7

200 53 23
                                    

හති හලමින් පාසල වටා ඇවිදි මුත් යුන්ගි සර්ගේ චායාවක් හෝ දැකගත නොහැකි තැන අවසානයේ මා නැවතුනේ ඔහුගේ පෞද්ගලික කාමරය ඉදිරිපිටයි.

යන්තමින් අඩවන් වූ දොරද විවර කරමින් ඉදිරියට ඇදුනු මා හට, පෙර දිනෙක මා දුටු සුන්දර දර්ශනය නැවතත් මගේ දෑස් ඉදිරිපිට දැකගන්නට හැකි වුනේ මගේ සිත අපමණ සොම්නසින් පුරවමින්.

වෙහෙසකර දිගු ඇස් පිය සොඳුරුව වැසී තිබුණු ඔහුගේ සෞම්‍ය මුහුණේ දඟකාර හිසකේ කෙළි සෙල්ලම් කරමින් තිබුනේ සුර දූතයෙකුගේ මෙන් පියකරු රුවක් ඔහුට අත් කර දෙමින්.

ඔහුගේ සිනිදු හිසකේ අතර මාගේ දෑත් යවන්නට කෙතරම් ආශාවක් නැගුනත්, ඒ සියල්ල යටපත් කරගනිමින් ඔහු ඉදිරියේ වාඩි වී ඒ පියකරු මුහුණ දෙස මා බලා සිටින්නට වුනේ වශී මායාවකට හසු වූ තැනැත්තෙක් මෙන්. 

මා ඔහු දෙස කෙතරම් වෙලාවක් බලා සිටියේද යන්න මටම නිනව්වක් නොමැති වුනේ ඒ රුව මාගේ හද සොරාගත් ආදරණීයයාගේම රුව වූ බැවින්.

කෙමෙන් කෙමෙන් තම විසල් දෑත් වලින් නිදිබර දෑස් පිරිමදිමින් මදෙස බැලූ ඔහුගේ ඒ කඩවසම් රුව, මා හැමදා වශීකෘත කරගත් ඒ ගැඹුරු හඬ අවදි කරන්නට වුනේ මගේ හදවත ප්‍රීති ප්‍රමෝදයෙන් කුල්මත් කරමින්.

"හෝසෝක්.... මේ වෙලාවේ? මොකද මෙහෙ කරන්නේ? සමාවෙන්න.... මහන්සියට මට ටිකක් නින්ද ගියා..." තවමත් නිදිබර ගැඹුරු ස්වරයෙන් ඔහු කියද්දී, ඒ හඬ සැමදා අසන්නට තිබුනානම් යයි මගේ හිත පැතුවේ නිතනින්මයි.

"ම්ම්.... මට සර්ට කියන්න වැදගත් දෙයක් තියෙනවා... ඒකයි ම.. මම... ආවේ" මම අදිමදි කරමින් කියන්නට වුනේ ඔහු ඉදිරියේ හැම විටම කෝල වන මාගේ රත්වූ කොපුල් දෑතින්ම වසා ගනිමින්.

"ම්ම්... වාර විභාගේ ගැන දෙයක්ද? නැත්නම් වෙන පාඩම් වැඩක්ද?" ඔහු කියන්නට වුනේ හිත් පිත් විරහිත තැනැත්තෙක් මෙන්.

"ම.. මම... ස.. සර්ට.. කැමති වුනොත්... ඒ...ඒ කියන්නේ... ආ.. ආදරයක් වගේ ඇති වෙලානම් මට සර් ගැන... " වසර ගණනක් මුළුල්ලේ හිතේ හංගා හිර කරගත් හැඟීම් ගොන්න මා ඔහු ඉදිරියේ තබන්නට වුනේ දොරේ ගලා යන ප්‍රීතිය මෙන්ම සිත් පතුලේ සැඟවුණු අපමණ බියකින්ද යුතුවයි.

My Teacher | SOPEWhere stories live. Discover now