4

171 51 45
                                    

සතියේ පාසල් දිනයන්හි වැඩි දවස් ගණනක් රාත්‍රී වනතුරු පාසලෙහි ගත කිරීම මගේ දින චරියාවේම කොටසක් වුනේ මගේ දෙමාපියන්ගේ කාර්යබහුල භාවය නිසයි. නිහඬ නිවසේ වැඩි හෝරා ගණනක් ගත කරනවාට වඩා පාලුවට ගිය පාසලෙහි නිස්කලංක පරිසරයේ හිඳිමින් පාඩම් කිරීමට මම වඩාත් ඇලුම් කළා.

වෙනදා වගේම අදත් රෑ හත පසු වන තෙක් පාසලේ රැඳී සිටි මම හෙමින් හෙමින් පාසල් පිවිසුම් මං තීරුව දිගේ ඇවිද යන්නට වුනේ රාත්‍රී සුන්දර අහස දෙසට නෙත් යොමමින්.

සරත් සමයේ හැලී ගිය වියලි කොළ සර සර ගානා ශබ්දය එතරම් දුර්ලබ නොවුනත්, මගේ පිටුපසින් ඇසෙන වියලි කොළ සහ කුඩා කෝටු කැබලි පොඩි වන ශබ්දයත් යන්තමින් ඇසෙන අඩි ශබ්දත් අහඹුවක් නොවන බවට තේරුම් ගන්නට මට ගත වුනේ නිමේශයක්.

ජන්කුක් සර් ගණිත පාඩම ආරම්භයේදී කී කතාව සිහි වීමත් සමහ සියොලඟම බියෙන් සලිත වුනු මම, මගේ අඩි වේගවත් කරමින් ඉදිරියට ඇදෙන්නට වුනේ මා පසුපසින් එන අඩි ශබ්දද ඒ සා ම වේගවත් වන සංවේදනයද දැනෙන මොහොතකයි.

නොබෝ වේලාවකින්ම පාසල් පටුමග දිගේ ඉමහත් වේගයකින් පණ බේරාගැනීමේ අභිප්‍රායයෙන් දිව ගිය මාගේ හදවතට යම් අස්වැසිල්ලක් වුනේ මදක් ඈතින් නතර කර තිබූ හුරුපුරුදු කුඩා නිල් පැහැ මෝටර් රථයත්, ඒ අසලම සිටි කඩවසම් රුවත් නිසාවෙන්.

මොහොතකට පෙර ජිවිතයේ බලාපොරොත්තු සියල්ල පසෙකලා මහමග සිටි කාමාක්ෂතයෙක්ගෙන් බේරීමට දිව ගිය මම, කඳුළු පිරි දෙනෙතින් යුතුව ඒ හුරුපුරුදු උණුහුම් පපුවේ නතර වුනේ අප්‍රමාන අස්වැසිල්ලකින්. තව තවත් ඒ උණුහුම පපු කුහර මතම මාගේ මුහුණ හෙවු මම, කිටි කිටියේ ඒ හැඩි දැඩි සිරුර බදාගත්තේ කිසිදා යලි අත්නොහරින්නට ශපථ කරමින්.

මාගේ සිත් සන්තානයේ ඇති අනිත ප්‍රාර්ථනාවන් වටහාගත්තාක් මෙන් ඔහු ඔහුගේ දැඩි සුවිසල් හස්තයකින් මාගේ හිස පිරිමදින්නට වුනේ මාගේ ඉකිබිඳුම් තව තවත් දරුණු වන ඇසිල්ලෙකයි. ඒ උණුසුම් පපුතුරෙහි ගුලි වුනු මම මාගේ හිස මත වුනු සංවේදනයද සමගින් කුඩා දරුවෙක් මෙන් නැලවෙන්නට වුනේ ආත්ම ගණනක් පාසා පතාගෙන ආ විලසින්.

My Teacher | SOPEWhere stories live. Discover now