5

160 54 42
                                    

සති අන්තයේ සිදුවූ සිදුවීම නිසාවෙන් සඳුදා දිනයේ ටේහ්යුන්ග් පාසලට නොපැමිනෙද්දී, කඳුලින් ඉදිමී ගිය නෙත් වලින් යුතු ජිමින්, මහත් පරාජිත බැල්මෙන් යුතුව ගණිත පන්තියේ පසුපස අසුනක වාඩි වී සිටිනු දැකීම මගේ සිත පාරවන දසුනක් වුනා

ජන්කුක් සර් පෙර පරිදිම ගණිතය පාඩම කරගෙන යද්දී මට ඉදිරිපස අසුනේ වාඩි වී සිටි ජිමින් මා වෙත කුඩා කොළ කැබැල්ලක් තල්ලු කරන්නට වුනා.

'සෙනසුරාදා බෝගම් සර් ජන්කුක් සර්ව ෂොපින් එක්ක ගියා කියන කතාව ගැන සැකයක් නැද්ද ඔයාට? ' ජිමින් කොළ කැබැල්ලේ ලියා තිබු පණිවුඩයට සැබෑ පිළිතුර අනුමාන කල හැකි මුත්, වේදනාවෙන් සිටින මගේ මිතුරා තවත් වේදනාවට පත් කරන්නට නොහැකි නිසාවෙන් කතාව වෙනතකට හරවන්නට මම උත්සුක වුනා.

'ඔයා ඇයි ජන්කුක් සර්ට කැමති?' මම මෙලෙස ලියා යැවූ කොළ කැබැල්ල දැක ජිමින් නළල රැලි කරගනු මට දැකගත හැකි වුනා.

'ඇයි එහෙම අහන්නේ ' ඒ ජිමින් ලියා ඒවා තිබුණු පෙරලා පැනයයි.

'නැහැ.. එයා ඔයාට වඩා වැඩිමල්. අනික ගුරුවරයෙක්. ඔයාගේ ගෙදර අය පවා මේ ගැන දැනගත්තොත් මොනවා වෙයිද ෂුවර් නැහැ. මට බයයි ඔයා ගැන. ඒකයි.'

මම මෙහෙම ලියද්දි ජිමින් මගේ නම කියා යන්තමින් හඬගසනු ඇසුනත්, ඔහුට අතින් සන් කරමින් නැවතත් මා ලිවීමේ රාජකාරියටම බහින්නට වුනා.

"ජන්ග් හෝසොක්.." ජන්කුක් සර්ගේ පන්තිය සිසාරා ගිගුම් දුන් හඬ නිසාවෙන් මා ඉබේම පුටුවෙන් එසවුනේ නිතැනින්මයි.

"පාඩම අහගෙන ඉන්නේ නැතුව ඔලුව ඩෙස් එකේ ඔබාගෙන මොනවද ලියන්නේ? K - SAT විභාගය මේ අවුරුද්දේ අවසානයේ වෙලත් මේ වගේ වැදගත් පාඩම් වලට මෙහෙමද අවධානය දෙන්නේ?" ජන්කුක් සර්ගේ කෝපාවිෂ්ඨ කටහඬ මගේ සවනත වැකෙද්දී මම නැවතත් ඔලුව බිමටම නවාගන්නට වුනේ නිතැනින්මයි.

"අද හවස ඉස්කෝලේ වේලාවෙන් පස්සේ නැවතිලා පිටු අංක 133 ඉඳලා 155 දක්වා තියෙන අභ්‍යාස ඔක්කොම කරලා මට පෙන්නලා තමයි ගෙදර යන්න ඕන. තේරුනාද?" ජන්කුක් සර් මෙහෙම කියද්දී මම හිස සැලුවේ වෙන කර කියාගතහැකි දෙයක් නොහැකි නිසාවෙන්.

My Teacher | SOPEWhere stories live. Discover now