද? මුහුදේ ඈත කොනේ ඉපදිලා ගව් ගණනක් දුර ගෙවාගෙන ඒවා ගොඩබිමට ඇදිලා එන්නේ ගල් පර වල වැදිලා විනාශ වෙලා යන්නද?

මේ රල වලට කොයිතරම් නම් බලාපොරොත්තු තියෙන්න ඇතිද? ඒවා එක් ක්ෂණයකින් රළු ගල් පර වල වැදිලා සුනු විසුනු වෙලා යන්නේ කොයිතරම් අනපේක්ෂිත විදිහටද?

ඒ අවාසනාව.. ගොඩක් දෙනෙක් හිතන්නේ එහෙමයි. මිනිස්සුන්ගේ ජිවිත වල නොයෙක් බලාපොරොත්තු එක් මොහොතකින් බිඳිලා යනකොට ඒ අවස්තාවන් ශක්තියක් කරගෙන තව තවත් බලාපොරොත්තු පොඩි බඳින මිනිසුන් ඉන්නේ හරිම අල්පයි.

ඒ වෙනුවට වාසනාව අවාසනාව, ලැබීම නොලැබීම වගේ දේවල් වලට තමන්ගේ දෛවය භාර කරමින් බලාපොරොත්තු අත හැර ගන්න පිරිස් අපමණයි.

මේ රළ දකිනකොට මට නම් හිතෙන්නේ වෙන දෙයක්. රළු ගල් පර වල හැපී විනාස වෙලා යෑම ඔවුන්ගේ දෛවය නෙවෙයි. නමුත් සමහර විට මේ රල සිහින දකින්නට ඇති දුර ඉඳන් ඇවිදින් ගල් පර සිප ගනිමින් වෙරල කරා ඇදෙන්න. ඒ බොහෝ රල වල එකම අවිහිංසක බලාපොරොත්තුව වෙන්නට ඇති. ඒ නිසාම වෙන්නට ඇති නොනවත්වාම නැවත නැවතත් රල ගොඩබිමටම ඇදෙන්නේ.

මෙවැනි බලාපොරොත්තු වල නිමග්න වෙලා හිටි මට මගේම අතීතය ගැන සිහි වෙන්නට ගියේ බොහොම පොඩි නිමේශයක්.

මගේ අතීතය, මම නොනවත්වා පොදි බැඳපු බලාපොරොත්තු ගොන්න, එක් බොහොම ඈත වුනු දෘඩ ගල් පරයක් යන්තමින් හෝ ස්පර්ශ කරන්නට මගේ හිතේ තිබුණු අවිහිංසක ආශාවන් මාව වෙලාගනිමින් මගේ අතීතයට මාව රැගෙන් යන්නට වුනේ නිතැනින්මයි.

මම ජන් හෝසෝක්. මේ මගේම කිසිසේත් නොවිය හැකි වුනු මගේ ආදරය හඹා ගිය මගේම කතාවයි.

වසර 10 කට පෙර

මම ඔහුව මුලින්ම මගේ දෑස් දෙකෙන්ම දුටුවේ මීට හරියටම අවුරුදු දෙකකට කලින්. යන්තමින් අවුරුදු 16 වුනු මම ෂින්-හ්වා උසස් පාසලට වෙත මගේ පළමු පියවර තැබුවේ වෙනස්ම බලාපොරොත්තු රැසක් හිත දරාගෙනයි. 

My Teacher | SOPEWhere stories live. Discover now